Monday, March 9, 2020

පැයට රුපියල් 5000 සිට විකිනෙන ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙන්න - තවත් අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිංගික අල්ලස් මතම වැඩ සිදුවන ආයතනයක් බවට පත්ව ඇති බව පසුගියදා අප අනාවරණය කළා. එවැන්නක් සදහා පැකිලීමකින් තොරව උසස්වීම හා වැටුප් වර්ධක ලබාදෙන්නේ දූෂණ අක්‍රමිකතා සදහා නොමිලේ පුහුණුවක්ද ලබාදෙමින්. ලොව කාන්තා දිනය යෙදී තිබූ ඊයේ අප වෙබ් අඩවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේදී මුහුණදුන් අමිහිරි අත්දැකීම් අනාවරණය කළා. එහිදී පොරොන්දු වූ පරිදිම ලිංගික සේවයේ යොදවන ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිලිබද අනාවරණය අද දිගහැරෙනවා.


ලංකාවේ ලිංගික අවශ්‍යතා සදහා කාන්තාවන් මුදලට ලිංගික සේවයේ යෙදීම හා යෙදවීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එහෙත් රටේ සාමාන්‍ය නීතිය අදාල නොවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතියෙන් දඩුවම් ලැබිය යුතු මහා පරිමාණ දූෂණ වංචා හා අක්‍රමිකතා සිදුකරන්නා සේම ලිංගික සේවයට ක්‍රිකට් ක්‍රීඩිකාවන් යෙදවීමත් කළක සිට කරගෙන ගොස් තිබෙනවා.

දකුණු පළාත ශ්‍රී ලංකාවේ සුවිශේෂ සිදුවීම රැසකටම හිමිකම් කියන පළාතක්. රටේ වත්මන් ජනාධිපති හා අගමැති දකුණු පළාත නියෝජනය කරනවා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලිංගික සේවයට යොදවන්නේද දකුණු පළාතින් වීම කැපී පෙනෙනවා. ලංකාවේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නෑ. ක්‍රිකට් ආයතනය ක්‍රීඩිකාවන් ලිංගික සේවයේ යෙදවීමට භාවිතා කර ඇත්තේද එයයි. ඔවුන් සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල ප්‍රදේශයේ ආයතනයක් සියල්ලන්ගේ ඇසට වැලි ගසමින් පවත්වාගෙන යනවා. මේ පිලිබද ලිඛිතව ක්‍රිකට් ආයතන ඉහළ කළමනාකාරීත්වය දැනුවත් කළද පළක් නොවූ බවයි කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී අප්සාරි තිලකරත්න මහත්මිය පැවසුවේ. ඉන් සිදුවූ එකම දෙය පැමිණිලි කළ තමන්ට රැකියාව අහිමිවීම පමණක් බවත් ඇය කියා සිටියා. ඒ වන විට ඇය සිටියේ කාන්තා ක්‍රිකට් කළමනාකරු ලෙසයි. නව තනතුර නිර්මාණය කර යලි සේවයට ඇයව බදවාගෙන ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

දකුණු පළාත තුල ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන මෙම සම්බාහන මධ්‍යස්ථානය ක්‍රීඩිකාවන්ට ලිංගික සේවයට ලබාදීම කෙරෙහි පුහුණුව ලබාදෙන බවයි වාර්තා වන්නේ. එහි කළමනාකරු ලෙස කටයුතු කරන්නේ මාතර දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රසන්න ගලප්පත්තියි.


එහි සේවයට අකමැති ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමට පිවිසීමේ අවස්තාව අහිමි වනවා. එමෙන්ම මෙම සම්බාහන මධ්‍යස්ථානය පිලිබද පැමිණිලි කළ ක්‍රීඩිකාවන්ට මේ වන විට ක්‍රීඩා සමාජ මට්ටමින් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ මෙය ක්‍රියාත්මක කරන ක්‍රිකට් ප්‍රධානීන්ගේ බලවත්කම සැමට කියා පාමින්.


මෙම සම්බාහන මධ්‍යස්ථානය පිලිබද පළමුව පැමිණිලි කර ඇත්තේ දකුණු පළාත් ක්‍රිකට් පුහුණුකරු බ්‍රැඩ්මන් එදිරිවීර හා දිස්ත්‍රික් පුහුණුකරු ජීවන් ද සිල්වායි. ඔව්න් දෙදෙනාටම රැකියාව අහිමි වීමට වැඩි දිනක් ගතව නෑ. ඒ ක්‍රිකට් ආයතන ඉහළ නිළධාරීන්ද මෙම කටයුත්තට සහයවීම හේතුවෙන්. අලුත් ක්‍රීඩිකාවන් පැමිණි විට මුලින්ම මෙම මධ්‍යස්ථානයේදී ක්‍රිකට් ආයතන ප්‍රධානීන් ඉදුල් කරන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පැමිණිලි කළ මෙම පුහුණුකරුවන් දෙදෙනා හා අප්සාරිව දොට්ට දමා ක්‍රිකට් ආයතනය චෝදනාවට ලක්වූ ප්‍රසන්න ගලප්පත්තිට උසස්වීමක් ලබාදී තිබෙනවා. ඒ දකුණු පළාත් සම්බන්ධීකාරක නම් තනතුර නිර්මාණය කර මාසික වැටුප ලෙස රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක මුදලක්ද ලබා දෙමින්. ඉන් ක්‍රිකට් ආයතන ඉහළ කළමනාකාරීත්වය මෙම ලිංගික සේවය ලබාදෙන සම්බාහන මධ්‍යස්ථානය ඔවුන්ගේ අනුදැනුම ඇතිව සිදුවන්නක් බව තහවුරු වනවා.


වැඩකරන අපේ විරුවා යැයි කියා ගනිමින් පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට lankasportsnews.com අප අභියෝගයක් කරනවා. ඒ හැකිනම් ක්‍රිකට් ආයතන මෙම ලිංගික අල්ලස් හා වංචා දූෂණ නතර කිරීමට පියවරක් ගෙන පෙන්වන ලෙසයි. කුනම රජයක් පැමිණියත් 2015 වසරේ ආරම්භ වූ ක්‍රිකට් විනාශය නතර කිරීමට නොහැකි තරම් එහි රටේ හා ක්‍රීඩා දේශපාලනය පැලපදියම් වී මුල්බැස තිබෙනවා.


මේ හා බැදුණු පෙර ලිපි

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන විනෝද චාරිකාවේ රාත්‍රී බේබදු සවාරි





ඈෂ්ලී පිස්සු වැටුනේ මෙලනිගේ Back එකටලූ - ලේකම්වරියන්ගේ හම්බන්තොට ගුවන් ගමන - Video

No comments:

Post a Comment