මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද තමා වෙත පුද්ගලිකව ම කතා කළ බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් ලබාදුන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, මෙම සිදුවීම සම්බන්ධ ව වහාම පරීක්ෂා කර බලා අදාළ වාර්තාව අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ ගරු අගමැතිතුමන් වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බව ද, මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
No comments:
Post a Comment