• Breaking News

    කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන විනෝද චාරිකාවේ රාත්‍රී බේබදු සවාරි


    ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අමුතු අසාමාන්‍ය ආයතනයක් වී තිබෙනවා. ඊට එක්වන සියල්ලන් රාජකාරිය හැර අනෙක් සියලුම දේ සිදුකරන බව අප අනාවරණය කළා. ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් කණ්ඩායම පිලිබද වැඩි අවධානයක් යොමු කිරීම එහිදී සිදුවුණා. කාන්තාවන්ට සමතැන ලබාදිය යුතු බවට සංවිධාන කිහිපයක් අපට ලිපි යොමුකරමින් ඉල්ලා සිටියා. මෙතැන් සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිලිබද තොරතුරු පළකරමින් ඉල්ලූ සමතැන ලබාදීමට lankasportsnews තීරණය කර තිබෙනවා.


    කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතරයි. මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම දිවයිනට පැමිණියා. රටවල් 10 ක් තරග වැදුණු තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ A ඛාන්ඩයෙන්. ඔවුන් එක්වූ තරග 4 ක් පරාජය වූ අතර බංග්ලාදේශය සමග පැවති තරගය පමණක් ජය ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කළා.


    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙවන් ඉරණමක් අත්වීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අදක්ෂතාව නොවේ. කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවට ගිය සහය කාර්ය මණ්ඩලය පිස්සු නැටීමට ක්‍රීඩිකාවක්ද බලෙන්ම එක්කර ගැනීම හේතුවෙන් බව lankasportsnews වෙත වාර්තා වනවා.

    තරගාවලියේ හොදම බේබද්දාට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහය පුහුණුකරු මහේෂ් වීරසිංහට හිමිව තිබෙනවා. මෙම තරගාවලිය අතරතුර සෑම දිනකම රාත්‍රී සාද පැවැත්වී ඇත්තේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස් වලදීයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු හර්ෂද සිල්වා එරට පදිංචිය හිමි අයෙක්. මේ හේතුවෙන් ඔහු මිතුරන්ගේ නිවෙස්වලට ක්‍රීඩිකාවන් ගෙන ගොස් සිය රැකියාවේ හැකියාවන් පෙන්වා තිබෙනවා. එහිදී හොදට පදම්වන නිලධාරීන් හතරගාතේ පැමිණීම වලක්වා ගන්නේ ක්‍රීඩිකාවන්ගේ උරහිසේ පිහිටෙන් බව වාර්තා වනවා.


    මෙම රාත්‍රී සාද සංවිධානය කිරීමට තරගයක් තිබූ බව තරගාවලියට එක්වූ නම සදහන් කළ නොහැකි ක්‍රීඩිකාවක් Lankasportsnews වෙබ් අඩවියට පැවසුවා. ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත මලික් ක්ෂේවියර් සිය මිතුරන්ගේ සාද සදහා කල්තියා ආරාධනා කර තිබෙනවා. එම සාද බේබදු සාද වීම හේතුවෙන් ක්‍රීඩිකාවන්ට සිදුව ඇත්තේ නිලධාරීන් නැලි ගණන් බොනතුරු නිදිවර්ජිතව ගීත ගයමින් බයිට් එක ලෙස ලකා ගහගෙන සිටීමටයි. ජායාරූප ශිල්පියා ලෙස කණ්ඩායමට එක්ව සිටි යොහාන් ජයසිංහ මෙම රාත්‍රී සාදවලදී හොදම බේබද්දා වීමට සහය පුහුණුකරු මහේෂ් වීරසිංහට තියුණු තරගයකින් ලබාදුන් බව එම ක්‍රීඩිකාව වැඩිදුරටත් කියා සිටියා.


    තරග පැවැත්වෙන දිනයට පෙර දිනයේදීත් මෙම රාත්‍රී සාද පැවැත්වීම හේතුවෙන් තරගයට නිසි ශරීරික හා මානසික යෝග්‍යතාවකින් පිවිසීමට ක්‍රීඩිකාවන්ට තිබූ අවස්ථාව අහිමිකර තිබෙනවා. මේ පිලිබද අවස්ථා කිහිපයකදී කණ්ඩායම් කළමනාකරු නිශාන්ත සිල්වාට පැමිණිලි කිරීමට ක්‍රීඩිකාවන් උත්සාහ කර තිබෙනවා. එහෙත් ඔහු විදේශිකයන් මෙන් ඉංග්‍රීසියෙන් පමණක්  ක්‍රීඩිකාවන් සමග කථාකිරීම එම අවස්ථාවත් ඔවුන්ට අහිමිවූ බව සදහන්. ඉංග්‍රීසි භාෂාව හොදින් නොදැනීම හේතුවෙන් බොහෝ ක්‍රීඩිකාවන් මෙම කළමනාකරු මගඇර සිටීමටයි කටයුතු කට ඇත්තේ. බොරු සෝබනයට හැසිරෙන මෙවන් අය කණ්ඩායම් කළමනාකරු කිරීමෙන් ඉටුවන්නේ කාගේ අවශ්‍යතාවන්දැයි පවතින්නේ සැකයක්.


    නිදිමරගාතේ ගිහින් මැච් ගහන්න පුලුවන්ද අයියේ. කට්ටිය ඩෝප් වෙලා කුදලන් එන රාජකාරියයි අපිට තිබුණේ. එපා උනා හලෝ. මුන් කොච්චර බිව්වත් වෙරිවෙන්නේ නැද්ද කියලත් හිතුන අනේ. මාර බීමක්නේ. අපිව කඩේ යවල එයාල ආතල් ගත්තා. අන්තිමට ඔක්කොටම බැනුම් අහන වෙන්නේ අමාරුවෙන් ග්‍රවුන්ඩ් එකට ගිහින් සෙල්ලම් කළ අපිට. දාල දෙනවකෝ හොද කතාවක් මේ ගැන. ආ මේ අයියේ. මේක දැම්මහම මම දෙන්නම් ක්‍රිකට් ලේකම්වරියන් වගේ ලිංගික සේවයට යොදවන ක්‍රීඩිකාවන්ගේ විස්තර. මාව බේරලා ඕනේ දෙයක්. මාවනම් මාට්ටු කරන්න එපා හලෝ. මම පව්නේ. සිනහවෙයි. (හඩපටය අවසන් )


    එම හඩපටය ඇතුලත් නොකරන්නේ හඩ පරීක්ෂාවකින් තොරවම ඇයව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන්ට හදුනාගත හැකිවීම හේතුවෙන් බව සලකන්න.





    No comments