මහනුවර ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම වෙනුවෙන් වසර තිහකට ඉඩමක් බදු ගැනීම සඳහා මල්වතු නාහිමියන්ට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 25ක් ක්‍රිකට් ඒඩ් හරහා ලබාදීමට ගත් උත්සාහයක් උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ බව පසුගිය වසරේ සැප්තැම්බර් 03 වැනිදා පැවති කෝප් කමිටුවේදී අනාවරණය වුණා. එම සුදු අලියෙක් ලෙස නම්වූ ව්‍යාපෘතිය යලි කඩිමුඩියේ ආරම්භ කිරීමට ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.
කෝප් කමිටුවේදී ව්‍යාපෘති සැලසුමට පෙර ඉඩම මිලදී ගැනීමට ඉක්මන්වීම ප්‍රශ්න කෙරුණා. මේ හේතුවෙන් ලබාගත් ඉඩමේ කිසියම් ඉදිකිරීමක් කඩිනමින් සිදුකර මහ මැතිවරණයට පෙර පෙන්වීමේ අවශ්‍යතාවක් තිලංග සුමතිපාලට ඇතිව තිබෙනවා. ඒ තමන් සභාපති සමයේ ක්‍රිකට් ආයතන මුදල් වැය කරනු ලැබුවේ අනවශ්‍ය කටයුතු වෙනුවෙන් නොවන බව පෙන්වීමටයි.
මේ අනුව මෙම යෝජිත ක්‍රිකට් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කුප්‍රකට දූෂිත ඉදිකිරීම් ආයතනයකට ලබාදීමට තීරණය වී තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතන සේවකයකු වන සුජීව ගොඩලියැද්ද පවත්වාගෙන යන ආයතනයටයි. ඔහු මීට පෙරද ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත්තු භාරගෙන කිසිදු ප්‍රමිතියක් නොමැති ඉදිකිරීම් සිදුකර කොමිස් කුට්ටි තිලංගට ලබාදුන් හිතවත් දූෂිතයෙක් බවයි ක්‍රිකට් ආයතන ප්‍රකාශයක් lankasportsnews වෙත කියා සිටියේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය ඉදිකර ඇත්තේ මෙම සුජීවගේ ආයතනයෙන්. වැසි දිනවල ප්‍රයෝජනයට ඝැනීම සදහා නිමවූ එහි පුහුණු පැති විකට්ටු වල පහතින් දැල් යෙදීම හේතුවෙන් පිතිකරුවන්ට පුහුණු විය නොහැකි අතරම පන්දු යවන්නන්ට පන්දු යැවීමටද නොහැකියි. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්තාවලදී පල්ලෙකැලේ ක්‍රීඩා පිටියට වැස්සෙන් භාධා ඇතිවිට භාවිතයට ගන්නේ මෙම ගෘහස්ථ ක්‍රීඩා පිටියේ කායවර්ධන ශාලාව පමණි. එවන් ඉදිකිරීම් අනගි පළපුරුද්දක් ඇති ගොඩලියැද්ද සමාගමට තවත් ව්‍යාපෘතියක් ලබාදෙන්නේ කොමිස් කුට්ටි හේතුවෙන්මයි.
මෙලෙස ගොඩලියැද්ද සමාගමට ක්‍රිකට් ආයතනය යටවී ඇත්තේ ක්‍රිකට් නිලවරනයේදි සුජීව ගොඩලියැද්දට ඇති ජන්ද 12 ක් හේතුවෙනුයි. මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හා උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති වන්නේ සුජීවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණන දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ විගණන වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රජයේ විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න කෝප් කමිටුව හමුවේ පැවසුවා ඔබට මතක ඇති. එහෙත් එය ආරම්භ වූයේ වෝහාරික විගණනයක් ලෙසයි. මෙලෙස වෝහාරික විගණනය හිටි හැටියේ විශේෂ විගණනයක් බවට පත්ව ඇත්තේ කෙසේදැයි බොහෝ දෙනෙකුට පවතින්නේ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුවට වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන කටයුතු අක්‍රමිකතා රැසක් මෙමගින්ද අනාවරණය වී ඇති බවයි. එවන් පසුබිමක හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සුවච කීකරු කුක්කා වන වත්මන් ලේකම් මොහාන් ද සිල්වා පවසන්නේ ක්‍රිකට් ආයතනයේ කිසිදු හොරකමක් හෝ දූෂණයක් සිදුව නොමැති බවයි.
ක්‍රිකට් ආයතනයට සභාපති ලෙස තිලංග සුමතිපාලගේ ආශිර්වාදයෙන් පත්වූ ශ්ම්මි සිල්වා මේ වන විට වෙනම ගමනක් ආරම්භ කර අවසන්. මේ හේතුවෙන් පුංචි බොරැල්ලේ තිලංග පාර්ශ්වය හා ඔහු සීතල යුද්ධයක නිරතවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සංවාදයේදී සභාපති ශම්මිට සුජීව බැණ වදිනවා.
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වීම නිසා එම ජවනිකාද ඔබව එසැනින් ගෙන ඒමට අප සැදී පැහැදී සිටිනවා. අහන්න මෙම ලීක් වූ හඩ පටය.
https://youtu.be/57mgxUCslXM
අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
No comments:
Post a Comment