ක්‍රිකට් ආයතනයෙන් තැබෑරුම් සදහා දීමනාවක් ?
කොරෝනා වෛරසය ආශිර්වාදයක් වූ තැනක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව තිබෙනවා. පසුගිය කාලයේම ඉවක් බවක් නැතුව ඔවුන් මුදල් කාබාසිනියා කළා. මේ වන විට ඔවුන් මෙම ආපදාව ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී ගොඩ වැඩිකර ගැනීමට සූක්ෂමව යොදාගෙන තිබෙනවා. මෙවර අලුත් අවුරුදු ප්‍රසාද දීමනා කපා හරිමින් සේවකයන් නොසන්සුන් කළත් නිලවරණයේදී ජන්දය භාවිතා කරන ක්‍රීඩා සමාජ සදහා ඔවුන් විශාල හැන්දකින් බෙදමින් සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී ජන්ද 147 ක් භාවිත වනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 80 කට අධික සංඛ්‍යාව නියෝජනය කරමින්. පළාත් ක්‍රිකට් සංගම් සදහා මෙම කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් පරිපාලන කටයුතු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සදහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට අමතරව ක්‍රීඩා පිටි සහිත ක්‍රීඩා සමාජ සදහා රුපියල් ලක්ෂය බැගින් මාස දෙකක් ( මාර්තු හා අප්‍රේල් ) ලබාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ ක්‍රීඩාංගණයේ නඩත්තු සේවක පඩි ගෙවීම ඇතුලු නඩත්තු කටයුතු වෙනුවෙන්.
මේ අනුව ක්‍රීඩා පිටි නොමැති ක්‍රීඩා සමාජ කිසිදු දීමනාවකට සුදුසුකම් ලබන්නේ නෑ. එවන් ක්‍රීඩා සමාජ රැසක් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලේ තැබෑරුම් පවත්වාගෙන යනවා. උදාහරණයක් ලෙස මොරටුව කැටමරාන්ස් ක්‍රීඩා සමාජය දැක්විය හැකියි. එවන් තැබෑරුම් සේවකයන් හා ඒවායෙන් නඩත්තු වූ පිරිස රජය තැබෑරුම් වසා දැමීමට නියෝග කිරීමත් සමග ගැටළු රැසකට මුහුණදී සිටිනවා. එවන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සදහා තැබෑරුම් වෙනුවෙන් වෙනම මුදල් ප්‍රධානයක් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට පිරිනමන මුදල පිලිබද මෙතෙක් එකගතාවක් ඇතිව නැහැ.
ක්‍රිකට් ආයතනය මෙලෙස නත්තල් සීයාට ඇද ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට නියමිත නිලවරණය ඉලක්ක කර ගනිමින්. එහිදී සභාපති අපේක්ෂක බවට පත්වීමට වත්මන් සභාපති ශම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා අතර සීතල යුද්ධය ආරම්භ වී තිබෙනවා. දෙදෙනාම මාධ්‍යවේදීන් හුරතල් කරමින් ඇත්තේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමිනුයි. එමෙන්ම දෙදෙනාම තරගයට පුංචි බොරැල්ලට කේලම් කියමින් සිය පක්ෂපාත බව පෙන්වීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අතර බොරදියේ මාලු බාමින් සිටින ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාත් කවුරු බලේට ආවත් සිය පුටුව රැක ගැනීමේ ක්‍රීඩාවක නිරතව සිටිනවා.
ක්‍රිකට් ආයතන අපේක්ෂකයින් මීට පෙර මුදල් බෙදමින් සාමාජිකයින් බිලීබාගැනීමේ නිරතවූයේ රහසිගතවයි. එහෙත් මෙවර එය එලිපිට සිදුකරමින් ඇත්තේ ක්‍රිකට් ආයතන මුදල් කොරෝනාවට මුවාවී ජන්ද ප්‍රචාරනය සදහා යොදාගනිමින්. මේ හේතුවෙන් ක්‍රිකට් භාණ්ඩාගාරය හිදී ගොස් ඇතැයි අප මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති. මෙලෙස වගකීමක් නැතුව මුදල් බෙදීම හරහා ක්‍රිකට් ආයතනය බංකොලොත් වීමට ගතවන්නේ තවත් මාස 6 ක් පමණක බවත් සදහන්කිරීමට සිදුව ඇත්තේ කණගාටුවෙනි. එදාට ක්‍රිකට් ලොක්කන්ගේ පිට කසමින් විදෙස් සංචාර යෑමට සිහින දකින මාධ්‍යවේදීන්ට සිදුවන්නේ උඩ බලන් හීල්ලීමට පමණි. එන්න එක්වෙන්න. ක්‍රිකට් ආයතනය බේරා ගැනීමේ මෙහෙයුම කැරැල්ලක් ලෙස පණ පොවමු. මුදලට විකිණුන මාධ්‍යවේදීන් උගස්කර ඇත්තේ තම දරුවන්ගේ අනාගතය බව මතකතබාගත යුතුයි.

No comments