රෝහිත රාජපක්ෂට දුන් අරුම පුදුම ක්‍රිකට් දෑවැද්ද - Exclusive
ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ සිදුකළ දූෂණ, වංචා හා අක්‍රමිකතා අප සියල්ලන්ට පෙර පෙන්වා දුන්නා. එලෙසම ක්‍රිකට් ආයතනය පිලිබද සිදුකළ විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම පමාවීමද අප ප්රවෘත්ති ඔස්සේ හා මාධ්‍ය හමු වලදී ප්‍රශ්න කළා. ඒ ක්‍රිකට් ආයතනය වැලලීමට සූදානම් වන දූෂණ, වංචා හා අක්‍රමිකතා රැසක් ඉන් අනාවරණය වනු ඇතැයි දන්නා නිසයි. පසුගියදා පාර්ලිමේන්තුවට මෙම වාර්තාව ඉදිරිපත් වුණා. එහි ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා කිහිපයක් පමණක් මාධ්‍ය වාර්තා කළා. මෙතැන් සිට එලෙස අනාවරණය නොවූ කරුණු ඔබ හමුවට ගෙන ඒමට අප සූදානම්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ එහි නිලධාරීන්ගේ බූදලයක් ලෙස බව අප ලිංගික අල්ලස් සිදුවීම්ද පාදක කර ගනිමින් පෙන්වා දුන්නා. එය මෙම වාර්තාව මගින්ද සනාථ කර තිබෙනවා. පසුගිය වසරේ ක්‍රිකට් ආයතනයේ සිදුවූ රුපියල් කෝටි 327 ක වංචාව සිදුව ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා දැනුවත්ව බව මෙම වාර්තාවේ දැක්වෙනවා. එහෙත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ පිලිබද ලංකාවේ පළමු හා එකම මාධ්‍ය වෙමින් අප ප්‍රශ්න කළා ඔබට මතක ඇති.
ක්‍රිකට් ආයතනය තරගාවලි ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවි කර ඇත්තේ කිසිදු විනිවිධභාවයක් නොමැතිව බව මෙම විගණකාධිපති විශේෂ විගණන වාර්තාවේ දැක්වෙනවා. ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන ජෙරම් ජයරත්න රාජපක්ෂ පවුලේ බාලයා වන රෝහිත රාජපක්ෂ විවාහ වූ ටට්යානා ලී ජයරත්නගේ පියා වනවා. ජෙරම් ක්‍රිකට් ගුවන් විදුලි විකාශන අයිතිය අලෙවි කර ඇත්තේ සිය පෞද්ගලික බූදලයක් ලෙස බවත් එහි දැක්වෙනවා. මේ අනුව එවැන්නක් යලිත් සිදු නොවන ලෙස වගකීමෙන් කටයුතු කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළ යුතුයි. ඊට වැඩපිලිවෙලක් සකස්කළ යුතු වනවා. එහෙත් එවැන්නක් නොකර ජෙරම් සතු දේශපාලන බලය හේතුවෙන් දිගටම ඔහුට ඕනෑ හැටියට සිදුකරන ලෙසට ඉඩහැර තිබෙනවා.
මෙම සිදුවීම පිලිබද තොරතුරු ලබාගැනීමට අප ක්‍රිකට් ආයතන ප්‍රකාශයක් ඇමතුවා. එවිට ඔහු කියා සිටියේ අප විමසන්නේ රෝහිතට දෑවැද්දට ලබාදුන් සේවාවක් ගැන බවයි. එතනින් එහාට දුරකථනයෙන් අප හා මේ පිලිබද තොරතුරු සාකච්ජා කිරීම ඔහු ප්‍රතික්ෂේප කළා.
විගණකාධිපති විශේෂ විගණන වාර්තාව
පෙර ලිපි

No comments