• Breaking News

    ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 100 ක් යලිත් අතුරුදන් - බහිරවයා මෙන්න

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් කලින් කලට මහා පරිමානයෙන් අතුරුදන්වීම කලක සිට සිදුවනවා. රූපවාහිනී විකාශන අයිතියට හිමිවන මුදල් කෝටි 327 ක් එලෙස පසුගියදා අතුරුදන් වුණා. ඒ පිලිබද දුවගෙන ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කිරීමට ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා කටයුතු කළා. එහෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එය පැමිණිල්ල සිදුකළ ඈෂ්ලී ද සිල්වා දැනුවත්ව එය සිදුව ඇති බවයි. ඒ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම සිහිපත් කරමින්. මුදල් බෙදාගැනීම සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මෙලෙස පැමිණිලි කිරීමට හේතුවන්නට ඇති බව වාර්තාවන්නේ යැයි ක්‍රිකට් ආයතන සේවකයන් පවසනවා. මෙවර සිදුව ඇති සිදුවීමේ තොරතුරු රැසක් අප සතුයි.


    ඈෂ්ලී ද සිල්වා හා ඩයලොග් දුරකථන ආයතනයේ වෙළඳ අංශ සේවකයෙක් අතර ඇතිවූ සංවාදය මෙසේයි.


    ඈෂ්ලී - කොහොමද .....
    ඩයලොග් - කොහොමද Mr ඈෂ්ලී
    ඈෂ්ලී - ඩයලොග් කන්ට්‍රැක් එක ලබන 31 අවසන් වෙනවා. දන්නව නේද ඒක ?
    ඩයලොග් - ඔව් අපි දන්නවා. මතක් කලාට බොහොම ස්තූතියි.
    ඈෂ්ලී - රිනිව් ( මේ වසරටත් ) කරනවා නේද ?
    ඩයලොග් - අපි මේ පාර අයින් වෙනවා.
    ඈෂ්ලී - ඒ මොකද ?
    ඩයලොග් - දක්ෂතා මදි.
    ඈෂ්ලී - ගිය වසරේ ගෙවීම කළේ නෑනේ. ඒ මිලියන 147 කවදද කරන්නේ.
    ඩයලොග් - අපි දෙන්න තියෙන්නේ මිලියන 47 යි. ඇයි කලින් 100 ක් දුන්නේ.
    ඈෂ්ලී - කාටද දුන්නේ ? එහෙම එකක් ගිණුම්වල නෑනේ.
    ඩයලොග් - විහිලු කරන්න එපා.
    ඈෂ්ලී - පොඩ්ඩක් ඉන්න බලන්න.



    ක්‍රිකට් ආයතනයට ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදල මෙලෙස ගිණුම්වල දැක්වෙන්නේ නැත්තේ ඇයිදැයි ඈෂ්ලී ද සිල්වා අනතුරුව සොයා බලා තිබෙනවා. එවිට ලැබුණු පිලිතුරු අනුව එය නොදන්නවා ලෙස අමතක කර එය මේ වන විට ඇපමත නිදහස්ව සිටින පියල් නන්දනගේ ගිණුමට බැර කිරීමටයි උපදෙස් ලබාදී ඇත්තේ. එම උපදෙස් ලබාදී ඇත්තේ ක්‍රිකට් ආයතන හිටපු ප්‍රධානී තිලංග සුමතිපාල සැපයූ තොරතුරු වලට අනුව බව සදහන්.


    මෙවර සංවිධානය කළ ක්‍රිකට් සම්මාන රාත්‍රිය සදහාද ඩයලොග් ආයතනය අනුග්‍රාහකත්වය ලබාදී නැහැ. ඊට රුපියල් මිලියන 70 ක් ක්‍රිකට් ආයතනය වැයකර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිත දිනා ගැනීමට එය පළමු අවස්‍ථාව බවට ක්‍රිකට් ආයතනය පත්කරගෙන ඇතැයි සදහන්. ඒ මෙම සම්මාන රාත්‍රීයේ වියදමින් හරි අඩකටත් වඩා ලබාදී ඇත්තේ භාතිය සංතුෂ් දෙපලටයි.


    සැබෑවෙමින් මෙම මුදලට වූ දේ ක්‍රිකට් ආයතනය නිවේදනය නොකරන්නේ නම් අප ඉදිරිපත් කිරීමට සූදානම්. මේ අවස්ථාව ලබාදෙන්නේ වත්මන් නිළදාරීන්ට හා හිටපු නිළදාරීන්ට නැවත එම මුදල ගිණුම්ගත කිරීමටයි.

    පෙර ලිපි


    ක්‍රිකට් රුපියල් ලක්ෂ 327ට විද්දේ CEO දැනුවත්ව - වහාම නීතිය ක්‍රියාත්මක කරන්න - විගණනය

    No comments