Wednesday, February 5, 2020

ක්‍රිකට් සභාපති ශම්මි හිටපු සභාපති තිලංගට කොකා පෙන්වයි

 
ඉදිරි වසර අටක කාලය තුළ සංවිධානය කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සහ සෙසු ක්‍රිකට් තරගාවලිවල සත්කාරත්වය ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම්ව සිටිනවා. ක්‍රිකට් ආයතනය මුදලට තරග පාවාදීම් වැලැක්වීමට ක්‍රියා කරමින් ඒ සදහා පාර කැපූ බවයි එහි සභාපති ශම්මි සිල්වා පවසන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය 2024 වසරේ සිට 2031 වසර දක්වා වන වසර අට තුළ සංවිධානය කරන තරගාවලිවල සත්කාරත්වය සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
මෙම වසර අට තුළ පිරිමි, කාන්තා සහ වයස 19 න් පහළ තරගාවලි අට බැගින් තරගාවලි 24 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම තරගාවලිවලට එක්දින සහ විස්සයි20 පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි ද ඇතුළත් වේ.   
ශ්‍රී ලංකාවට කිසියම් තරගාවලියක සත්කාරත්වය ලැබුණ හොත් රජයෙන් ඒ සඳහා ලැබෙන බදු සහන ආදී පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා. ඒ සඳහා වර්තමාන රජයේ ප්‍රධානියකුගේ ආරාධනාව ලැබෙන තුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාව බලාසිටින බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා Lanka Sports News වෙත කියා සිටියා.  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් මේ වන විටත් තරගාවලිවල සත්කාරත්වය පිළිබඳව මැලේසියාවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු කියා සිටියා.
ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන මැලේසියානු ක්‍රිකට් ආයතනය සහ එහි රජය තරගාවලිවල සත්කාරත්වය ලබාගැනීමට වැඩි උනන්දුවකින් පසු වන බව වාර්තා වනවා. මැලේසියාව වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක සත්කාරත්වය ලබාගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවත් සදහන්.
වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2012 වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. මේ වන විට ශ්‍රී ලංකාව තුල මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත නීතියක් බවට පත්ව අවසන්.

No comments:

Post a Comment