ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෑත කාලයේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ නම් වූ රට ලෝකයා හදුනාගත් ප්‍රධානම දේ වූ බව නොරහසකි. ඒ 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම නිසාම නොවේ. 2018 වසරේදී ලොව දූෂිතම ක්‍රිකට් සහිත රට බවට පත්වීමත් සමගයි. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාලටයි. ඔහුගේ පාලන කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් මෙන්ම නිලධාරීන් 20 කට අධික පිරිසක් පිලිබද මුදලට තරග පාවාදීමේ සිදුවීම් විමර්ශන ආරම්භ කිරීම ඊට හේතු විය.
මෙවන් දූෂිත ක්‍රිකට් රටකට අඩුවක්ව පැවති දූෂණ අක්‍රමිකතා රැසක්ද පසුගිය වසරේදී එලියට ආවේ තිලංග සුමතිපාල ඇතුලු පරිපාලකයන්ගේ සලුපට උනා දමමිනුයි. සාමාණ්‍යයෙන් ක්‍රිකට් ආයතන මුදල් උපයන්නේ තරග විකාශන අයිතිය විකිණීමේන්. එලෙස විකුණූ විකාශන අයිතියට අදාල ගෙවීම ක්‍රිකට් ආයතනයේම සේවකයන් හරහා වෙනත් ගිණුම් වෙත මාරු කිරීමක් පසුගිය වසරේ වාර්තා වුනේ සියල්ලන් මවිත කරමින්. එවැනි උත්සාහයන් කිහිපයක්ම අනතුරුව ගෙන තිබුණා. මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට පරීක්ෂණයක් පවත්වනවා. ඒ ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන බන්ධනාගාර ගත කරමින්.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ඉතිරිව තිබූ අවසන් ක්‍රිකට් කීර්තියත් දියවී ඇති බව ක්‍රිකට් විකාශන අයිතිය විකිණීමේ ලංසු කැදවීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමෙන් පෙනී යනවා. දැන් කීමට ඉතිරිව ඇත්තේ, අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ! සාමදානේ සැතපේවා ! කියා පමණි.
වැඩ කරන විරුවා ලෙස පැමිණි ගෝඨා භය පාලනය තිලංගට බයවී ඇත්දැයි ඇසීමට සිදුව ඇත. කෝප් කමිටුවේදී මහා පරිමාණ වංචා පිලිබද අනාවරණය වී තිබියදීත් රජය හෝ අඩුම තරමේ ක්‍රීඩා අමාත්‍යවරයා ඇහැක් ඇර මෙම විනාශය දෙස නොබලන්නේ ඔවුන්ගේ ආන්ඩුවේ ඇමතිවරයෙක් ලෙස මෙහි මහ මොලකරු තිලංග සුමතිපාල සිටීම හේතුවෙන් විය යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේත් අනතුරුව යහපාලන කොඩිවිණ කාලයේත් දැන් ගෝඨාභය ජනපති යටතේත් බුකීපාල හෙවත් තිලංග ආන්ඩුවේ ප්‍රධාන තණතුරු දැරීම මුදලේ බලය හා දූෂණ නිරතුරුව සියල්ලන් අභිබවා ඉදිරියට එන බව සනාථ කර ඇත.
ක්‍රිකට් ආයතනය ඉදිරි වසර 03 සදහා පසුගියදා ලංසු කැදවනු ලැබුවා. එහෙත් ඊට කිසිවෙක් ඉදිරිපත්ව නැහැ. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යලිත් ලංසු කැදවීමට හෝ තරගාවලියෙන් තරගාවලියට ලංසු කැදවීමට සිදුවනවා. මෙමගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය තත්වය ඉදිරියේදී දැඩි අර්බුදයකට යනු ඇති බවයි. රජය වහා මැදිහත්ව ක්‍රිකට් පරිපාලන වෙනසක් කළ යුතු දිනය දැන් පැමිණ තිබෙනවා. එසේ නොවුනහොත් ක්‍රිකට් වලදැමූ කුටියට අවසන් පස් පිඩැල්ල දැමූ පාලනය ලෙස ගෝඨාභය පාලනය ඉතිහාසයට එක්වනු ඇති.
වීඩියාවේ තවත් තොරතුරු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිගමනට ඇද දැමූ පළමු පියවර මෙලෙස ආරම්භ විය.

No comments:
Post a Comment