• Breaking News

    ක්‍රිකට් රුපියල් ලක්ෂ 327ට විද්දේ CEO දැනුවත්ව - වහාම නීතිය ක්‍රියාත්මක කරන්න - විගණනය

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මහා මූල්‍ය වංචාවක් වූ රුපියල් ලක්ෂ 327 ක් පෞද්ගලික ගිණුමකට යොමුකර ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා දැනුවත්ව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම වාර්තාවෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා තියා සේවය අත්හිටුවා අපක්ෂපාත පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ක්‍රිකට් ආයතනය අපොහොසත් වීම කැපී පෙනෙනවා. මාස තුනකට අධික කාලයක් සිදුකළ මෙම විශේෂ විගණන පරීක්ෂණයට ප්‍රධාන විධායක නිලධාරීයාට සිය නිර්දෝශීත්වය ඔප්පු කිරීමට නොහැකිවීම කැපී පෙනෙනවා. මේ පිලිබද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුම ඉදිරිපත්ව පළමු පැමිණිල්ල සිදුකර තිබීම සැකයට ලක්ව තිබෙනවා. එය හොරාට පෙර කෙහෙල්කැන වැටපැනීම සිහිපත් කරනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බරපතළ දූෂණ අක්‍රමිකතා සහිත හොර ගුහාවක් වී ඇති බව පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඉදිරිපත්කළ මෙම විශේෂ විගණන වාර්තාවේ දැක්වෙනවා. හිටපු සභාපති තිලංග සුමතිපාල ක්‍රිකට් සිය බූදලය ලෙස පාලනය කර මුදල් කෝටි ගණනින් විනාශකර ඇති බව එහි දැක්වෙනවා. ඒවා සියල්ලට එවකට භාන්ඩාගාරික වූ වත්මන් සභාපති ශම්මි සිල්වා උල්පන්දම් දී ඇති බවත් එහි දැක්වෙනවා.



    බුකීකරුවන්ගේ පාරාදීසයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරග පාවාදීම් බහුලවම සිදුවන ලොව දූෂිතම ක්‍රිකට් රට බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. මෙම වාර්තාව ඔවුන් අතට පත්වූවොත් එතනින් නොනැවතී වංචනිකම රට ලෙසත් ඊට එකතුකරනවා නොඅනුමානයි. එක කණ්ඩායමක් එක ජාතියක් තේමාව වූ ශ්‍රී ලංකා ක්‍රිකට් එවිට දූෂණයෙන් එක වංචාවෙන් එක ලෙස වෙනස් වනු ඇති.

    එම විශේෂ විගණන වාර්තාවේ පරිච්ඡේදය දෙකක් සවිස්තරාත්මකව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මූල්‍ය වංචාව දැනුවත්ව වූ බව දක්වා තිබෙනවා. එහෙත් ඔහුට විරුද්ධව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීමට පුදුම විය යුතු නෑ. ඒ හොරු හොරුන්ව අල්ලන්නේ නැති නිසාම නොව හොරාගෙ අම්මගෙන් නොව හොරාගෙන්ම පේන අසා පළක නොවන බවට වන කියමනට අනුවයි. එහි වගඋත්තර කරුවෙක් ලෙස වත්මන් සභාපති ශම්මිවත් නම්කර ඇති බව සියල්ලන් මතක තබාගත යුතුයි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අලුත් පාර්ලිමේන්තුවක් හදන්න පෙර මෙවන් ආයතන සුද්ද කර තමන් දූෂනයට වංචාවට විරුද්ධ බව හැකිනම් ඔප්පු කරන ලෙස අප අභියෝග කරනවා.


    පෙර ලිපි

    හොරු සමග හෙලුවෙන් යන ක්‍රිකට් මහා වංචාවක් වලලන්න යයි - Video



    ක්‍රිකට් ආයතනයේ රුපියල් ලක්ෂ 327 කට විදලා - Video

    No comments