Thursday, April 16, 2020

ගොනෙක් තප්පුලයි - ක්‍රිකට් ආයතනය හත්පොලේ ගා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලන කරන්නේ කිසිදු සාමාන්‍ය දැණුමවත් නොමැති සභාපතිවරයෙක් බව අද (16) ඔප්පු කළා. අස්සයන් අතර සිටින බූරුවා පහසුවෙන් හදුනා ගත හැක්කේ කට ඇරිය විට බව කියන පැරණි කියමන ඔහු අද යලිත් අප සිහියට ගෙනාවා. ඒ ලංකාවේ ප්‍රධාන පුවත්පතක් වන ලංකාදීප පුවත්පතට ලබාදී ඇති ප්‍රකාශයක් සමගයි. එහිදී ඔහු සිය බුද්ධි මට්ටම රටටම පෙන්වා ඇත්තේ සියල්ලන්ට විහිලුවක් වෙමින් පමණක් නොව අනේ අපොයි මෙහෙම ගොනෙක් යැයිද මුවගට ගෙනෙමින්.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණයේදී සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව ප්‍රතික්ශේප වුණා. ඒ නිලවරණ අභියාචනා කමිතුවේදී එය තහවුරු වීමත් සමගයි. එවිට ඊට පසුදිනම මාධ්‍ය හමුවක් පවත්වමින් ශම්මි සිල්වා කියා සිටියේ කිබුලා නැතත් හූනා ඉතිරිව ඇති බවයි. එම ප්‍රකාශය කිසිවෙක්ට නිවරදිව මෙතෙක් දිනක් අවභෝධ වූයේ නෑ. ඉන් ඔහු කියා ඇත්තේ තම බුද්ධියේ මට්ටම බව අද ප්‍රකාශයෙන් තහවුරු වුණා. එම ප්‍රකාශයයි මේ.

මෙම ප්‍රකාශයට අනුව ලංකාව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ රටක් වනවා. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව ලොව කොරෝනා වෛරස අවධානම් රටවල් අතර 16 වන තැනට මේ වන විටත් වර්ගකර අවසන්. රට පුරාම පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ජන ජීවිතය බිදවැටී තිබෙනවා. ආර්ථික අතින් වසර 20 ක් පසුපසට මේ වන විටත් ඇද වැටී ඇත්තේ රුපියල ඉතිහාසයේ බාල්දුම වූ අවස්ථාව සනිටුහන් කරමින්. රටේ පවතින තත්වය පිලිබද කිසිදු තැකීමක් නොකොට මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම ඔහුගේ දැනුම රටට කියා පෑ අවස්තාවක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලංකාවේ පැවැත්වෙන්නේ නම් එය රටට විශාල ආර්ථික ලාභයක් මෙන්ම කීර්තිය ඔසවා තබන්නක් බවට විවාදයක් නැත. එහෙත් මේ ඊට කාලය නොවේ. ලංකාව කොරෝනා වෛරස අවධානමෙන් මිදුනත් මෙම තරගාවලිය පැවැත්වීමට භාධා රැසක් මතුවනවා. ඒ මෙම තරගාවලියට පැමිණෙන අනෙක් රටවල ක්‍රීඩකයන්, විනිසුරන්, නිලධාරීන් හා ප්‍රේක්ෂකයන් කොරෝනා වෛරස ආසාධිතයන් නොවන බවට සහතිකයක් දිය හැක්කේ කාටද ? පැමිණෙන සියල්ලන් අඩුම දින 28 ක් ( ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව ) ස්වයංනිරෝධායනයට ලක්කරන්නේද ? මේ කිහිපයක් පමණි. තවත් ප්‍රශ්න රැසක් මතුවේ.

සියලු ප්‍රශ්න අමතක කර සල්ලි වෙනුවෙන් රටම අනතුරේ හෙලීමට සැලසුම් කරන ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ ප්‍රකාශය අනුමත කළ හැකිද ? ලෝකයම ව්‍යසනයකට මුහුණදී ඇති මොහොතක රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වැයුවාක් මෙන් පුදලයන අපටත් නායකත්වය දෙන තනතුරු දරණ බව කියන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි.





No comments:

Post a Comment