අලු යට ගිණි - උපුල් තරංගට එක්දින නායකත්වය
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 17 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකත්වය උපුල් තරංගට ලබාදී තිබෙනවා. කපන්න බැරි අත ඉබීමක් ලෙසයි මෙය ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ. 2017 වසරේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ උපුල්ට එම වසරේදීම කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වුණා. ඒ කිසිදු හේතුවකින් තොරවයි.
මෙවර ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළත්ව සිටියද, ඩෙංගු උණ වැළඳීම හේතුවෙන් කමිඳුටද, ආබාධයක් හේතුවෙන් ශිරාන්ටද එම අවස්ථාව අහිමිවූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඔවුන් දෙදෙනා වෙනුවට කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රමට සහ තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වාට සංචිතයේ ස්ථාන හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නායකත්ව නම්කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබෙනවා. ඒ කණ්ඩායම යනු ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගන්නා පළමු පරීක්ෂණය විය යුතුයි. එහි නායකත්වයද මේ අනුව අනාගත ආයොජනයක් විය යුතුයි. තේරීම් කමිටුව මෙම නිර්ණායක තුට්ටුවකට මායිම් නොකර කණ්ඩායම් නම්කිරීම මෙරට ක්‍රිකට් කඩා වැටීමට මූලික වූ බව අමුතුවෙන් කිව යුතු නෑ. දැක්මක් සහිත රජයක් පත්වූ බවට පම්පෝරි ගැහුවත් එය ක්‍රියාවෙන් නොපෙන්වීම හාස්‍යට කරුණක්.
මෙවර ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර
No comments