Tuesday, March 3, 2020

අසන්තට හෘදයාබාධයක් - මහනුවර රෝහලට Breaking News

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත පපන්දුවාර විස්සයි විස්ස තරගාවලියට පෙර පැවති අවසන් පුහුණුවීම් අතරතුරදී හෘදයාබාධය වැලදී ඇතැයි සදහන්.

lankasportsnews වාර්තා කළේ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම නම් කිරීමේදී නායක ලසිත් මාලිංගගේ බලපෑමට පමණක් තේරීම් කමිටුව කටයුතු කරන බවයි. ඒ සාක්ෂි සහිතවයි. එම ප්‍රවෘත්තිය පළවීමත් සමග මෙම තත්වය ඇතිවීම පිලිබද පරීක්ෂණයක් ආරම්භ වී ඇතැයි සදහන්.

හෘදයාබාධය හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කළ අසන්ත ද මෙල් පරීක්ෂණ කිහිපයකට යොමුකර තිබෙනවා. රෝහල් ප්‍රකාශයක් කියා සිටියේ ඔහුගේ තත්වය බරපතල නොමැති බවයි. මේ හේතුවෙන් ප්‍රථිකාර කර රෝහලින් මීට සුලු මොහොතකට පෙර පිටත්කර යැවූ බවයි ඔහු කියා සිටියේ.

No comments:

Post a Comment