• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය යුද්ධ හමුදාව ඇල්ලූ බවට විකට රංගනයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය යුද්ධ හමුදාව අල්ලා ඇති බවට බොරු ප්‍රචාරයක් යනවා. යුද්ධ හමුදාවේ කියමින් මේජර් වරයෙක්ගේ තනතුරක් ඇතැයි කියන මෙම විකට නලුවා රජය අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඉටුකරන්න බවයි චෝදනා එල්ල වන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දින සිට විපක්ෂය හා විදෙස් මාධ්‍ය අවස්ථා ගණනාවක ශ්‍රී ලංකාව හමුදා පාලනයකට යමින් ඇතැයි කීමට උත්සාහයන් ගණනාවක් ගත්තා. ඊට රුකුල් දෙමින් මෙම විකට නලුවා ක්‍රිකට් ආයතනයේ බලය යුද්ධ හමුදාව ඇල්ලූ බවට ප්‍රචාරයක් යවමින් සිටීම කණගාටුවට කරුණක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙලෙස යුද්ධ හමුදාව බලය ඇල්ලූ බවට ප්‍රචාරය කරමින් ඇත්තේ කිසිදු සුදුසුකමක් නොමැතිව ගොට්ට ඇල්ලීමේ දක්ෂතාවට පමණන් බදවාගෙන ඇති එහි මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස්. කිසිදු විනිවිධභාවයක් නොමැතිව බදවාගෙන ඇති මෙම පුද්ගලයා මේ අපකීර්තියට පත් කරමින් ඇත්තේ සමස්ථ රජයම බව අමුතුවෙන් කිව යුතු නෑ.

    තනේෂ් ඩයස් CCC ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ලේකම් ලෙස කටයුතු කළා. එහිදී ක්‍රිකට් ආයතන වත්මන් සභාපති ශම්මි සිල්වාගේ ගජ්මිතුරකු වී තිබෙනවා. මේ අනුව ශම්මි ක්‍රිකට් ආයතන සභාපති වූ පසු ඊමේල් බැලීමට හා අනෙකුත් කාර්යාල කටයුතු වෙනුවෙන් සහය දී ඇත්තේ තනේෂ්. නිකම් සේවය ලබාගැනීම වෙනුවට ඒ වෙනුවෙන් තනතුරක් ලබාදී ඉහල වැටුපක් මාසිකව ඔහුට ගෙවීමට ශම්මි පියවර ගෙන තිබෙනවා. මේ අනුව ඊමේල් එකක්වත් බැලීමට නොදත් ශම්මි ජාමේ බේරාගෙන ඇත්තේ තනේෂ්ව හෙඩ් ඔෆ් මාකටින් ඇන්ඩ් කමියුනිකේශන් බවට පත්කරමින්.

    සිය ජාමේ බේරීම වෙනුවෙන් මෙතනින් නතර නොවී තනේෂ්ට තවත් වරප්‍රසාද ලබාදීමට කටයුතු කර ඇත්තේ කටුස්සාගේ කරේ රත්තරන් බදින්නාක් ලෙසයි. නිමාවූ පාකිස්තාන සංචාරයේ යෙදුනු තනේෂ් ඩයස් ඉන් අනතුරුව ක්‍රිකට් ආයතන හෙඩ් ඔෆ් එච් ආර් හෙවත් මානව සම්පත් අංශයේ ප්‍රධානියා බවට පත්කරනවා. එතැන් සිට රැගීම ආරම්භ කළ තනේෂ් ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත් කරමින් සිටිනවා. පසුගියදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට ආරක්ෂක නිලධාරීන් මෙන්ම පොලීසිය හා එක්වූ හමුදාව අනුකම්පාවක් නොමැතිව එලව එලවා පහරදීම ඔබට මතක ඇති. එම සිදුවීම පසුපස සොයාබැලීමේදී  lankasportsnews වෙත වාර්තා වුනේ එක් කොනක මෙම තනේෂ් ඩයස් ද ඇති බවයි.

    ක්‍රීඩා පිටියට ප්‍රවේශ පත්‍ර ලබාගත් ප්‍රේක්ෂකයන්ට ඇතුලුවීමට පහසුකම් ලබාදීමට ගිය ලේකම්වරියන් පළමුව අතුරුදන් වී තිබෙනවා. ඒ ඉහළ නිළධාරීන්ද සමගයි. එදින යුද්ධ හමුදා මේජර් නිල ඇදුමෙන් සැර්සී පැමිණ සිටි තනේෂ් ඩයස් මෙම සිදුවීම වන විට ඒ අසලට ගොස් තිබෙනවා. අනතුරුව පැමිණි ප්‍රේක්ෂකයන් සමග උණුසුම් වචන හුවමාරුවක නිරතව ඇති ඔහු එහි සිටි ආරක්ෂක නිලධාරීන් හා යුද්ධ හමුදාව මෙන්ම පොලීසිය ප්‍රේක්ෂකයන්ට පහරදීමට මෙහෙයවා ඇතැයි වාර්තා වනවා.

    යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ නිලධාරීන් නිළඇදුම් අදින්නේ සේවයට කැදවූ අවස්ථාවලදී පමණයි. එහෙත් තනේෂ් ඩයස් ස්වේච්ඡා  බලකායේ මේජර්වරයෙක්ගේ  නිළඇදුම විකට ඇදුම් තරගයට මෙන් ඕනෑ නැති සෑම තැනකටම අදින්න පටන්ගෙන. ක්‍රිකට් ආයතන මානව සම්පත් අංශය යනු එහි පරිපාලනයභාර අංශයයි. ඊට මෙවන් විකටයින් පත්කළ විට ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ගුටිකෑමට හෝ වෙනත් ගැටළුවකට මුහුණදීමට වූවොත් පුදුම විය යුතු නෑ.

    ක්‍රිකට් ආයතනය මීට වසර කිහිපයකට පෙර සූදු කෙලියේ ක්‍රීඩකයන් පරිපාලකයන් හා විනිසුරුවන් සමග පමණයි. මේ වන විට එය ඉන් ඔබ්බට ගොස් රටත් රජයත් රටේ කීර්තියක් සමගින් සූදු කෙලීම ආරම්භ කර තිබීම කණගාටුවට කරුණක්.


    No comments