ක්‍රිකට් හොර ගුහාව පාර්ලිමේන්තුවට පයින්ගසා උපාලිට පිංපඩි දීලා
ක්‍රිකට් ඒඩ් ආයතනයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ගැන පුළුල් විමර්ශනයක් කරන්නැයි කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට පසුගිය වසරේ සැප්තැම්බර් 03 වැනිදා නියෝග කරනු ලැබුවා. මේ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව ලැබෙන තුරු ක්‍රිකට් ඒඩ් ආයතනයේ කටයුතු නවත්වන්නැයි කෝප් කමිටුව නියෝගයක්ද නිකුත් කළා.
මේ අතර ක්‍රිකට් ඒඩ් ආයතනයේ සේවකයාට බඳවා ගත් දිනයේ සිට අතීතයට බලපාන පරිදි වැටුප් ගෙවා ඇති බව ද එහිදී හෙළිවුණා.
එහි කළමනාකරු උපාලි සෙනවිරත්නට රුපියල් ලක්ෂ 39ක වැටුපක් ගෙවද්දී ඉන් සුබ සාධනය සඳහා වියදම් කර ඇත්තේ ලක්ෂ 24ක් පමණයි.
ක්‍රිකට් ඒඩ් ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නොමැති බව හෙළිවූ අතර ඒ, පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අවධානයට ලක්වුණා.
2017දී සිංගප්රුවෙන් ලද ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා රේගු ගාස්තුවලින් නිදහස් කරන්නැයි දැනුම් දුන්නත් ලක්ෂ 12ක් ඔවුන් රේගු ගාස්තු ලෙස ගෙවා ඇතැයිද එහිදී අනාවරණය වුණා.
නමුත් එම මුදල ගෙවා දැමුවත්, එම ආධාර තොගය රේගුවෙන් නිෂ්කාෂණය කර ගැනීමට ක්‍රිකට් ඒඩ් බලධාරීන් සමත් නොවීම පිළිබඳ කෝප් කමිටුවේ දැඩි අවධානයට යොමු වුණා.
මේ අතර මෙම වැඩසටහන මගින් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනු අවස්තාවේ එම අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් ජනතාවට ලබාදී ඇත්තේ රූපවාහිනී බවත් අප පසුගිය වසරේදී කෝප් කමිටුවට පෙරම අනාවරණය කළා.
එමෙන්ම එංගලන්තයේ විනෝද සංචාරයක් සදහාත් ඉන් මුදල් වැයකර ඇති බව අප සියල්ලන්ට පෙර අනාවරණය කළා.
මේ තවත් එවැනිම අනාවරණයක්. පාර්ලිමේන්තු කෝප් කමිටු නියෝග නොසලකා හරිමින් ක්‍රිකට් ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අමාත්‍ය තිලංග සුමතිපාලගේ බලපෑමට යටත්ව බවයි කියවෙන්නේ. මේ අනුව තිලංග උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වන්නේ ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වාට ක්‍රිකට් ඒඩ් වැඩසටහනේ කළමනාකරු උපාලි සෙනවිරත්නට නියමිත පරිදි මාසක වැටුප් ගෙවන ලෙසයි. එය එලෙසම ඉටු කිරීමට ලේකම්වරයා කටයුතු කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කෝප් කමිටු නියෝග තුට්ටුවකට මායිම් නොකරමින්. ඊට අමතරව ක්‍රිකට් ආයතනය ඔහුට වාර්ෂික ප්‍රසාධ දීමනාද ගෙවා තිබෙනවා.
වයස 60 පැන්න උපාලිට මෙලෙස කල්ල මරේ ලක්ෂ ගණන වැටුප් ගෙවීමක් සිදුකළද කිසිදු සේවයක් ඉන් ලැබෙන්නේ නෑ. මෙලෙස පිං පඩි ගෙවීම වෙනුවෙන් ඔහු සිදුකර ඇත්තේ ක්‍රිකට් ආයතන නිලවරනයේදි තිලංග සුමතිපාල කියනා පරිදි ජන්ද භාවිතා කිරීම හා අනෙකුත් සංගම් ප්‍රචාරක කටයුතු සිදුකිරීම බවයි තතුදත් ක්‍රිකට් ආයතන ප්‍රකාශයක් කියා සිටියේ.
අපගේ පෙර ලිපිය
No comments