හැමදේම විවේචනයට නොව තොරතුරු සැපයීම වෙනුවෙන් පමණක් මම ලිපිය පළකරන බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකාව ඇතුඵ සමස්ත ලෝකයම දැඩි ව්‍යාකුළ තත්ත්වයකට පත්කර ඇති ‘කොරොනා’ වයිරසය මර්ධනයට මූල්‍යමය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ප්‍රදානය කිරීමට තීරණ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මෙම මුදල හැකි ඉක්මනින් රජයට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
විධායක කමිටුවට පුද්ගලයන් ලෙස රැස් නොවී ඊමේල් ඔස්සේ තොරතුරු හුවමාරු කරගත් බව ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් lankasportsnews වෙත පැවසුවා. ඒ අනුව මෙම යෝජනාව අපි ඊමේල් ඔස්සේ විධායක කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි කටයුතු වෙනුවෙන් ක්‍රිකට් ඒඩ් ආයතනය පිහිටවූවා. හිටපු සභාපති තිලංග සුමතිපාල එය සිදුකර සිය හිතවතුන් පිනවීමට හා දේශපාලන කටයුතු වෙනුවෙන් යොදාගත්තා. මේ හේතුවෙන් එම පුන්‍යායතනය අවශ්‍ය අරමුණු ලගාකරගෙන නැතැයි හා ඉන් විශාල මූල්‍ය හානියක් සිදුව ඇතැයි කෝප් කමිටුව පසුගියදා අනාවරණය කළා. ඊට පෙර අප මේ පිලිබද අවස්ථා ගණනාවකදී තොරතුරු වාර්තා කළා ඔබට මතක ඇති. කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ කෝප් කමිටුව මෙම ක්‍රිකට් ඒඩ් ආයතනය අත්හිටුවීමට නියෝග කිරීමයි.
කෝප් කමිටු තීරණය අභියෝගයට ලක්කිරීමට අනගි අවස්ථාව මෙය බව තිලංග සුමතිපාල අවබෝධ කරගැනීමට වැඩි දිනක් ගතවූයේ නෑ. මෙමගින් කෝප් කමිටුවේදී අනාවරණය වූ සිය දූෂණ අක්‍රමිකතා වසා දැමීමට හැකි බව තේරුම් ගෙන තිබෙනවා.
තිලංග - ඔයාල මොකද කොරෝනා කේස් එකට කරන්නේ.
ශම්මි - ගෙවල් ඇතුලට වෙලා ඉන්නවා සර්.
තිලංග - මම ඇහුවේ ඒ මගුලක් නෙමෙයි. බෝඩ් එක විදිහට ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ) මොනවද කරන්නේ කියල.
ශම්මි - තාම ප්ලෑන් එකක් නෑ.
තිලංග - ඕකනේ අයිසේ. මේක මරු වෙලාව ආන්ඩුවට කොක්ක ගහන්න. මිලියන 25 විතර කොරෝනා නැඩලීමට කියල වෙන්කරනවා.
ශම්මි - සර්ට නම් මාර මොලයක් තියෙන්නේ.
තිලංග - එහෙම නැතුව මෙහෙම ඉන්න පුලුවන්ද ? (සිනහ වෙයි). මම මොහාන්ටත් කතාකළා.
ගේම් ඕවර්.
No comments:
Post a Comment