වෙනස්කම් දෙකක් - සදකැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස් හෙළිකරයි - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වන එකදින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී 2020/03/01 දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. තරගයට සූදානම් කර ඇති තණතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබාදෙනු ඇතැයි මෙරට කණ්ඩායමේ අදහස වී තිබෙනවා.
මේ අනුව පසුගිය තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ක්‍රීඩකයන් දෙදෙනෙක්ට මෙම තරගයේදී අවස්ථාව ලබාදීම කෙරෙහි පුහුණුකරුවන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ අනුව කණ්ඩායමට එක්කිරීමට යෝජනා වී ඇත්තේ දසුන් ශානක හා ලහිරු කුමාරයි. දසුන් එක්කිරීමට යෝජනා වී ඇත්තේ දනංජය ද සිල්වාගේ ස්ථානයටයි. ඉසුරු උදානගේ තැනයි ලහිරු කුමාරට ලබාදීමට යෝජනා වී ඇත්තේ. දනංජය ද සිල්වා පළමු තරග දෙකේදීම පිතිකරුවෙක් ලෙස කැපීපෙනෙන සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. එමෙන්ම පන්දුවෙන්ද සාර්ථක වීමට හැකිවූයේ නැහැ. මෙම තණතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කිරීම දනංජයට ස්ථානය අහිමි වීමට වැඩි ඉඩක් නිර්මාණය කර තිබෙනවා.
මේ අතර ඉසුරු උදාන දෙරට අතර පැවති පළමු එක්දින තරගයේදී කඩුලු තුනක් දවා ගත්තා. එහෙත් දෙවන තරගයේදී දක්ෂතා දැක්වීමට හැකිවූයේ නැහැ. මේ අනුව ඔහුගේ ඉවත්කිරීම පිලිබද නායකයා හා පුහුණුකරු අතර එකගතාවක් ඇතිව නැහැ. මේ අනුවයි තරගයට පෙර තණතීරුව පරීක්ෂා කර අවසන් තීරණය ගැනීමට කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත්තේ.
සියල්ල මෙසේ වෙද්දී lankasportsnews අපට අනාවැකි කිහිපයක් පළකළ හැකියි. මෙම තරගයේදී පසුගිය තරග දෙකේදීම අසාර්ථක වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතරට පැමිණ අඩුම තරමින් අර්ධ ශතකයක් රැස්කරනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වීමට වැඩි ඉඩක් පවතිනවා. අප මෙම අනාවැකි පළකරන්නේ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයේ දත්ත වලට අනුවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය ජයග්‍රහණය පසුපස ඇති රහස ලක්ෂාන් සදකැන් හෙළිකළා. එමෙන්ම ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයෙන් දගපන්දු පුහුණුකරුවෙක්ගේ සේවය කණ්ඩායමට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් ඔහු කියා සිටියා. මේ වන විට ජාතික කණ්ඩායමේ දගපන්දු පුහුණුකරුවෙක් ඇත්තේ නැහැ.
එම වීඩියෝව
No comments