Thursday, February 6, 2020

වැඩබැරි හෂාන් ? ක්‍රිකට් අනාගතය - ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණ

13 වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බිනෝනිහිදී පසුගියදා (03) පැවැති ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 152 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වුණා. මෙම පරාජය ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට මෙම පරාජයත් සමඟ පසුගිය තරගාවලියේ දිනාගත් ‘පළඟ’ ශූරතාව ද අහිමිවූ අතර ඒ අනුව මෙවර තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 16 න් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකාවට පපත්වුණා.
තරගයේ ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තා. 
මේ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් පළමුව පන්දුවට පහරදී ලබාගත් ලකුණු 280 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 31 කදී ලකුණු 127 කට සීමා වුණා.
ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් සිවුදෙනකු 11 වැනි පන්දුවාරය නිමා වන විට ලකුණු 67 කට ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමත් කැපීපෙනෙනවා.
කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරතවූ රවිදු රෂාන්ත එක් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දෙමින් සිටියදී ලකුණු 66 කට දැවී ගියා.
එංගලන්ත වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලුවිස් ගෝල්ඩ්ස්වර්ති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21 කට කඩුලු පහක් දවාගත්තා.
මෙම තරගයේ ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් යොදාගත් ආකාරය පිළිබඳව ගැටලු මතු යන අතර පළපුරුදු පන්දු යවන්නකු වන නවෝද් පරණවිතාන 45 වැනි ඕවරයේදී කැඳවීමට කටයුතු කිරීම ඊට කදිම නිදසුනක්.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ හෂාන් තිලකරත්නයි. ඔහුගේ නොහැකියාව තරගාවලියේ මෙවන් පරාජයක් උරුම වීමට හේතු වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.
පසුගිය වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව ඉන් දොට්ට දැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ ඔහු සමග තිබූ ගිවිසුම අමු අමුවේ උල්ලංඝණය කරමින්. මේ වන විටත් ඒ පිලිබද නඩුවක් පවතිනවා. 
කෙසේ වෙතත් එවැන්නක් මෙවර හෂාන් තිලකරත්නට සිදු නොවනු ඇති. ඒ රාජපක්ෂවරුන්ගේ බෝල මිරිකීම හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්කිරීමට දිය යට සිටි කෙනෙක් වීම හේතුවෙන් බවයි ඇතමුන් පවසන්නේ.  
මෙහි ඇති කණගාටුදායක සිදුවීම වන්නේ ජාතික කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව තෝරා දුන් පිරිස අතර සිටි දුර්වලම පිරිස ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට නම්කර තරගාවලියට එක්කර ගැනීමයි. එය සිදුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් හා ජාතික තේරීම් කමිටුවේ අවශ්‍යතාව මතයි.  දේශීය කනිෂ්ඨ ක්‍රිකට් තරග නොදකින මෙම ජාතික තේරීම් කමිටු සාමාජිකයින් එහිදී වැඩිපුර යැපෙමින් උපදෙස් ගන්නේ පුහුණුකරු හෂාන් තිලකරත්නගෙන් බව වාර්තා වනවා.
ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට ස්වාධීනව සැමට නීතිය එකයැයි ඔප්පු කිරීමට මෙය කදිම අවස්තාවක්. ක්‍රීඩා අමාත්‍යතුමනි කොන්ද කෙලින් තියන් පරීක්ෂණ සිදුකර පුහුණුකරු හැකිනම් ඉවත්කර පෙන්වන ලෙස අපි අභියෝග කරනවා.
ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට් හා දූ කෙලියේ යෙදීම දැන්වත් නතරකරන්න. ලොව වේගවත්ම පන්දුයවන්නා මෙම යොවුන් කණ්ඩායමේ සිටියදී මෙවන් පසුබෑමකට ලක්වීම ලොවක් මවිත කළ සිදුවීමක් වී අවසන්.

No comments:

Post a Comment