Friday, February 28, 2020

ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොට බෝල මිරිකද්දී පොලීසිය ප්‍රේක්ෂකයන්ගේ බෝල මිරිකලා - Video

විෂ්ක ප්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) පැවැත්වූ තෙවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතායෙන් ගොඩනැගුණු දැවැන්ත ඉනිම නිසා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී (දිවා රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 161 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් වුණා.


ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0 කින් ජය ලැබුවා. ශ්‍රී ලංකාව 2011 වසරේ සිට කොදෙව් පිලට එරෙහිව සහභාගි වූ එක්දින තරගාවලි තුනම ජය ලැබීම මෙහිදී කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකා පිල 1993 වසරේ සිට කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරග 16 කදී ලැබූ 11 වැනි ජය මෙය වන අතර කොදෙව් පිල තරග තුනකදී පමණක් ජය ලබා ගත්තා. ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර 1975 වසරේ සිට මේ දක්වා එක්දින තරග 59 කදී ශ්‍රී ලංකාව 28 වැනි මෙම ජය ලැබීමත් සමඟ දෙපිලේ ජයග්‍රහණ සංඛ්‍යාව සමවුණා.   

කෙසේ වෙතත් හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්දින ක්‍රිකට් තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට ටිකට් පත් මිලදී ගත්ත ද ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නිසි පහසුකම් ලබාදීමට ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වුණා. පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල පහර කෑමටද ක්‍රීඩාලෝලීන්ට මෙනිසා සිදුවුණා. 
මෙම තරඟය වසර පහකට පමණ පසු සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති දිවා රාත්‍රී තරඟයක් නිසා මේ තරඟය සඳහා විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් තරග නැරඹීමට පැමිණ සිටියා. මෙම ක්‍රීඩාංගනයේ 35000 කට එකවර තරඟ නැරඹීමේ පහසු කම් තිබේනවා යයි කිව්වද මෙම ක්‍රීඩා ලෝලීන්ට ටිකට්පත් රැගෙන පැමිණියද ඔවුන්ට ක්‍රීඩාංගනයට ඇතුළුවීමට විවෘත කර තිබුනේ ගේට්ටු දෙකක් පමණයි. එය පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් විශාල සංඛ්‍යාවට ප්‍රමාණවත් වූයේ නැහැ. එනිසාම ක්‍රීඩාලෝලීන්ට දොරටු අසල පොරකෑමට සිදුවුණා. දහවල් ගිනි රස්නියට තාර පාර රත්වී තිබීම හා ඇතිවූ අපහසුතාවට ඔවුන්ගේ ලේද රත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැහැ.

මෙම අවස්තාවේ ගතයුතු පියවර විමසීමට එහි රාජකාරී කළ පොලිස් නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් ඒ වන විට වගකිවයුතු කිසිදු ඉහළ නිලධාරීයෙක් ක්‍රීඩා පිටියේ නොසිටි බවයි එහි රාජකාරී සිදුකළ පොලිස් නිලධාරීයෙක් lankasportsnews වෙත කියා සිටියේ. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයෙන් නිලධාරීන් හා ලේකම්වරියන් ඇතුළු 40 කින් යුත් නඩයක් ඊට පැය කිහිපයකට පෙරම හම්බන්තොටට පැමිණ තිබුණා. ඒ කුලියට ගත් ගුවන් යානයකින්. ඔවුන් පිලිබද අප තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරීයාගෙන් විමසා සිටියා. එවිට ඔහු කියා සිටියේ ක්‍රීඩා පිටියේ නොව ඉන් පිටත හෝටල් කාමරවල ඔවුන්ට රාජකාරී තිබෙන්නට ඇති බවයි.

හම්බන්තොට පැමිණි ක්‍රිකට් ලේකම්වරියන් නිතර කට පිහ දමමින් සිටිනු තමන් දුටු බවත් එම නිලධාරීයා lankasportsnews වෙත කියා සිටියා. එය කියූ ආකාරයෙන් සිහිපත් වූයේ පුහුල් හොරා කරෙන් දැනේ කියමනයි.
 කෙසේ වෙතත් පිටියෙන් පිටත සිදුවූ මෙම  තදබදය හා පොලිස් පහරදීම සමග තත්වය පාලනයට STF කැඳවීම සිදු වුණා. එම අවස්ථාවේ කිසිදු වගකිවයුතු ක්‍රිකට් බලධාරියෙක් නොවීම හේතුවෙන් STF නිලධාරීන් ක්‍රීඩාංගණයේ දොරටු විවර කර ප්‍රේක්ෂකයන්ට කිසිදු පරීක්ෂාවකින් තොරව ඇතුළු වීමට ඉඩ ලබා දුන්නා.



