කලකට පසු යලිත් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම ආරම්භ වී තිබෙනවා. කලක් ක්‍රීඩකයන් මාරු කිරීම් හා මුදලට තරග පාවාදීම් වෙනුවෙන් එම තත්වය පාර කැපූ බව නොරහසක්.
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 තරගාවලිය අහිමිව තිබෙනවා. දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය අතරතුරදී මොවුන් දෙදෙනා ආබාධවලට ලක්වීම ඊට හේතු වී ඇතැයි කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් lankasportsnews වෙත කියා සිටියා.
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 තරගාවලිය අහිමිව තිබෙනවා. දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය අතරතුරදී මොවුන් දෙදෙනා ආබාධවලට ලක්වීම ඊට හේතු වී ඇතැයි කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් lankasportsnews වෙත කියා සිටියා.
ඔවුන් දෙදෙනා අතුරින් ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් භයානක නොවන අතර ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව පවසන ඒ මහතා, නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය බරපතල බව සඳහන් කළා.
කොදෙව් ඉනිමේ 37 වැනි පන්දුවාරය යැවීමට කැඳවුම් ලද නුවන් ප්‍රදීප් තෙවැනි පන්දුව යොමු කිරීමත් සමඟ කළවයේ මස්පිඬු ඇදී යෑමේ ආබාධයකට ගොදුරු වූ බැවින් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සඳහා තිසර පෙරේරා ව කැඳවීමට නායක දිමුත් කරුණාරත්නට සිදුවුණා. භෞත චිකිත්සක අජන්ත වත්තේගමගේ ද වාරු ඇතිව ප්‍රදීප් පිටියෙන් ඉවතට යන විට පන්දුවාර 4 කුත් පන්දු 3 ක් යවා ලකුණු 22 ක් ලබා දී තිබුණා.
කෙසේ වෙතත් මෙම තරගයේදී කැපී පෙනෙනම පිතිහරඹයක නියැළුණු ධනංජය ද සිල්වා පන්දු 47 කදී වේගවත් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත්වුණා. පිටිය තුළදී ආබාධයකට ලක් නොවුණද අතේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඔහු පන්දුවට පහර දී ඇත්තේද සුළු වේදනාවකින් බව කණ්ඩායම් කළමානාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
“ධනංජයගේ අතේ ටික දවසක ඉඳන් පොඩි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඒක තියාගෙන ඔහු ක්‍රීඩා කළත් යම් අවස්ථාවන්වලදී පන්දුවට පහර දෙනකොට එතනින් වේදනාවක් එනවා. කොදෙව් තරගයේදීත් එහෙම වුණා. ඉදිරියට එන එංගලන්ත සංචාරයෙදි ඔහු ගැන අවධානමක් ගන්න අපිට බැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිව්වේ ඒ වෙනුවෙන් කළ යුතු ශල්‍යකර්මය ඉක්මනින්ම කරගන්න කියලා. ඒ නිසා අපි ඔහුට ඒ ශල්‍යකර්මය කරගන්න අවස්ථාව ලබා දුන්නා” යි අසන්ත ද මෙල් මහතා කරුණු දක්වා සිටියා.
ධනංජයගෙන් හිස්වන ස්ථානය සඳහා කිසිවකුත් කණ්ඩායමට ආදේශ නොකරන බව සඳහන් කළ මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දුව කැඳවීමට පියවර ගත් බව කියා සිටියා.
දෙරට අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් සිදුකළ තේරීම් නායක ලසිත් මාලිංගගේ බලපෑම් මත දක්ෂයින්ව කපා දැමූ එකක් වී ඇතැයි චෝදනා එල්ලවනවා. කඩුලු රකින්නාගේ වගකීම ඉටුකරන නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට එකව ඇත්තේ මෙලෙස නායක මාලිංගගේ බලපෑමටයි. මේ අනුව කණ්ඩායමේ කඩුළු රකින්නන් තුන්දෙනෙක් සිටිනවා. ඒ කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරායි. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක්ට කඩුලු රැකීමත් භාරදුන්නා නම් තවත් හොද මැදපෙළ ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක්ට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමට තිබුණා. දසුන් ශානකගේ නායකත්වයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කලේ භානුක රාජපක්ෂයි. එහිදී ඔහු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටද සමත්වුණා. එහෙත් ඔහුට අනතුරුව කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත්තේ ලසිත් මාලිංගගේ හිත දිනාගත් ක්‍රීඩකයෙක් නොවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. පාකිස්තාන සංචාරයේ දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී පන්දු 48 කදී ලකුණු 77 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ඔසවා තබමින් තරගයේ වීරයා සම්මානයද ඔහු දිනා ගත්තා. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථාවර වීමට නායකයා හෝ තේරීම් කමිටුව අවස්ථාව ලබාදුන්නේ නෑ.
No comments:
Post a Comment