• Breaking News

    ශම්මි හා තිලංග වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිලා - තවත් දූෂණයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරාම ලොව මවිත කරවන වැඩ කළ බව අමුතුවෙන් කිව යුතු නෑ. ක්‍රිකට් ආයතනය මුදල් කාබාසිනියා කරමින් නව රජයේත් හොද හිත දිනා ගැනීමට අපූරු වැඩක් කර තිබෙනවා. ජනාධිපති බාප්පට හා අගමැති තාත්තට ලංවීමට පහසුම ක්‍රමය වන්නේ නාමල් රාජපක්ෂයි. එය භාවිතා කිරීමටයි ක්‍රිකට් ආයතනය මෙවර කටයුතු කර ඇත්තේ.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වුණා. ඒ වසර පහකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එම ක්‍රීඩා පිටියේ නොපැවැත්වීමෙන් පසුවයි. එම කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ වත්මන් රාජපක්ෂ රජයේ ඇමති තිලංග සුමතිපාලයි. ඔහු පැවති යහපාලන රජයේ නියෝජ්‍ය කතානායකයි.

    කෙසේ වෙතත් බලය මාරුවන විට ඕනෑ පැත්තකට හෝයියා කියමින් බලය ලබාගෙන සිය දූෂණ අක්‍රමිකතා වසා ගැනීමට තිලංග රුසියෙක්. උඩින් තිලංග සුමතිපාල හා ශම්මි සිල්වා හොද නැතැයි පෙන්වමින් බොහෝ දෙනෙක් මුලා කරමින් සිටියත් තවමත් නොනිල සභාපති තිලංග බව කිව යුතුයි. ඔහු රූකඩ මෙන් වත්මන් පාලකයන් නටවමින් සිටිනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍ර 3000 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටයි. ඔහු එය හම්බන්තොට සිය ජන්ද දායකයන් අතර බෙදා දී තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ලබාගත් පිරිසට ක්‍රීඩාපිටියට ඇතුලු වීමට නිසිලෙස පහසුකම් හිමි නොවීමෙනුයි ගැටුම්කාරී තත්වය ඇතිව තිබෙන්නේ. අවසානයේ ක්‍රිකට් ආයතනයට සිදුවූයේ නිකම් දී ඉල්ලන් කෑමටයි.

    කෙසේ වෙතත් මෙලෙස පැමිණි පිරිසට පළමුව ගුටි පූජාවක් ආරක්ෂක නිලධාරීන්ගෙන් නොමිලේම සප්පායම්වීමට ලැබුණු අයුරු ඔබ දකින්නට ඇති. නාමල්ගේ පිරිසට ගුටි පමණක් දී පිටත්කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ. ඔවුන්ට නොමිලේ රාත්‍රී ආහාරයත් සැපයීමට ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර ඇත්තේ දින කිහිපයකට පෙරදීයි.

    සෙන්චූරියා හෝටලයට මෙම ආහාර ඇනවුම ක්‍රිකට් ආයතන කුප්‍රකට පහසුකම් සපයන්නා වන ට්‍රවිස් විසින්ම සිදුකර ඇතැයි සදහන්. මේ අනුව එක කෑම පාර්සලයක් රුපියල් 400 ක මුදලකට 3000 ක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සපයා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් නාමල් රාජපක්ෂට ලබාදුන් ප්‍රවේශ පත්‍ර සහිත පිරිසයි.

    එම සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරා ඇත්තේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් බව සදහන්. එම ප්‍රවේශ පත්‍ර ඇතුව ගිය පිරිසට පළමුව ගුටි සංග්‍රහයක් සිදුකිරීම තම ජන්ද පදනමට හා සිය කීර්තියට එල්ල වූ ප්‍රහාරයක් ලෙස නාමල් හදුන්වන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙනුයි රජය මෙම සිදුවීම පිලිබද කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට නියෝග කර ඇත්තේ.


    පැරැන්නෝ මේවාට කීවේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියායි. ඉන් තිලංග සුමතිපාල අමතර වාසියක් ලැබී තිබෙනවා. තමන් සිටියා නම් මෙවැන්නක් සිදු නොවන බව කීමට හා ඉදිරියේදී මෙවැන්නක් සිදු නොවීමට තමන් පරීක්ෂාකාරී වන්නම් කියා යලි නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට රිංගීමටයි.

    පෙර ලිපිය

    ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොට බෝල මිරිකද්දී පොලීසිය ප්‍රේක්ෂකයන්ගේ බෝල මිරිකලා - Video

    No comments