මේ අතර නුවන් ප්‍රදීප් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ 39 වැනි පන්දුවාරයේ පන්දු තුනක් යැවීමෙන් පසුව මාධ්‍ය ගොඩනැගිල්ලේ වම් පස විදුලි කණු දෙකේ සහ ප්‍රධාන ක්‍රීඩාගාරයේ විදුලිය විසංන්ධි වුණා. දකුණු පස විදුලි කණු දෙකේ විදුලි බුබුළු දැල්වී තිබීම නිසා විදුලිය යථාතත්ත්වයට පත්වන තෙක් ක්‍රීඩකයෝ මිනිත්තු 15 ක් පමණ ක්‍රීඩාංගණයේ රැදී සිටියා. ක්‍රීඩා පිටිය වසර ගණනාවකින් ප්‍රයෝජනයට නොගැනීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. එමෙන්ම විදුලි බිද වැටීමකදී ගත යුතු පියවර වෙනුවෙන් කිසිදු පෙර සූදානමක් නොවීමත් මෙම තත්වයට හේතු වී තිබෙනවා.



විදුලිය විසංධි වන විට කඩුලු අටක් දැවී ලකුණු 184 ක් ලබා සිටි කොදෙව් ඉනිම නැවත තරගය ආරම්භ වී පන්දු හතරකදී අවසන් වීමත් කැපී පෙනෙනවා.

සමස්ථ තරගය පුරාම ක්‍රිකට් ආයතනයේ නොහැකියාව පෙන්නුම් කළා. කෙසේ වෙතත් ඇතිවූ මෙම ගැටළු පිලිබද සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ විශය භාර අමාත්‍ය ඩලස් අලප්පෙරුමට උපදෙස් ලබාදී තිබෙනවා. එහි පළමු පියවර ලෙස ඊයේ ( 27 ) ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඊට ක්‍රිකට් ආයතන විධායක කමිටු නිලධාරීන් සියල්ලන්ට අනිවාර්යයෙන් පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එහෙත් විධායක කමිටු සාමාජිකයින් දෙදෙනෙක් ඊට එක්ව නැහැ. ඉන් ක්‍රීඩා අමාත්‍ය ඩලස්ට ක්‍රිකට් ආයතනය ලබාදී ඇති තැන පැහැදිලි වනවා. එසේ තිබියදී මෙම සිදුවීම් පිලිබද ජාතියෙන් සමාව ගැනීමට සිදුවූයේ ක්‍රීඩා අමාත්‍ය ඩලස්ටයි.

මේ අතර මෙම සිදුවීම පිලිබද පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති ශම්මි මාධ්‍යවේදීයෙක්ට තර්ජනය කරනවා. ඒ ප්‍රශ්න නොඅසන ලෙසයි. නැත්නම් ඉදිරියේදී ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා. මේ වත්මන් ආන්ඩුවේ මාධ්‍ය මර්ධනයේ පැතිකඩක්ද ? කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය නිදහස් දිනයේදී ක්‍රිකට් ආයතනය දෙස බලා කීවේ ආන්ඩුව වැරදි පාරේ යන්නේ නම් පෙන්වාදීම මාධ්‍ය කළ යුතු බවයි. එසේ නම් කව්ද ඇත්ත කියන්නේ.
එම වීඩියෝව

මෙම සිදුවීමේ මාධ්‍ය වාර්තා කිරීම
Video එක බලන්න photo එක  ඔබන්න

අප අඩවියේ ප්‍රවෘත්ති හා සබැදි වීඩියෝ නැරඹීමට එම පින්තූර උඩ එබීම හෝ අපගේ youtube චැනලයට පිවිසෙන්න.
 https://www.youtube.com/channel/UCRb0fPhmaxk7u21Ta2x-e0A
පෙර ලිපි

බෝල අල්ලන්න ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොටට ගුවනින් - තවත් ක්‍රිකට් අක්‍රමිකතාවක්



ක්‍රීඩා ඇමති රටෙන්ම සමාව ගනී

No comments:

Post a Comment