Wednesday, February 26, 2020

බෝල අල්ලන්න ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොටට ගුවනින් - තවත් ක්‍රිකට් අක්‍රමිකතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරා මෙරට ජනයා මුලා කළා පමණක් නොව රාජ්‍ය අනුග්‍රහයෙන් මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුකළා. මේ හේතුවෙන් ලොව දූෂිතම ක්‍රිකට් රට බවට ශ්‍රී ලංකාව හැදින්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා. රටේ පාලනය වෙනස් වුවත් ක්‍රිකට් ආයතනයට ඉන් කිසිදු බලපෑමක් සිදුව නැහැ. මේ නිසාම ඔව්න් තවදුරටත් එහි ධනය නාස්ති කරමින් ඇත්තේ ඉවක් බවක් නැතුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වීමට නියමිතව සිටියේ මොහාන් ද සිල්වායි. එහෙත් ඔහු ලේකම් වී ශම්මි සිල්වා සභාපති බවට අවසානයේ පරිවර්තනය කිරීමට පරිවර්තන කේන්ද්‍රය නම් දේශපාලන භූමිය පුංචි බොරැල්ලේ පවත්වන් යන හිටපු සභාපති තිලංග සුමතිපාල කටයුතු කළා. එය මේ වන විට භූමරංගයක් වෙමින් ඇතැයි ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙක් lankasportsnews වෙත කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෙන්ම මෙහිදී ද සිදුවූයේ දොරටුපාලයා රජවීම බවයි පෙනී යන්නේ. වත්මන් සභාපති ශම්මිගේ බොහෝ කටයුතු හාස්‍යජනක අතර නාස්තිය හා දූෂණයෙන් පිරී පවතිනවා. එවන් ප්‍රවේශ පත්‍ර වංචාවක් පිලිබද අප මීට පෙර අනාවරණය කළා ඔබට මතක ඇති.


ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් හම්බන්තොට අද පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය නැරඹීමට කියා ගෙනගොස් වෙනත් බෝල ගැසීමකට සූදානම් වනවා. එහිදී බෝල ඇල්ලීමට හා හොදින් ඔප දැමීමට ඔවුන්ට කියාදීමටයි තීරණය වී ඇත්තේ. එම කටයුත්තට උඩ පැන සහය දීමට ඉදිරිපත් වී ඇත්තේ ජරාව නොහොත් පගාව ආහාරයට ගත් තරගාවලි සංවිධාන කමිටු කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දුයි. ලේකම්වරියන් පමණක් ගෙනගොස් ආරංචි වූවොත් ගෙදර ගෑනිගෙන් විසුමක් නොවන බව ඔහු සභාපතිට පවසා ඇතැයි සදහන්. මේ අනුව චාරිකාව නඩයක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව, ඔවුන්ගේ ලේකම්වරියන්, ආයතන සේවකයන් ඇතුලු 40 දෙනෙක් මෙම නඩය බවට පත්ව ඇතැයි වාර්තා වනවා. රත්මලානේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට විශේෂ කුලියට ගත් ගුවන්‍ යානයකින් මෙම පිරිස ගුවන් සංචාරයක් ලෙස යනු ඇති. මෙම එක් අයෙකු වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5500 ක් වනවා. එම සියලු බරපැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරණු ලබන්නේ මහා මූල්‍ය අක්‍රමිකතාවක් ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ සිට ජෝඩු දමා ජෝගි නටා නැරඹීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

රත්මලානෙන් උදෑසන 7 ට පිටත්වන ඔවුන් තරගය නිමා වූ පසු මෙම ගුවන් යානයෙන්ම යලි පැමිණීමට නියමිතයි. මෙය සංවිධානය කරන ට්‍රැවිස් ඊට අමතරව මෙම තරගාවලියෙන් අති විශාල කොමිස් කුට්ටියකට හිමිකම් කියන බව සුජීව ගොඩලියැද්ද පවසනවා. ඒ තරගාවලියට හෝටල් වෙන් කිරීමෙන්. එලෙස හෝටල් කාමර 75 ක් එක් දිනකට වෙන් කිරීම ඔහු සිදුකරන බව සදහන්. මෙලෙස ලැබෙන අති විශාල කොමිස් කුට්ටි හේතුවෙන් ඔහු පසුගියදා ටොයෝටා වර්ගයේ ජීප් රථයක්ද මිලට ගෙන ඇතැයි වාර්තා වනවා.

ලීක්වූ හඩපටය අහන්න පින්තූරය ඔබන්න


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගොඩබිමින් ගොස් හම්බන්තොට ක්‍රීඩා කරද්දී ක්‍රිකට් ආයතන නිලධාරීන් ඉවක් බවක් නැතුව මෙලෙස මුදල් වියදම් කරමින් උඩින් ගොස් තරගය නරඹා යලි පැමිණීම ආශ්චර්යක් නොවේද ? තරගය පැවැත්වෙද්දී ලේකම්වරියන් හොදට මහන්සි වී බෝල ඇල්ලීමෙන් පසු නිවෙස් වලට මහන්සියක් නැතුව පැමිණිය යුතු වීම මෙම තීරණයට හේතු වී ඇතැයි වාර්තා වනවා.

මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ක්‍රිකට් ආයතනයේ සිට ක්‍රීඩා පිටියට යෑමට ගතවන්නේ පැය 3 1/2 ක කාලයක්. මෙම ගුවන් ගමනින් එම කාලය විනාඩි 20 කට අඩු වී තිබෙනවා.

අවවාදයයි - කෙසෙල් කෑවාට කම් නැත තැන තැන ලෙලි දමා යන්න එපා.








No comments:

Post a Comment