ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් ගමන් යෑමට දින නියමකර තිබෙනවා. ක්‍රිකට් මූල්‍ය අංශය රහසිගත වාර්තාවක් ලබා දෙමින් සභාපති ශම්මි සිල්වා මේ පිලිබද දැනුවත් කර ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ආයතන ඉහළ පුටු රත්ව ඇති මෙම වාර්තාවට අනුව කොරෝනා වෛරස වසංගතය නිමාවූ පසු බොහෝ වෙනස්කම් සිදුවනු ඇතැයි එහි ඉහළ නිළදාරියෙක් lankasportsnews වෙත කියා සිටියා.
ශම්මි සිල්වා - කාමලිකා ඔයාල හොදින් නේද ?
කාමලිකා - අපි හොදින් සර්. සර්ලට කොහොමද ?
ශම්මි සිල්වා - අපිට වරදක් නෑ. බෝඩ් එකේ අවුලක්.
කාමලිකා - ඒක තමයි සර්. සර් තමයි අමාරුවේ වැටෙන්නේ.
ශම්මි සිල්වා - ඇයි එහෙම කිව්වේ.
කාමලිකා - මම මූල්‍ය වාර්තාව හැදුවා සර්.
ශම්මි සිල්වා - නියමයි. මම ඒක ගන්නම්. කාටවත් කියන්න එපා.
කාමලිකා ජයසේකර මූල්‍ය අංශ වැඩබලන ප්‍රධානියාට එම තොරතුරු ලැබෙනවිට සියල්ල සිදුව අවසන්ය. ඒ මෙම වාර්තාව අප නියෝජිතයා අතටත් පත්වීම හේතුවෙන්.
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ලෝකයම ලොක්ඩවුන් වී ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශාල මූල්‍ය වාසියක් ගෙනෙන තරගාවලි රැසක් අහිමිව ගොස් තිබෙනවා. එංගලන්තය ශ්‍රී ලංකාවට පැමිණ යලි හැරී ගිය හැටි ඔබට මතක ඇති. දකුණු අප්‍රිකාව , ඉංදියාව , බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමට සැලසුම් කර තිබුණා. ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදීම හේතුවෙන් මෙම තරගාවලි අති විශාල මූල්‍ය වාසියක් අත්කරදීමට තිබූ තරගාවලි බව අමුතුවෙන් කිව යුතු නෑ. එමෙන්ම සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන තරගාවලියද අත් හැර දැමීමට සිදුවනු ඇති. මේ අනුව මෙම වසරේ ක්‍රිකට් ආයතනයට ආදායම් ලැබීමට තරගාවලි ඉතුරු නොවන තත්වයක් ඇතිව තිබෙනවා. එහෙත් ක්‍රිකට් ආයතනය සෑම මසකම සේවකයන් සදහා පමණක් රුපියල් මිලියන 25 කට අධික මුදලක් ගෙවිය යුතුවනවා. ඒ ක්‍රීඩක ගෙවීමට අමතරවයි.
ක්‍රිකට් ආයතනය මෙලෙස මුදල් ගෙවීමට නම් බැංකු ණයක් නුදුරේදීම ලබාගැනීමට සිදුවනු ඇතැයි මෙම මූල්‍ය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ක්‍රිකට් ආයතනය බංකොලොත් ආයතන ගොඩට මේ වන විට පත්ව අවසන්. ක්‍රිකට් ආයතනය මාසිකව වැටුප් ගෙවන සේවකයන් 200 කට අධික පිරිසක් නඩත්තු කරනවා. එය කප්පාදු නොකර ණය ලබා ගත්තත් ක්‍රිකට් ආයතනය බංකොලොත් වීම නතර කළ නොහැකි බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට සෞභාග්‍යයමත් රටක් කිරීමට නම් ක්‍රිකට් ආයතනය පළමුව සුද්ද කිරීම කළ යුතු ආදායම් ලබන තැනක් කිරීමට මගපෙන්විය යුතු බව අමුතුවෙන් කිව යුතුද ?

No comments:
Post a Comment