ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයෙක් කොරෝනා වෛරසය ආසාධනය වූවෙක් සමීපව ආශ්‍රය කර ඇත්දැයි පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. රටම අඩපණවී තිබියදී ක්‍රිකට් ආයතනය පසුගිය දිනවල රහසිගත රැස්වීම් රැසක් පවත්වනු ලැබුවා. එම එක් රැස්වීමක් සදහා එක්වූ නිලධාරීයෙක් මෙලෙස ආසාදනය වූවෙක් සමීපව ආශ්‍රය කර ඇතැයි සදහන්. එය තහවුරු කර ගැනීම සදහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ක්‍රිකට් ආයතන ආරක්ෂක අංශයද මෙලෙස සීරුවෙන් තබා සිටිනවා. කොළඹ මේ වන විටත් හුදකලා කළ ප්‍රදේශයක් ඔහුගේ මෙම සමීපතමයාගේ පදිංචිය වූ බවයි නොනිල වාර්තා පවසන්නේ. මෙම රැස්වීම් සදහා ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පැමිණියා.
මාධ්‍යවේදියා - ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කෙනෙක් ගැන හොයනවා කියල ආරංචියි.
හමුදා නිලධාරියා - ඔව්. ඒක තහවුරු කර ගන්න පරීක්ෂණ යනවා.
මාධ්‍යවේදියා - කොයි පැත්තේ ඉන්න කෙනෙක්ද ඔය.
හමුදා නිලධාරියා - මට මාධ්‍යට මේව දෙන්න බෑ. Sorry.
මාධ්‍යවේදියා - බොහොම ස්තූතියි.
ක්‍රිකට් ආයතනය හුදකලා කිරීමේ තීරණය මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිදුවනු ඇති.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ම මේ වන විට හුදකලා කර අවසන්. ඒ කොරෝනා වෛරස ආසාධිතයන් හමුවීමත් සමගයි. ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පසුගිය දිනවල ක්‍රිකට් ආයතනයට පෑලදොරින් රිංගුවා. ඒ මූල්‍ය අක්‍රමිකතා වෙනුවෙන් මුදල් වෙන් කිරීමටයි. මෙලෙස පැමිණි නිලධාරීන් කොහේ කවුරුන් කවදා ආශ්‍රය කර ඇත්දැයි දන්නේ ඔවුන්ම පමණයි. නිරෝදායනය නොවී කට්ටි පනින පිස්සන් සිටින රටක මේ අනුව මෙම රැස්වීම් කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත කරන රැස්වීම් වී ඇත්දැයි සැක මතුවනවා. මේ පිලිබද පරීක්ෂණ තවදුරටත් සිදුකළ යුතු අතර ඉදිරියේදී යලිත් මෙවන් හමු වැලැක්වීම රජයේ වගකීම වනවා. ඒ මෙවන් ක්‍රිකට් ආයතන ඉහළපුටු රත් කරන හොරු සිය උවමනාවන් වෙනුවෙන් රටම අමාරුවේ දැමීම වැලැක්වීමටයි.
ක්‍රිකට් ආයතනය මූල්‍ය වංචා සිදුකිරීමේ අරමුණ ඇතුව මෙලෙස රැස්වීම් කැදවනු ලබනවා. මෙම රැස්වීම්වලදී ගනු ලබන තීරණය පිලිබද විධායක කමිටුව දැනුවත් කරන බව පැවසෙනවා. එහෙත් එහි ඇතැම් තීරණ බොහෝ විධායක කමිටු නිලධාරීන් දැනගන්නේ lankasportsnews වාර්තා කළ පසුව බව කිහිපදෙනෙක්ම අප සමග පවසා තිබෙනවා.
රජය හා ත්‍රිවිධ හමුදාව, පොලීසිය එක්ව ලොව සාර්ථකම කොරෝනා වෛරසය පැරදවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවා රෑ ඒ වෙනුවෙන් කැපවනබව නොරහසක්. එහි ප්‍රතිඵල ලබා ගැනීමට නම් නීති රීති නොතකා කට්ටි පනින පිරිස කූඩුකල යුතුයි. ක්‍රිකට් ආයතනය එලෙස නීතියේ හිල් සොයමින් රිංගන පිරිස අතර ඉහළින්ම සිටිනවා. මෙම රහසිගත රැස්වීම් පැවැත්වීම නතර නොකරන්නේ නම් කොරෝනා වෛරසය ක්‍රිකට් ආයතනයේ පැලකර මිස නතර නොවනු ඇති.

No comments:
Post a Comment