ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස්ට ක්‍රිකට් ආයතනයේදීම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සේවකයන් පිරිසක් පහරදීමට ගිය උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ සේවක අත්තිකාල දීමනා කප්පාදුවක් සිදුකිරීමට විරුද්ධවයි. කෙසේ වෙතත් මෙමගින් කළක සිට ක්‍රිකට් ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචාවක තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා පිටිය පරිපාලන සිදුකරන්නේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයයි. එම ක්‍රීඩා සමාජය පාලනය කරන්නේ ගොඩ්ෆ්‍රි දාබරේරා වීම හේතුවෙන් ක්‍රීඩා පිටිය වෙන්කිරීම ඇතුලු කටයුතු සිදුවන්නේ ඔහුගේ අනුදැනුම මතයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි හා පහසුකම් කළමනාකරු ලෙස ගොඩ්ෆ්‍රි දාබරේරා කටයුතු කරනවා. මේ හේතුවෙන් ඔහු කලක පටන් අපූරු ගේමක් ගසා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ ආශිර්වාද ඇතුවයි. එහෙත් මේ වන විට තිලංග හා වත්මන් සභාපති ශම්මි සිල්වා අතර පවතින සීතල යුද්ධය හේතුවෙන් මෙම අක්‍රමිකතාව කරළියට පැමිණියා.
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩා පිටියේ මෙතෙක් කළක් සේවයට යොදවා ඇත්තේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ සේවකයින්වයි. ඒ කිසිදු අවසරයකින් තොරවයි. මෙම කටයුතු වෙනුවෙන් මෙම සේවකයන්ට අත්තිකාල දීමනා ක්‍රිකට් ආයතනය ගෙවා ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරවයි. පසුගිය වසර කිහිපයේදීම එය කිසිදු ගැටළුවකින් තොරව සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ නව මානව සම්පත් කළමනාකරු ලෙස පසුගියදා තනේෂ් ඩයස් පත්වුණා. ඒ මෙතෙක් කළක් සිටි තිලංග සුමතිපාලගේ හිතවතෙක් ඉවතට ඇද දමමින්. මෙලෙස පත්වූ තනේෂ් වත්මන් සභාපති ශම්මි සිල්වාගේ සමීපතමයෙක්.
ඔහු පසුගිය කාලයේ සිදුවෙමින් ආ මෙම අක්‍රමිකතාව වැලැක්වීමට කටයුතු කර ඇත්තේ වත්මන් සභාපතිගේ බලය හිතට ගෙනයි. කෙසේ වෙතත් මෙම තීරණයෙන් පීඩාවට පත්වූයේ ප්‍රේමදාස ක්‍රීඩා පිටිය සැකසීමට අනියුක්ත සේවකයින්. ඒ කටුනායක ක්‍රීඩා පිටිය සැකසීමට කටයුතු කළ දිනවලට අදාල අත්තිකාල දීමනා හිටිහැටියේ කප්පාදු කිරීම හේතුවෙන්. සේවය කර වැටුප් නෑ. මෙතෙක් දිනක් සිදුකළ දේ මෙවර නොකිරීම ඔවුන්ට අදහාගත නොහැකි වී තිබෙනවා. සිය කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා යෙදවූ රාජකාරී ඉටුකිරීමෙන් පසු සේවයට අදාල වැටුප නොලැබීම මෙහිදී සිදුවුණා. ඉන් සේවකයින් කුපිත වී තිබෙනවා. ලොක්කන්ගේ ගැටුම් අපට වැඩක් නැතැයි පවසමින් ක්‍රිකට් ආයතනයට කඩා වැදුනු මෙම සේවකයන් සිය අත්තිකාල දීමනා ලබාදෙන ලෙස බලකර තිබෙනවා.
ගැටුමක් නොවී උණුසුම් තත්වය පාලනය වී ඇත්තේ එම අත්තිකාල දීමනා කප්පාදුව හකුලා ගැනීමට මානව සම්පත් කළමනාකරු එකගවීම හේතුවෙන්.
ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් බව අප කියන්නේ මෙවැනි අක්‍රමිකතා රැසක් සිදුවීම හේතුවෙන් පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තහනම් රැසක් පනවා තිබීම හේතුවෙන්. ගෝඨා භය පාලනය යටතේ හෝ මෙවනි අක්‍රමිකතා හෝ වලකිනු ඇත්දැයි බොහෝ දෙනෙකු බලාසිටිනවා.

No comments:
Post a Comment