ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව දූෂිතම ආයතන අතර ප්‍රථම ස්ථානය දිනා සිටිනවා. අවස්ථා රැසක එහි සිදුවූ දූෂණ, වංචා හා අක්‍රමිකතා සිදුවීමට පෙරම අප හෙලිදරව් කළා ඔබට මතක ඇති. කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඇදිරි නීතිය පසුගිය මාර්තු 14 වැනිදා සිට ක්‍රියාත්මක වනවා. එය ප්‍රයෝජනයට ගෙන හොද්ද බොර කර ගැනීමට ක්‍රිකට් ආයතනය අවස්ථා කිහිපයකදී කටයුතු කළා. යලිත් එවැන්නක් අද (16) සිදුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ හා පරිපාලන අංශ නිලධාරීන් හදිසි රැස්වීමකට අද (16) කැදවා තිබෙනවා. ඒ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් හා පුද්ගලයන් සදහා මුදල් ගෙවීම පිලිබදවයි. පසුගිය කාලයේ දිවයිනේ ස්ථාන රැසක ඉදිකිරීම් සිදුවුණා. කොළඹ කෙත්තාරාමය හෙවත් ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඒ අතර ප්‍රධාන වනවා. මෙලෙස හිටි හැටියේ ක්‍රිකට් ආයතනය මුදල් ගෙවීමට තීරණය කර ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල ලබාදුන් නියෝගයකට අනුව බවයි එහි ප්‍රකාශකයෙක් lankasportsnews වෙත කියා සිටියේ.
ක්‍රිකට් ආයතන ඉදිකිරීම් පිලිබද කටයුතු කරන්නේ සුජීව ගොඩලියැද්ද ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයායි. ඔහුට මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත් ඔස්සේ අති විශාල කොමිස් කුට්ටි හිමිවන බව රහසක් නොවේ. මේ අතර විශේෂ ඉදිකිරීමක් ඔහුට භාරදී තිබෙනවා. පසුගියදා කෝප් කමිටුවේ ප්‍රශ්න කෙරුණු ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් වෙනුවට ක්‍රිකට් පුහුණු පාසලක් ආරම්භ කිරීමයි. ඊට රුපියල් මිලියන 200 ක් වෙන්ව ඇතැයි වාර්තා වනවා. හිටපු සභාපති තිලංග සුමතිපාල දූෂණ ගොඩට මෙම ව්‍යාපෘතිය එක් නොවීමට හා කෝප් කමිටුවට කොකා පෙන්වීම මෙහි බලාපොරොත්තුව වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ අද පැවැත්වෙන මෙම විශේෂ රැස්වීමේ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

No comments:
Post a Comment