ඇප මත සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන බේරා ගැනීමට එම ආයතනය තුලම සූක්ෂම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව එහි සේවකයෙක් lankasportsnews වෙත කියා සිටියා. එය හිටපු සභාපති තිලංග සුමතිපාලගේ අවශ්‍යතාව මත සිදුවන්නක් බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ තමා වෙනුවෙන් හොරකමේ ගොස් බෙල්ල මුලින් හසුවූ සහයකයෙක් වෙනුවෙන් සිදුකරන්නක් ලෙස පෙනී යනවා.
මෙම හිටපු මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන පසුගිය වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ( CID ) අත්අඩංගුවට පත්වුණා. ඒ ක්‍රිකට් ආයතනයේ මුදල් රුපියල් කෝටි තුනකට අධික මුදලක් සිය විදෙස් ගිණුමකට මාරුකර තිබියදීයි. ඒ සදහා දෙවන වර ගත් උත්සාහය මෙලෙස හසුවුණා. ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව මූල්‍ය අංශ ප්‍රධානියා වූ පියල් නන්දන අත්අඩංගුවට පත්වුණා. ඒ තිලංග සුමතිපාල ක්‍රිකට් පාලනය අවසන් කර නිසි බලධාරියෙක් හරහා ක්‍රිකට් පරිපාලන සිදුවූ කාලයේදීයි.
කෙසේ වෙතත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී සිදුවූ අඩුපාඩු හේතුවෙන් ඔහුව ඇපමත නිදහස් වුණා. මෙම නඩු කටයුත්තට මෙතෙක් බී වාර්තාවක් ඉදිරිපත් කර නැති බව වාර්තා වනවා. මෙම නඩුව මෙලෙස කරුණු වසන් කරමින් ඉදිරිපත් කර පියල්ව නිදොස් කර නිදහස් කර ගැනීම සැලැස්ම වී ඇතැයි සදහන්.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිඝණක තාක්ෂණ අංශය ආරක්ෂිත නොමැති බව පෙන්වීම බලාපොරොත්තුව වී තිබෙනවා. ඒ සදහා පසුගිය දිනවල සයිබ ප්‍රහාර කිහිපයක් එල්ල කර තත්වය පරීක්ෂා කර ඇතැයි ක්‍රිකට් ආයතනය පවසනවා. කෙසේ වෙතත් මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට පියල් යොදාගෙන තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අන්තර්ජාල පිවිසුම බව පරීක්ෂණ වලදී තහවුරු වුණා. එමෙන්ම ඊට කිසිදු පිටස්තර පාර්ශවයක් ඇතුලු වී නැති බව ක්‍රිකට් ආයතන පරිඝණක තාක්ෂණ අංශයේ ප්‍රධානි නදීශාන් සූරියආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තහවුරු කර තිබුණා.
කෙසේ වෙතත් මෙම වසරේ අවස්ථා කිහිපයකදී පරිඝණක අන්තර්ජාල පිවිසුමට අනවසරයෙන් ඇතුලු වීමට පිරිසක් උත්සාහ කිරීම හරහා පෙනී යන්නේ පියල් නන්දන නොව එම අවස්තාවේදීද බාහිර පාර්ශ්වයක් ඇතුලු වී ඇති බව කීමටයි. මේ අනුව එම පද්ධතිය වඩා සවිමත් කරන ලෙස නදීශාන් සූරියආරච්චි ක්‍රිකට් විධායක කමිටුවෙන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම ඇතුලත් ලිපිය පහත දැක්වෙනවා.
මේ අතර වඩා හාස්‍යම සිදුවීම වන්නේ වැඩ තහනමට ලක්ව වසරකට ආසන්න කාලයක් ලංවෙමින් ඇතත් මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන වෙනුවට වෙනත් අයෙක් බදවා නොගැනීමයි. එම තනතුරේ රාජකාරී ආවරණය සභාපති ශම්මි සිල්වාගේ හුරතලියක් වන මූල්‍ය අංශ කමලිකා ජයසේකර සිදුකිරීමයි. ඒ වෙනුවෙන් ඇයට වැටුප් වර්ධකයක් ලබාදී ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වන ලෙසයි. ඇය ඊට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රිකට් නිසි බලධාරියෙක් සිටි පසුගිය වසරේදී ශම්මිට තරගාවලි ප්‍රවේශ පත්‍ර ලබාදීම ඇතුලු අභ්‍යන්තර තොරතුරු ලබාදීම හේතුවෙන් බව ක්‍රිකට් ආයතන සේවකයෙක් lankasportsnews කළ විමසීමකදී කියා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බැංකු ගිණුම් 15ක් පවතින බව විශේෂ විගණන වාර්තාව මඟින් අනාවරණ කර තිබෙනවා. ඒ අතරින් පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන ගිණුම් 04ක් කවර අරමුණක් සඳහා කෙදිනක ආරම්භ වූවාදැයි හෙළිකිරීමට බලධාරීන් අසමත්වී ඇතැයි සදහන්. එම ගිණුම් 15 අතරින් පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන ඉතුරුම් ගිණුම් 03ක් සහ ජංගම ගිණුම් 02ක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. එම ගිණුම් අවුරුදු 02 සිට අවුරුදු 07 දක්වා කාලය තුළ අක්‍රීයව ඇති බවද වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි සදහන්. එමෙන්ම එලෙස භාවිත කළ ගිණුම් 04ක තොරතුරු මේ දක්වාම විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය අසමත්වී තිබීමත් කැපී පෙනෙනවා.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂ තිස්හය දහස් පන්සිය හතළිස් එකක මුදල වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ද මේ හරහා අනාවරණ වී අවසන්. එම මුදල බැර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා තරග විකාශය අයිතිය භාරව සිටි සෝනි සමාගම වෙත යොමු කළ ඊමේල් පණිවුඩ සියල්ලේම පිටපත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතාගේ ඊමේල් ලිපිනය වෙතද යොමුකර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගිණුමට බැර කරන ලෙස 2018 ජූලි මස 04 වැනිදා සෝනි සමාගම වෙත යොමුකළ ඊමේල් පණිවුඩයේ මෙන්ම එම මුදල් ක්‍රිකට් ආයතනයට අයත් නොවන වෙනත් විදේශ ගිණුමකට බැර කරන ලෙස ඊට දින 08කට පසු සෝනි සමාගම වෙත යොමුකරන ලද ඊමේල් පණිවුඩයේ පිටපත්ද ඈෂ්ලි සිල්වා මහතාට යොමුකර ඇති බවද පරීක්ෂණ හමුවේ අනාවරණවී ඇතැයි සදහන්. එබැවින් ඒ ආකාරයෙන් වෙනත් ගිණුමකට මුදල් බැර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන දිසානායක මහතා සහ ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතා සිදුකළ ලිඛිත ප්‍රකාශ පිළිගත නොහැකි බවද එම නිලධාරීන්ගේ මතය වී තිබේ.
වීඩියෝව බලන්න පින්තූරය ඔබන්න
තම නිල ඊමේල් ලිපින යොදාගනිමින් සිදුකළ මෙම ගනුදෙනුවේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත් තාක්ෂණික මෙවලම් සම්බන්ධ තොරතුරුද පරීක්ෂණවලදී අනාවරණවී තිබෙනවා.
පෙර ලිපිය

No comments:
Post a Comment