ලිංගික අල්ලස් මතම වැඩ - ශ්‍රී ලංකා ක්‍රිකට් මගුල් සක්වල - තවත් හෙලිදරව්වක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇතුලත් වීමට හා එහි දිගුකාලීන සේවය වෙනුවෙන් තිබිය යුතුම එකම සුදුසුකම ලිංගික අල්ලස් ඉල්ලීමේ හා දීමේ හැකියාව බවට මේ වනවිට පත්ව තිබෙනවා. අනතුරුව ඔවුන්ට නීලකාස හොරුන් බවට පත්වීමට පුහුණුව ලැබෙන්නේ නිරායාසයෙන්. එවන් අය පුංචි බොරැල්ල දෙස බලා වන්දනා කරමින් පූජා වට්ටි දොලපිදේනි පිදීම සියලු කරදරයන්ගෙන් මිදීමට එකම සුදුසුකම හා හේතුව වනවා. යහපාලනය රජයකාලේ ලොව දූෂිතම ක්‍රිකට් රට නාමය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය තවදුරටත් වර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ උත්සාහ ගනිමින් සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මේවන විට මෙලනිගේ Back එකට පිස්සු වැටී ඇති බව අප පසුගියදා අනාවරණය කළා. එලෙසම අප්ප කළ දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා යැයි කියන්නාක් මෙන් ලොක්කා කරන දේ දුව දුවා කිරීමට පහළ නිලධාරීන් කටයුතු කරන බව කියන්නේ කණගාටුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලන කළමනාකරු අරුණ ද සිල්වා මේ වන විට එම ආයතනය ලිංගික අල්ලස් මතම වැඩ කරන තැනක් බවට පත්කර අවසන්. පරිපාලන කළමනාකරු අරුණගේ කාර්යාල කාමරයට මේ දිනවල වැඩිපුරම යන්නේ වෙළඳ අංශයේ ලේකම්වරියයි. ඒ මේ දිනවල ඔහුගේ සුරතලිය බවට ජැකී නම ඇය කටයුතු කිරීම හේතුවෙන් බව එම ආයතන සේවකයන් Lankasportsnews වෙත කියා සිටියා. ඔවුන් දෙදෙනා අතර ක්‍රිකට් ආයතනය තුලදීම පසුගිය ක්‍රිකට් සම්මාන රාත්‍රීය පැවති දිනයේ වූබව කියන කෙසෙල් කෑමට වඩා දුර දිග ගිය සිදුවීම වසන් කිරීමට අනුගමනය කර ඇත්තේ අපූරු උපක්‍රමයක්. ඒ ආයතනයේ එදින CCTV දර්ශන මකා දැමීම බවත් එම සේවකයා කියා සිටියා.
ඔහු සමග ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරන ලිංගික සතුට ලබා නොදෙන කාන්තාවන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙලෙස ඔහුගේ නවතම බිල්ල වී ඇත්තේ ක්‍රිකට් ආයතන තේ සකස්කිරීමේ නිරතව සිටි කාන්තාවක්. මෙම කාර්ය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය බදවාගෙන ඇත්තේ සුරූපී තරුණියන්. ක්‍රිකට් ආයතනයට කිසිවෙක් හෝ ප්‍රථම දිනයේ ගියහොත් මෙම කාන්තාවන් ඉහළ තනතුරක් කරන පිරිසක් බව සිතනවා නොඅනුමානයි. රූපසුන්දරී තරගයට ලේකම්වරියන් සමග උරෙනුර ගැටීමට තරම් සුන්දරියන් පිරිසක් වන මෙම තේ සැකසීමේ අංශයේ සේවය කරනවා. ඉතින් මුදලට හා නිල බලයට ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ කලාව කලක පටන් තිබුණා.
