ඈවරයි දෑවරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන්ව මිලට ගනී
බල්ලට ඇති වැඩකුත් නැත එහෙත් හිමින් ගමනකුත් නැත. එවන් බල්ලන්ගේ වැඩේ බූරුවන් කරන්නට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොදහැටි අනාගෙන ඇත. මෙතැන් සිට දිග හැරෙන්නේ එවන් පුරාජේරු ඇදබාමින් තමන් නැත්නම් කිසිවක් සිදු නොවන බව කියමින් යන පිරිසකගේ නිරුවතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය දිනෙන් දින ප්‍රසාරණය වීමට ගත්තේ කලක සිටයි. මේ වනවිට එහි සිදුවන සියලු කටයුතු මීට වසර කිහිපයකට පෙර සිදුකලේ දෙදෙනෙක් විසින්. එය පසුගිය වසර හතරේදී නිලධාරීන් 05 ක් දක්වා ඉහල ගියේ වැඩබැරි පුරාජේරුකරවන් රිංගා හත් අට ගුණයකින් මාසික වැටුප් වැඩිපුර ගෙවීමටත් සිදුවෙමිනුයි.
මෙම නඩේ ගුරා වී ඇත්තේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් අන්දරේ ලෙස හදුන්වන රජගෙදර කවටයාගේ භූමිකාවට පනපොවන ප්‍රසන්නයි. ඔහුව අන්දරේට උපමාකිරීමත් අපහාසයක් වනවා. ඒ අන්දරේ ඉතා බුද්ධිමත් ස්ථානෝචිත බුද්ධියෙන් විහිලු සැපයුවත් ප්‍රසන්න සපයන්නේ අමු ගොං මෝඩ විහිලු වීම හේතුවෙන්.
වරක් එක් මාධ්‍යවේදීයෙක් ක්‍රිකට් ආයතනය පිලිබද තොරතුරක් විමසූ විට ඔහු කියා සිටියේ එය නිවේදනයකින් ඉදිරියේදී නිකුත් කරන බවයි. තමන් ඒ පිලිබද නොදන්නා බවත් ඔහු කියා සිටියා. එහෙත් සිදුවීම පිලිබද තොරතුරු නොලැබුනු මාධ්‍යවේදීයා ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ඊට පිලිතුරු පසුදින ලබාගෙන තිබෙනවා. අනතුරුව එම පිලිතුර මෙම මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා යැයි කියා ගන්නා පුද්ගලයාට පවසා තිබෙනවා. එවිට ඔහුගේ පිලිතුර වී ඇත්තේ මම දෙන දේ කරනවාට වඩා කිසිවක් නොකරන බවයි. දෙන දේ කාල වෙන් දේ බලා කේලම්කීර්මේ න්‍යාය මෙයයි.
කණ්ඩායම නම් කිරීමේ හා මාධ්‍ය සාකච්ජා පිලිබද නිවේදන නිකුත් කිරීම පමණක් මෙම ඒකකයෙන් සිදු වනවා. එය සිදුකිරීමට යතුරුලියන්නෙක් හා ඊට උපදෙස් දෙන්නෙක් සිටීම ප්‍රමාණවත්.
එහෙත් ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය
කළමනාකරු - ප්‍රසන්න රොද්‍රිගු - මාසික වැටුප රුපියල් ලක්ෂ 02.25
ඔහුගේ ආවතේව සහයකවරයෙක් - මාසික වැටුප රුපියල් 60,000
චමිල කරවිට - මාසික වැටුප රුපියල් ලක්ෂ 01.10
සම්පත් තුෂාර - මාසික වැටුප රුපියල් ලක්ෂ 01.10
නිලූෂි - මාසික වැටුප රුපියල් 75,000
මම හරි උගතා මම හරි ජගතා කියන චමිල කරවිට සියලු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තමන්ට පිටින් කිසිවක් නොකරන බව පවසමින් උදේ සිට හවස්වනතුරු වටේ යන්නේ කැටේ පුරවා ගැනීමටයි.
සම්පත් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලැබුවද සේවය කරන්නේ ජාතික රූපවාහිනීයේයි. එමගින්ද නිදහස් මාධ්‍යවේදී දීමනාව ලබාගන්නා බව වාර්තා වනවා.
හිටපු සභාපති තිලංග සුමතිපාලගේ මාධ්‍ය කටයුතු කිරීම හා ඔහුගේ දේශපාලන මාධ්‍ය හමු පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම පමණක් සිදුකරන නිලූෂි ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලැබුවත් ඊට කිසිදු සේවයක් සිදු කරන්නේ නෑ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය කිසිදු සේවයක් නොකරන්නන්ගේ අම්බලමක් වී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරවය රැකගන්න වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන්ව මිලදී ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටිනවා. විදෙස් සංචාරයන්ගේ නිරතවන මාධ්‍යවේදීන්ට එම තරගාවලි ආවරණය වෙනුවෙන් මුදල් ගෙවීමට පසුගිය කාලය පුරා සිදුවන්නේ මේ අනුවයි. මිලදී ගැනීමට අවශ්‍ය මාධ්‍යවේදීන් නම් කිරීම හා අනුමත කිරීම ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන පොළොවට උඩින් යන බව සිතා සිටින ලේකම් මොහාන්ගේ හුරතලා සිදුකරන බව lankasportsnews වෙත වාර්තා වනවා.
මෙලෙස කටයුතු වද්දී ක්‍රිකට් ආයතනයට එරහිව පුවත් වාර්තා කරන ක්‍රික් ඒජ් වෙබ් අඩවියේ මාධ්‍යවේදීයා මාස 06 කට මිලට ගැනීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. මේ අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් මාස හයක් ඔහුට ලබාදීමටයි එකග වී ඇත්තේ.
මෙලෙස විදෙස් මාධ්‍යවේදීන් පවා මිලදී ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දේශීය මාධ්‍යවේදීන් ලබාදී ඇති පූර්වාදර්ශය අනුව යමිනුයි.
මෙම ජායාරූපය පළවන්නේ පසුගිය වසරේ ජුනි 30 වැනිදා මව්රට ජාතික පුවත්පතේ පළවූ ලිපියකින් උපුටා ගත්තකි. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආවරණය කළ ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් මුදල් ප්‍රධානයන් මෙහි දැක්වෙනවා.

No comments