• Breaking News

    නාමල් රාජපක්ෂට ක්‍රිකට් සභාපති ශම්මි එලපු දැල - නීතිය වල්වැදුනු තවත් හෙලිදරව්වක්

    නාමල් රාජපක්ෂ හා ලිමිනි වීරසිංහගේ විවාහ මංගල්‍යය පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනිදා සිදුවිය. රාජපක්ෂ පවුලට අලුතෙන් එකතුවූ මෙම මනාලියගේ ආදරණීය පියාණන් තිලක් වීරසිංහයි. ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක්.එය දඩමීමාකර ගනිමින් සිය වංචා දූෂණ වසංකර ගැනීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල දිගුදුර මෙහෙයුමක් දියත්කර තිබෙනවා. මෙම පිබුරුපතේ පළමු ඇම පිලිබද අනාවරණය අද lankasportsnews සිදුකරනවා.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදාගත්තේ එදිරිසිංහ ආයතනයයි. ඔවුන්ගේ සේවය හිටි හැටියේ අවසන්කර ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මාමන්ඩිය හිමිකම් කියන ලංකා ස්පෝට්ස්රයිසින් ආයතනය හෙවත් LSR ආයතනයට මාරුකර තිබෙනවා. ඒ කිසිදු විනිවිධභාවයක් නැතුවයි. කිසිදු ටෙන්ඩර් කැදවීමක් නොමැතිව එය ක්‍රිකට් ආයතනය සිදුකර තිබෙනවා. ඒ දූෂණ වංචා වසා ගැනීමට ඉදිරියේදී නාමල් රාජපක්ෂගේ සහය ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගෙන් මේ පිලිබද එක්තරා පුද්ගලයෙක් විමසා තිබෙනවා. එවිට ඔහු ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිකට් ආයතනය පාලනය කරන්නේ තමන් බවයි. එහි තීන්දු තීරණ ලබාගැනීමේදී ඉදිරිය බලා කටයුතු කිරීම සිය වගකීම බවත් පවසා ඇතැයි වාර්තා වනවා. එවිට මෙම බදවා ගැනීම නියමිත පටිපාටි අනුව සිදුකලේදැයි විමසූ පැණයට පිලිතුර වී ඇත්තේ කොක් හඩලා සිනහවීම බවයි වාර්තා වන්නේ. අනතුරුව සභාපති ශම්මි හඩ බාලකර හොරු කවද්ද බං හොරුන්ව ඇල්ලුවේ කියා පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

    මේ අනුව ක්‍රිකට් ආයතනය නාමල් රාජපක්ෂට දැලක් එලා ඇති බව තහවුරු වනවා. ඉදිරියේදී පත්වන නව රජයටද ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා පෙන්වාදෙමින් කටයුතු කිරීමට නොහැකි වනු ඇති.

    No comments