Monday, March 2, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය පසුපස ඇති බුකීකරුවන්ගේ උපාය - විශේෂ හෙළිදරව්ව - Video

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය බුකීකරුවන් අනාගත ආයෝජනයක් ලෙස සිදුකළ උපායක් බව ඔට්ටු තබන්නෙක් lankasportsnews වෙත මෙලෙස අනාවරණය කළා. මෙම තරගයට පෙර අප වෙබ් අඩවිය බුකීකරුවන්ගේ තොරතුරු ජාලයට අනුව සිදුවිය හැකි වෙනස්කම් කිහිපයක් පිලිබද වාර්තා කළා. එහෙත් ඒවා ඉටු නොවීම පිලිබද අප මවිත වෙද්දී මෙම පුද්ගලයා ඊට හේතු ඉදිරිපත් කළේ අපව තවදුරටත් මවිත කරමින්.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය හැකි බව අප කියා සිටියා. එහෙත් අවසන් මොහොතේ තියුණු තරගයකින් පසු ලකුණු 06 ක ජයක් ශ්‍රී ලංකාව සතුවුණා. ඔට්ටු අල්ලන්නන් තරගයට පෙර වැඩිම පිරිසක් ඔට්ටු අල්ලා තිබුණේ ශ්‍රී ලංකාව ජයගනු ඇති බවයි. මේ හේතුවෙන් අප කියා සිටියේ ශ්‍රී ලංකාව පරාජය වීමට යන බවයි. එහෙත් වැඩිම පිරිසක් ජයග්‍රාහකයන් බවට පත් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා. ඉන් අප පුදුම වූ බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙහිදී බුකීකරුවන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි පලුදුව තිබූ ජයග්‍රාහී මානසිකත්වය විශ්වාසය ඇති කිරීමයි. අප හා දොඩමලු වූ ඔට්ටු අල්ලන පුද්ගලයා කියා සිටියේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ඔට්ටු අල්ලන්නන් අතර ජනප්‍රිය තරග නොවූ බවයි. මෙම ජයග්‍රහණයෙන් පසු නැතිව තිබූ විශ්වාසය ඔට්ටු අල්ලන්නන් අතර ඇති කිරීම බුකීකරුවන්ගේ අරමුණ බව ඔහුගේ විශ්වාසය වී තිබුණා.

මේ අතර තරගයේ කැපී පෙනෙන දක්ෂතාව ඇන්ජලෝ මැතිව්ස් දක්වනු ඇතැයි අප උපකල්පනය කළේ බුකීකරුවන්ගේ දත්ත වලට අනුව බව අප පෙර ලිපියේ කියා සිටියා. මේ අනුව ඔහු අඩුම ලකුණු 50 සීමව පසුකරනු ඇතැයි අප අනාවැකි පළකළා. පළමුව පන්දුවට පහරදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහුට හැකිවූයේ නෑ. මේ අනුව කටයුත්ත පන්දුවෙන් ඉටු කිරීමට ඔහු සමත්වුණා. ඒ කඩුලු 05 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයට තමන් සතුකරගනිමිනුයි. ඒ වෙනුවෙන් මෙම තරගාවලියේ පළමු වරට ඔහු පන්දුවාර 10 යම යැවීම කැපීපෙනෙනවා.

පල්ලෙකැළේ පැවති මෙම තරගයේදී ලකුණු 6 ක තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් අත්කර ගත්තා. අද (1 වැනිදා) රාත්‍රියේදී ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලට නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 301 ක් පමණයි.
දෙපිලම අනුගමනය කළේ ඉදිරි පෙළ කඩුලු රැකගනිමින් අවසන් කොටසේදී ප්‍රහාරය දියත් කිරීමේ උපක්‍රමයයි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙන්ම පන්දු යවන්නෝත් අවසන් පන්දුවාර 10 දී වඩාත් හොඳින් ක්‍රීඩා කළා.
40 වැනි ඕවරය නිමා වන තුරුත් කඩුලු 5 ක් අතැතිව තබාගැනීමේ වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු 88 ක් ලබාගනිමින් පන්දුවාර 50 දී ලකුණු 307 ක් ලබාගත්තා. ශ්‍රී ලංකා පිල මෙන්ම කොදෙව් පිලද පන්දුවාර 40 ක් අවසානයේදී ලබා සිටියේ ලකුණු 219 යි. එහෙත් අවසන් පන්දුවාර 10 දී කොදෙව් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82 යි. එය මෙම තරගයේ තීරණයට සෘජුව බලපෑ සාධකය වුණා.

ශ්‍රී ලංකා අවසන් ඕවර 10 න් ඕවර 3 ක් යැවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගැනීමත් එන්න එන්නම වැඩිවූ පීඩනය හමුවේ කොදෙව් පිතිකරුවන් තිදෙනකු දුවද්දී දැවීයාමත් සමග අනෙක් බුකීකරුවන්ගේ බලාපොරොත්තු හා ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවීමට හේතු වුණා.

අංක 8 පිතිකරුවා ලෙසින් පැමිණි වනිඳු හසරංග ලබාගත් ලකුණු 16 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 9 කට පමණක් වූවද අවසන් ඕවරයේදී ජේසන් හෝල්ඩර් හමුවේ ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නක්. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 කඩයිම පසුකර ගියේ එම හයේ පහරින්.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත්තා.



තරගයෙන් පසු මැතිව්ස් මෙලෙස අදහස් පලකළා



No comments:

Post a Comment