Tuesday, February 11, 2020

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය විවෘත කිරීම ඇමති ඩලස් මගඅරී

2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශණ ඒකකය විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම මහතා මගඇර තිබෙනවා. මේ අනුව එය සිදුකළේ අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙනුයි. 2020.02.11 අගහරුවාදා වන අද දින ප.ව.3.00 ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ත ක්‍රීඩාගාරයදී මෙම කාර්යාලය විවෘත වුණා.

මෙම පනතට අනුව ප්‍රධාන වැරදි පහකට (05) වරදකරු වුවහොත් රුපියල් මිලියන 100 ක (රුපියල් කෝටි 10) දඩයක් හෝ වසර 10 ක සිරදඩුවමක් හෝ එම දඩුවම් දෙකම පැනවීමේ බලය අධිකරණයට හිමිව තිබෙනවා.
ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා ද, වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි’ ලෙස මෙහි සඳහන්ව ඇත.
“4 වන, 5 වන, 6 වන, 7 වන හෝ 8 වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති වරදක් සිදු කරන යම් තැනැත්තකු වරදකරු කරනු ලැබීමේ දී, රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතුය” ලෙස නව පනතේ 9 වැනි පරිච්ජේදයේ සඳහන් වනවා.
මෙම පනතේ පළමු පරිච්ජේදය “ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන වැරදි” ලෙස දැක්වෙනවා.
එහි 4. (1)(අ) යම් තැනැත්තකු විසින් හෝ යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තකු විසින් - (I) තමාට හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය හෝ වෙනත් යම් වාසියක් සිදු වන හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය අවාසියක් හෝ පාඩුවක් සිදුවන යම් ඔට්ටු ඇල්ලීමක, සූදු ක්‍රීඩාවක හෝ වෙනත් යම් ක්‍රියාකාරකමක නිතර වීමේ හේතුවෙන් යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් දූෂිත වන බව දනිමින් ඒ ඔට්ටු ඇල්ලීමෙහි, සූදු ක්‍රීඩාවෙහි හෝ ඒ ක්‍රියාකාරකමෙහි නිරත වන්නා වූ. ලෙස සඳහන්.
“යම් ක්‍රීීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් හා සම්බන්ධ නිලධරයකු, තේරීම්කරුවකු, ක්‍රීඩා කළමනාකරුවකු, කමිටු සාමාජිකයකු, ක්‍රීඩා පුහුණුකරුවකු පුහුණු කරන්නකු, සම්භාහකයකු, භෞතචිකිත්සකයකු, වෛද්‍ය නිලධරයකු, පරිපූරක වෛද්‍යසේවකයකු, විනිසුරුවකු, තරග විනිශ්චයකරුවකු, තරග තීරකවරයකු, ක්‍රීඩාංගණ භාරකරුවකු, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩාංගණ කාර්ය මන්ඩල සාමාජිකයකු හෝ ක්‍රීඩාපිටි කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩා හවුල්කරුවකු සහ අනුග්‍රාහකයකු වන යම් තැනැත්තකු” මෙම පනතේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් ලෙස සළකනවා.
ඇතැම් වැරදිවලට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව යටතේ නඩු පැවරීමට මෙම පනතෙන් අවසර ලැබී තිබීමත කැපී පෙනෙනවා.
කෙසේ වෙතත් මෙම පනත මගින් පළමුව වරදකරු වීමට ඉදිරියෙන්ම සිටින්නේ අමාත්‍ය තිලංග සුමතිපාල බවයි ඇතමුන් පවසන්නේ. ඒ ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු ලංකාව ලෝකයේ දූෂිතම ක්‍රිකට් සහිත රට බවට ක්‍රිකට් ආයතනයේ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් කාලය පත්කළා. ICC ය මේ බව නිවේදනය කළ පසු ඔහු ඊට එරෙහිව කිසිවක් නොකිරීම හරහා එය සත්‍යක ලෙස ලෝකයේ තහවුරු වුණා. 
මෙම පනත ක්‍රියාවට නැංවීම සදහා තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විදිමත් කමිටුවක් පත්කර නැහැ. එය කණගාටුවට කරුණක්.
2014 වසරේදී මෙම පනත සකස්කිරීම ආරම්භ වන විටම තිලංග සුමතිපාල එම ආන්ඩුවෙන් එලියට ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හොරා බව පවසමින්.
2015 වසර ආරම්භයේදීම පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වුණා. ඒ වන විට යහපාලනය ගෙනඒමට එලියට බැස මුදලින් විශාල සහයක් ලබාදුන් තිලංගට සන්තෝසමක් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවුණා. එමෙන්ම ඔහුට නියෝජ්‍ය කතානායකධූරත් ලබාදුන්නා.
යහපාලන රජයේ සෑම විටම ක්‍රීඩා අමාත්‍යධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තබාගනිමින් ක්‍රිකට් තිලංග සුමතිපාලට අවශ්‍ය ලෙස නැටවීමට අවස්ථාව ලබාදුන්නා. මේ හේතුවෙන් 2014 සකස්කර අවසන් වූ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතියක් බවට පත්වුනේ නෑ.
2018 වනවිට යහපාලනය අවසන්ව යලිත් රාජපක්ෂ යුගයක් ආරම්භ වන ලකුණු දුටු තිලංග සුමතිපාල විගසින් එම රජයෙන්ද එලියට බැස්සා. 2019 ක්‍රීඩා අමාත්‍ය ලෙස එක්සත් ජාතික පක්ෂය හරීන් ප්‍රනාන්දුව පත්කළා. ඔහු යටතේත් මෙම පනත යට ගසමින් කාලයක් සිටීමට තිලංග සුමතිපාල සමත්වුණා.
ක්‍රීඩා අමාත්‍යධූරය හා රාජ්‍ය බලයත් අහිමිවීමට පෙර නම ඉතිහාසයට එක්කිරීමට හරීන්ට අවස්ථාව ඇතිබව පෙන්වා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමත කිරීමට පාර පෙන්වූ නීතිඥ පණ්ඩුක කීර්තිනනදට ස්තූති කළ යුතුයි. එමෙන්ම රජයේ නාලිකාවක් වූ ITN නාලිකාවේ සේවය කළ හසිත අකලංක මාධ්‍ය සගයාටද එහි ගෞරවය හිමිවිය යුතුයි. ඒ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිලිබද හඩ අවධිකළ පළමු හා ප්‍රමුඛ මාධ්‍යවේදියා වීම හේතුවෙන්. ඔහුව ITN නාලිකාව දොට්ට දැම්මටද හේතුව නොබියව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලව විවේචනය කරමින් රට වෙනුවෙන් හඩ අවධිකිරීමයි. එය හසිතට ඔවුන් දෙදෙනාගෙන්ම ජීවිත තර්ජන එල්ලවීම දක්වා වර්ධනය වූ බව දන්නෝ දන්නා කරුණක්.

පෙර ලිපිය

ගෝඨාගේ කරමතින් එන්න හදන හොරු පාර්ලිමේන්තුව ඇල්ලීමේ සැලැස්ම



No comments:

Post a Comment