යලිත් ත්‍රස්ත ප්‍රහාරයක් ? ආරක්ෂාව අනතුරේ - ක්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් - Exclusive
පාස්කු බෝම්බ ප්‍රහාරය මෙන් එල්ලවියහැකි තවත් ප්‍රහාරයකට ක්‍රිකට් ආයතනය හදිසියේ සූදානම් වනවා. ශ්‍රී ලංකාව ආරක්ෂිත සෞභාග්‍යයමත් රටක් බවට පත්කරන බව පවසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගත්තා. එහෙත් දින 100 කට අධික කාලයක් ගතවී ඇතත් ඔහු එම පොරොන්දු ඉටුකිරීමට සමත්ව නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රිකට් ආයතන ආරක්ෂක උපදේශක සැපියූ වාර්තාවකට අනුව ආරක්ෂාව පිලිබද සෑහීමකට පත්විය නොහැකි බව සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් විධායක කමිටුව දැනුවත් කර ඇතැයි වාර්තා වනවා. ඊට අදාලව අවශ්‍ය පියවර ගැනීම ක්‍රිකට් ආයතන විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
2020/02/12 වන දින පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු රැස්වීමේදී වැඩි අවධානයක් රටේ ආරක්ෂාව පිලිබද යොමුව තිබෙනවා. එහිදී එම ආයතන ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක ලබාදුන් වාර්තාවක ඇතුලත් කරුණු සාකච්ජා කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව සභාපති ශම්මි සිල්වා පෙන්වා දී ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙන් නොසැලකිල්ලෙන් සිටීම නුවණට හුරු නැති බවයි. උප සභාපති රවීන් වික්‍රමරත්න ඊට පෝර දමා තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ මතය වී ඇත්තේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ලබාගැනීම ඇතුළු අවශ්‍ය පියවර වහා ගත යුතු බවයි. ඒ අනුව මෙරට තුල පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිටම එම පියවර අනුගමනය කිරීම උචිත බවත් පෙන්වාදී ඇතැයි වාර්තා වනවා. කොරෝනා වෛරසය හේතුවෙන් එම තරගාවලිය මේ වන විට අතහැර දමා ඇති බව ඔබ දන්නවා. කෙසේ වෙතත් රට හමුවේ ඇති මෙම භයානක තත්වය රජය අනාවරණය නොකරන්නේ එය ඉදිරි මහ මැතිවරණයට අහිතකර ලෙස පොහොට්ටු දේශපාලනයට බලපානු ඇතැයි සිතා විය යුතුයි.
මේ අතර මෙම තත්වය හමුවේ ආරක්ෂාව තර කළ යුතු පුද්ගලයන් ලෙස සභාපති ශම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා හදුනාගෙන ඇතැයි මෙම වාර්තාවේ සදහන් බවට වාර්තා වනවා. මේ අනුව සභාපති ශම්මි සිල්වා මෙම විධායක කමිටු රැස්වීමේදී ඔවුන් දෙදෙනාට වෙඩි නොවදින රථ ගෙන්වීමට යෝජනා කර ඇතැයි සදහන්. ඊට මිල ගණන් කැදවීමටත් එහිදී තීරණය කර තිබෙනවා.
රටතුල මෙවන් භයානක ආරක්ෂක තත්වයක් තිබියදී රජය නිහඩව සිටීම කණගාටුවට කරුණක්. ඔවුන් මේ දේශපාලන වාසි වෙනුවෙන් සූදු කෙලින්නේ රටේ සමස්ථ ජනතාවම සමගයි. රට තුල ක්‍රීඩා සංගම් සභාපතිවරුන්ට පවා වෙඩි නොවදින රථ ගෙන්වීමට, හදිසියේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කැදවීමට තරම් ආරක්ෂාව බිදවැටී ඇත්නම් මේ අනතුරු ඇගවීම රටම දැනගත යුතු නැද්ද ? පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවූයේත් මෙලෙස රජය දැන දැනම අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. එසේ තිබියදීත් බලය වෙනුවෙන් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත මෙලෙස බිල්ලට දිය යුතුද ?
මෙලෙස ක්‍රිකට් ආයතනය බොරුවට රථ ගෙන්වීමට හා ආරක්ෂක නිලධාරීන් ලබාගැනීමට කටයුතු කරන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රජය වහාම මෙහි ඇත්ත තත්වය රට හමුවේ අනාවරණය කළ යුතුයි. මෙහි කිසියම් හෝ සත්‍යක් ඇතැයි සිතිය හැක්කේ හිටපු සභාපති තිලංග සුමතිපාල මේ වනවිට ආන්ඩුවේ අමාත්‍යවරයෙක්. ඔහුගේ කරමතින් පැමිනයි ශම්මි සභාපති පුටුව හිමිකරගත්තේ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. තවත් මහා ජීවිත විනාශයකට පෙර රජය මෙම ත්‍රස්ථ ප්‍රහාරයට රට සූදානම් කළ යුතුයි. දේශපාලන වාසි බැලීමට කාලයක් නොවේ මේ.

No comments