Tuesday, February 25, 2020

ICC දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා හදිසියේ කඩාපනී - Video

කෝප් කමිටුව නොමග යවමින් සිදුකළ වංචාවක තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙතැන් සිට දිග හැරෙන්නේ එම වංචාවේ තොරතුරුයි.

පසුගියදා පැවති කෝප් කමිටුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය අලෙවි කිරීමේ ලංසු කැදවීම නීති විරෝධීව සිදුවන බව තහවුරු වුණා. ඒ ලංසු කැදවීම අවසන් වන දින ලංසු භාරගැනීමට ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් එක්වන බව ප්‍රකාශවීමත් සමගයි. රජයේ නීතියට අනුව එවැනි කටයුතු සිදුකිරීමට ඔව්න්ට මැදිහත්විය නොහැකියි. එහෙත් ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ  රජය හෝ ජනපති තුට්ටුවකට මායිම් නොකරන බව පසුගිය කාලයේදීම අප පෙන්වා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රට බව පැවසූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පසුගියදා ( 2020/02/18 ) හදිසි නිරීක්ෂණයකට මෙරටට පැමින තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබද සිදුකරන පළමු ගණයේ පරීක්ෂණ 20 කට අධික සංඛ්‍යාවේ ඉදිරි කටයුතු කිහිපයකටයි. මෙහිදී ක්‍රිකට් ආයතනය කොලේ වසා ගැසූ සිදුවීම් කිහිපයක් තිබුණා. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ලංසු කැදවීමට සාමාජිකයෙක්ව ඉල්ලා තිබෙනවා. එවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊට නම්කර ඇත්තේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්වයි. මෙය හාස්‍යජනක මෙන්ම ගැටළු සහගතද වනවා.

හාස්‍යජනක වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව කියූ පමණින් දූෂණ අක්‍රමිකතා පිරුණු තැනක් සේ දැකීම හේතුවෙනුයි. ඒ අනුවයි ඔවුන් ලංසු භාරගන්නා අවස්තාවට පවා දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා අනියුක්ත කරන්නේ. ගැටළු සහගත වන්නේ ඇත්තෙන්ම මෙම අවස්තාවේ කිසියම් දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදුවූයේ යැයි කිසිවකු චෝදනා කරනු ලැබුවහොත් එය පරීක්ෂා කරන්නේ කව්රුන්ද යන්නයි. ප්‍රධානියා සිටි තැනක සිදුව ඇති විට එය පරීක්ෂා කිරීමට ඔහුට ඉහළින් කිසිවකු ඇත්තේ නෑ. එවිට එය සිදු කරන්නේ ඇලෙක්ස්ගේ දෙවනියාද නැත්නම් පියාද ?

ලංකාවේ සිටින්නේ හොරු නොව කම්බ හොරු බව තවම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තේරීම් ගෙන නැත. මහ දවල් වූ බැදුම්කර මංකොල්ලය මුලින් සාධාරණීකරණය කිරීමට පොත් ලියවුනේ පාද සටහන්ද ඇතුවයි. අනතුරුව එය පරීක්ෂා කර වාර්තාව නිකුත් වූ පසු මංකොල්ලය පාඩුවක් බවට පෙරලුණා. එම බෝලය තමන් වෙත එන විට සියල්ලන් ගොලුවන් වී ඇත්තේ රාජ නියමයට අනුවලු. එවන් ශ්‍රී ලංකාව ගැන තාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තක්සේරුව නම් සෝචනීයයි.


ඇලෙක්ස් මාෂල් පෙරේදා ගොස් හෙට ආයේ එනවාදැයි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා විමසූ විට ක්‍රිකට් ආයතනය ඊට පිලිතුරු ලබාදෙන්නේ එය සිදුකරන්නේ ICC එක කියායි. අනියුක්ත කිරීම ඔව්න් සිදු කලද ඊට වැයවන සියලු වියදම් දැරීම සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. මෙලෙස ගිය ගමන් එන්න, ගමන් දෙකක ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිවැය නිසි කළමනාකරණයක් තිබුණා නම් ක්‍රිකට් ආයතනයට කපාදැමීමට අවස්තාව තිබූ බව එහි ප්‍රකාශකයෙක් lankasportsnews වෙත කියා සිටියා.

වීඩියෝ එක 





No comments:

Post a Comment