• Breaking News

    මුබාරක් හා චූලකගේ කතුරට කැපෙන රාජකීය කැපිල්ල

    මූණ බලලා හැන්ද මාරු කිරීම ලංකාවේ මුල් බැසගත් ප්‍රතිපත්තිය බව අමුතුවෙන් කිවයුතු නැහැ. එය මුදල් බලය, නෑදෑ හිතවත්කම් මත හා මව්වරුන්ගේ බලපෑම් මත ක්‍රීඩාවේදී ක්‍රියාත්මක වනවා. සුපිරි පැලැන්තියේ නොවීම හේතුවෙන් පාසල් ක්‍රිකට් පිටියේ සිදුවන එවැනි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රාජකීය කැපිල්ලක් අද lankasportsnews අනාවරණය කරනවා.


    ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 141 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන මාර්තු 12,13 හා 14 තෙදින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී පැවැත්විමට නියමිතයි. රාජකීයයන් තෙවිඳු සේනාරත්නගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර ශාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවන්නේ තෙවින් ඊරියගමයි.




    ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක් ව ඇත්තේ 1878 දී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර තරගයයි. එසේ වූව ද 1879 වසරේ සිට ආරම්භ වූ මෙම නිල් මහ සටන ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයේ දැක්වෙනවා.

    වසර 141ක සොඳුරු අතීතයකට උරුමකම් කියන නිල් මහා සටනේ අතීතයේ විරුවන් ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනයකරමින් මහාමන්‍ය ඩී. එස්. සේනානායක මහතා සහ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක යන අග්‍රමාත්‍යතුමන්ලා දෙදෙනා තරග කර ඇති අතර රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා හා ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රමාත්‍ය තුමා නිල් මහ සටන නියෝජනය කර තිබෙනවා.


    35 වරක් රාජකීය විද්‍යාලය නිල් මහ සටනින් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් විද්‍යාලයද පසුගිය වසරේ ජයග්‍රහණයත් සමග 35 වරක් මහා තරගය ජයගෙන තිබෙනවා. අවසන් වරට 2019 වසරෙදී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය ජයගෙන ඇති අතර 2016 වසරේදී ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් රාජකීය විද්‍යාලය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක කුසලානය තමන් සතු කරගත්තා. මෙම තරගය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙනවා.


    මෙම තරගය නැරඹීමට ලෝකය පුරා සිටින දෙවිදුහල් ආදිශිෂ්‍යන් පැමිණීම සාමාන්‍යයි. මෙලෙස කැපී පෙනෙන නිල් මහා සටනට ක්‍රීඩකයන් තේරීමේදී ද විශාල තරගයක් නිර්මාණය වී තිබෙනවා. පසුගිය වසරේ සිට කොළඹ රාජකීය විදුහලේ ස්ථානයක් හිමිකර ගැනීම එක්තරා පැලැන්තියකට පමණක් සීමාවී ඇතැයි වාර්තා වනවා. ලංකාවේ සිටින අදක්ෂම පුහුණුකරු ලෙස නමක් දිනා සිටින ජෙහාන් මුබාරක් ඊට පුරෝගාමියා වී ඇත්තේ එම පාසල් ක්‍රිකට් කමිටු සාමාජික චූලක අමර්සිංහ ද සමගයි. මවගේ රූපසම්පත්තිය හා නියෝජනය කරන පැලැන්තිය මෙන්ම දුප්පත් පෝසත්බව දක්ෂතාවට වඩා ක්‍රීඩකයන් සතු විය යුතු ගුණාංග ලෙස ඔවුන් දෙදෙනා තෝරාගැනීම් සදහා යොදාගන්නා බව වාර්තා වනවා.


    ඔවුන් දෙදෙනාගේ කතුරට කැපුනු ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන එක් ක්‍රීඩකයෙක් lankasportsnews අප තෝරා ගත්තා. ඒ මෙම ක්‍රීඩක සාක්ෂියෙන් පවතින මාෆියාව හොදින් පැහැදිලි කළ හැකිවීම හේතුවෙන්.


