T20 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් නෑ - ටෙස්ට් තරගාවලියට එංගලන්තය ලංකාවට
මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සූදානම් නැති බව නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදීයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දෙරට අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට ( 2020/03/04 ) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. මෙම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තේරීම් කමිටුවේ සභාපති හා කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකිරීමට පියවර ගත්තා. පරීක්ෂණ කිහිපයකින් පසු ඔහුව රෝහලින් පිටත්කර යවා තිබෙනවා.
මේ අතර එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ඒ තරග දෙකකින් යුත් තරගාවලියක් වෙනුවෙන්. එහි සියලු තොරතුරු පහත දැක්වෙනවා.

No comments