ක්‍රිකට් ආයතන ගැටළුවක් - නිලධාරීනියක් වසබොයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරාම දූෂණ, වංචා හා අක්‍රමිකතා පිරුණු තැනක් බවට පත්ව ඇත්තේ රජයේද පූර්ණ ආශිර්වාද ඇතුවයි. ලිංගික අල්ලස් පිරුණු තැනක් බවටත් එය පත්ව ඇත්තේ මේ නිදහස ප්‍රයොජනයට ගනිමින්. එය නිලධාරිනියන් වස බොන තත්වයටම තල්ලු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සම්පත් ප්‍රධානී තනේෂ් ඩයස් ලේකම්වරියන් හුරතල් කිරීමේ කටයුතු පිලිබද lankasportsnews පසුගිය කාලයේ අනාවරණය කළා. ඔහු නූල් සූස්තර සදහාත් කීර්තියක් උසුලනවා. තම හිත දිනා ගන්නා නිලධාරීන් හා නිලධාරිනියන් සදහා ඔහු උසස්වීම් ලබාදෙන්නේ ඉවක් බවක් නැතුවයි. ඔහු හොදට හොදයි නරකටත් ඒ වගේ බව අප සමග මේ තොරතුරු ලබාදුන් නිලධාරියා පැවසුවා.
මානව සම්පත් විධායක ශ්‍රේණියේ නිලධාරිනය ලෙස ඔෂිනි සමරවික්‍රම කටයුතු කළා. ඇය වෘතියෙන් නීතිඥවරියක් වනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතන නඩු සදහා පසුගිය කාලයේ විශාල සේවයක් කළ අයෙක්. එහෙත් තනේෂ් සමග හුරතල් වී තොදොල් නොවීමේ වරදට හා හිටපු සභාපති තිලංග සුමතිපාල නෑදෑවෙන තවත් නිලධාරිනියක් ඇයට පහලින් සිටීම හේතුවෙන් ඔෂිනිව ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කිරීමට තනේෂ් තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය කලක සිට නිලධාරීන් ඉවත්කිරීමට තෝරාගත් පහසු මග වන්නේ සේවා මාරුවක් ලබාදීමයි. මේ අනුව ඔෂිනිට පසුගියදා හදිසියේම ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට මාරුවක් ලබාදී තිබෙනවා. ඒ ඉහල දක්ෂතා සංවර්ධනය මධ්‍යස්ථානයටයි.
ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යන වෙබ් අඩවියක් සදහන් කර ඇත්තේ මෙම තීරණය ගෙන ඇත්තේ අකාර්යක්ෂමතාව හේතුවෙන් බවයි. ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සෑදීම සදහා ඉඩමක් රුපියල් මිලියන 25 කට බද්දට ගෙන වසර තුනක් තිස්සේ එහි කිසිදු කටයුත්තක් වෙනුවෙන් සැලැස්මක් හෝ සකස්කර නැති ක්‍රිකට් ආයතනය කාර්යක්ෂමතාව දඩමීමා කර ගෙන ඇති පුවත හාස්‍යජනකයි.
මෙම ඔෂිනි සේවකයන් අතර ජනප්‍රිය චරිතයක් නොවේ. ඒ ඉතා කාර්යක්ෂම හා සුලු සේවකයන් තලා පෙලා වැඩ ගැනීම හේතුවෙනුයි. මෙලෙස කැපවීමෙන් සේවය කළ ඇයට මාරු කිරීමේ පුවත දැඩි කම්පනයක් ඇතිකර තිබෙනවා. මේ හේතුවෙන් පුවත සැලවූ බදාදා දිනම බෙහෙත් වැඩි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ක්‍රිකට් ආයතන නිලධාරිනියන් ඉදිරියේදී ලිංගික ගැටළු හේතුවෙන් ද මෙලෙස වසබීමට පෙළබෙනු ඇති. ඊට පෙර මෙම ආයතනය වහා නිරෝධායනය කළ යුතුයි. රජය ඊට අසමත්වන්නේ නම් මෙරට ක්‍රිකට් විනාශ වීම කිසිවකුට නතරකළ නොහැකිවනු ඇති. ඒකාධිපති පාලනයක් බවට පත්ව ඇති ක්‍රිකට් ආයතනය ඉන් ගලවා ගැනීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබේ වගකීමක් වනවා. එවිටයි ඔබ වෙනුවෙන් මනාපය පලකළ සියල්ලන්ට සාධාරණය ඉටුවන්නේ.

No comments