    මෙම ක්‍රීඩකයා වමත් ඉතා දක්ෂ පන්දු යවන්නෙක්. ඔහු 2018 වසරේ නිල් මහ සටනේදී ප්‍රථිවාදී ශාන්ත තෝමස් කණ්ඩායමේ කඩුලු 5 ක් දවාගැනීමට සමත්වනවා. එය ඔහු පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙවනි වසරේදී වීමත් කැපීපෙනෙනවා. එහෙත් ඔහුගේ අවාසනාවටදෝ පසුගිය වසරේ ක්‍රිකට් පුහුණුකරු වන්නේ ජෙහාන් මුබාරක්. මේ හේතුවෙන් 2018 වසරේ කැපීපෙනෙන ක්‍රීඩකයාට 2019 වසරේදී උරුම වන්නේ බංකුවයි. ඔහු වෙනුවට නම්කළ ක්‍රීඩකයා ඉනිම දෙකේදීම බින්දු ලබාගන්නවා. එමෙන්ම පන්දු යැවීමේදී පිත්තටම පන්දු යැවීමට (ෆුල්ටොස්) යොමුකිරීමත් කාගේත් කතාබහට ලක්වූ කරුණක්. මෙලෙස අප කථානායක ක්‍රීඩකයාට එතැන් සිට ඇරඹි කැපිල්ල මේ වන විට ඔහුට කණ්ඩායමේ ස්ථානය පවා අහිමි කර තිබෙනවා.


    මෙවර තරගාවලියට නම්කළ 17 දෙනෙක්ගේ සංචිතයට හෝ මෙම ක්‍රීඩකයාව නම්කර නෑ. ඒ වෙනුවට නම්කළ ක්‍රීඩකයා බෝක්කුවා ලෙස හදුන්වන පන්දු රැකීමට ඉතාම අදක්ෂ අයෙක් බව විද්‍යාලයේ ක්‍රීඩකයෙක් lankasportsnews වෙත කියා සිටියා. එහෙත් ඔහුට අප පෙර කී අමතර සුදුසුකම් ඕනෑතරම් ඇති බව වාර්තා වනවා. මේ අතර දෙවිදුහල් අතර පැවති මිනි බිග් මැච් තරගයේදී හෝ අප කතානායක ක්‍රීඩකයාට අවස්ථාව ලබා දී නැහැ. ඊට හේතු වී ඇත්තේ පවතින මෙම තත්වය පිලිබද රාජකීය විදුහලේ විදුහලපතිට පැමිණිලි කර වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමයි. ඒ විදුහලපතිට පැමිණිලි කිරීමෙන් පසු එය සිදුවීමයි.


    ජෙහාන් මුබාරක් ලංකාවේ සිටින දුර්වලම පුහුණුකරු ලෙස lankasportsnews හැදින්වීමට පහත කරුණු දක්වනවා.


    ශ්‍රී ලංකා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් සිටි MAS Active කණ්ඩායමේ පුහුණුකරු ලෙස මුබාරක් වැඩ ආරම්භ කළා. ඔවුන් අනතුරුව දැක්වූ ඉතා දුර්වල ක්‍රීඩා විලාශය හා ලැබූ පරාජයන් හේතුවෙන් මෙම කණ්ඩායම විසුරුවා හැරීමට MAS ආයතනය කටයුතු කළා. ඉන් මෙම කණ්ඩායමේ ක්‍රීඩාකළ ක්‍රීඩකයන්ට හා ඔහුටත් රැකියාව පවා අහිමි වුණා.

    අනතුරුව මුබාරක් එක්වන්නේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි. ඔවුන් එතෙක් අන්තර් ක්‍රීඩා සමාජ A කොටසේ ක්‍රීඩා කරන කණ්ඩායම B කොටසට ඇද වැටෙනවා. මේ හේතුවෙන් එම ක්‍රීඩා සමාජ පුහුණුකාරධූරයෙන් ඉවත් කරනවා.

    ඉන් පසුවයි රාජකීය විදුහලේ ආදිශිෂ්‍ය පදනම මත මෙම පුහුණුකාරධූරය හිමිවන්නේ.





    No comments