2014 වසරේ සිට මේ දක්වා මෙම තේ අංශයේ සේවය කරන සේවිකාවකගෙන් දිගින් දිගටම පරිපාලන අංශයේ කළමනාකරු අරුණ ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා. එහෙත් ඇය ඊට කැමැත්ත පළකර නෑ. මේ අනුව පසුගිය කාලයේ රියදුරෙක්ගේ නම හා ජෝඩු කරමින් තර්ජන කර ඇත්තේ තමන්ගේ ලිංගික සතුට වෙනුවෙන් නිදා ගැනීමට හෝ කෙසෙල් කෑමට එන්නේ නැත්නම් සේවයෙන් නුදුරේදීම පහකරන බවයි. එහෙත් එම රියදුරා සමග කිසිදු සම්බන්ධයක් නොමැති නිසා මෙම කාන්තාව දිගින් දිගටම ලිංගික අල්ලස් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
සිය නිල බලය යොදවා පසුගිය ජනවාරි 31 (2020/01/31) අභූත චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ රුපියල් 500 කටත් අඩු වටිනාකමක් ඇති තේ සෑදීම සදහා භාවිතා කරන්න පිටි පැකට්ටුවක් ගමන් මල්ලේ සගවාගෙන යාමට උත්සාහ කළබව පවසමින්. පරිපාලන කළමනාකරුගේ උපදෙස් මත සේවය අවසන්ව නිවසට යාමට ගිය ඇයව පරීක්ෂා කර කිසිවක් සොයාගැනීමට නොහැකි වූ ආරක්ෂක නිලධාරීන් තේ කාමරයට පැමිණ එහි තිබූ පිටි පැකට්ටුවක් ගෙන එය සොරකම් කිරීමට උත්සාහ කළ බව පවසා තිබෙනවා. එම පැකට්ටුව සති අන්තයේ ආරක්ෂක නිලධාරීන් භාවිතයට ගන්නා පිටි පැකට්ටුව වීමයි කැපී පෙනෙන සිදුවීම වන්නේ.
මෙම චෝදනාවට පසුගිය පෙබරවාරි මුල් සතියේම වැඩ තහනම් කරන මෙම නිලධාරීනියට එරහිව මෙතෙක් පරීක්ෂණයක් හෝ පවත්වා නෑ. මෙලෙස කල් මැරීමට හේතුව ලබන 31 වැනිදායින් (2020/03/31) ඇගේ කොන්ත්‍රාත්තුව අවසන් වීමයි. එවිට සේවය දීර්ඝ නොකර ඇයව ඉවත්කිරීමේ හැකියාව පරිපාලන කළමනාකරුට හිමිවනවා.
කෝප් කමිටුව හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ඉවත්කිරීමට හා ඔහුට එරහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව දැක්වෙන ආකාරය අප සාක්ෂි සහිතව පෙන්වා දුන්නා. එහිදී ඔහුට ඇති එක් චෝදනාවක පමණක් වංචාව රුපියල් ලක්ෂ 327 ක් බව එහි දැක්වෙනවා ඔබට මතක ඇති. එහෙත් ඊට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නෑ. ඒ වෙනුවට රුපියල් 350 කට මිලදී ගත හැකි පිටි පැකට්ටුවක් සොරකම් කිරීමට උත්සාහ කළ බව පවසා ලිංගික අල්ලස් ලබාදීම ප්‍රතික්ෂේප කළ සුලු සේවිකාවක් ඉවතට ඇද දැමීම පිලිබද කීමට වචන නැත.
පාර්ලිමේන්තුව විසුරුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අලුත් රටක් හැදීමට උත්සාහ ගන්නා කාලයයි මේ. ඉතින් ක්‍රිකට් ආයතනය සුද්ධ පවිත්‍ර කර දූෂණ අක්‍රමිකතා නොමැති ආයතනයක් බවට පත්කිරීමට මේ යටතේ උත්සාහයක් හෝ ගනීදැයි රටම පමණක් නොව ලොවම බලාසිටින බව සිහිපත් කළ යුතුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් වී ඇති බව කීමට තවත් සිදුවීම් රැසක් අප සතුයි. මේ දිනවල කාගේ කතාවට ප්‍රමුඛත්වය දෙන්නේ දැයි ප්‍රශ්නය අපට ඇතිව තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතන සේවකයන් අපෙන් කරන ඉල්ලීම් ඉහල යාම හේතුවෙන්. කිසිවකු අපහසුතාවට පත්කිරීම හෝ චරිත ඝාතනය අප lankasportsnews අරමුණ නොවේ. සත්‍ය පෙන්වාදීම වෙනුවෙන් අප බැදී සිටී. කිසිවකුට නිවරදි කිරීමක් හෝ කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් එය අපගේ විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස මතක් කරනු කැමැත්තෙමු.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමට ඇත්තේ ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් වී ලිංගික අල්ලස් ඉල්ලීම් වෙනුවෙන් ඉඩ දී ඇති ජෝගි නටන තැනක් වීමට තවදුරටත් ඉඩ නොදෙන ලෙසයි. මේ කෙලෙසෙන්නේ රටේ කීර්ති නාමය බව අප මතක් කර දිය යුතුයි.
මේ හා බැදුනු පෙර ලිපි

No comments