Wednesday, April 29, 2020

ක්‍රිකට් ආයතනය විනිසුරුවන් මිලට ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිසුරුවන් 40 දෙනෙකු මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ඉදිරියේදී මුදලට තරග පාවාදීම් සදහා හවුල් කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව දැයි සැකයක් මතුවනවා. පූර්ණ කාලීන විනිසුරුවන් යන ව්‍යාජ පදනමක් යටතේ එය සිදුවනවා. ඊට ඔවුන්ට ඉවහල් වී ඇත්තේ වර්ථමානයේ පැතිර යන කොරෝනා වෛරසයයි. කොරෝනා වෛරසයට මුවාවී ඔවුන් මෙලෙස සිය අරමුණු රැසක් ඉටුකර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන් මුදලට තරග පාවාදීම් සදහා හවුල් ගැනීම කළක සිට සිදුවන බව රහසක් නොවේ. එම ප්‍රමාණය වැඩිකර ගැනීමට මෙවර ක්‍රිකට් ආයතනය අපූරු උපක්‍රමයක් යොදා තිබෙනවා. ක්‍රිකට් තරග මෙම කාලයේ නොවීම හේතුවෙන් පූර්ණ කාලීන විනිසුරුවන් ලෙස කටයුතු කරන බව කියමින් 40 දෙනෙකු සදහා රුපියල් 40,000 බැගින් මාසික ගෙවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඇත්තෙන්ම පූර්ණ කාලීන විනිසුරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට මේ වන විට පත්ව සිටින බවට විවාදයක් නෑ. ක්‍රිකට් ආයතනය ඒ අතරින් විනිසුරුවන් 40 දෙනෙකු තෝරා ගැනීමේ පදනමයි ගැටළුකාරී වී ඇත්තේ. මේ පිලිබද සැලකිලිමත් වීම මෙරට ක්‍රිකට් මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත ක්‍රියාවට නැංවීම සදහා පත්ව ඇති නිලධාරීන්ගේ වගකීම වනවා.

No comments:

Post a Comment