• Breaking News

    ආන්ඩුව ක්‍රිකට් අල්ලේ නැටවේ - හැමෝම හොයපු විස්තර - Exclusive

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූල්‍ය අංශය හදිසි රැස්වීමක් පසුගියදා (16) කැදවා තිබූ බව අප වාර්තා කළා. එහි තොරතුරු අපට එදිනම ලැබුණත් ඒවා ප්‍රසිද්ධ නොකර තබාගැනීමට අප පියවර ගත්තා. ඒ මෙම රැස්වීම පිලිබද අනෙකුත් තරගකාරී මාධ්‍ය වෙත තොරතුරු වාර්තා කිරීමට අවස්තාව ලබා දෙමින්. එම මාධ්‍ය මෙම රැස්වීම පිලිබද වාර්තා කර තිබුනේ පූර්ණ සත්‍ය නොවේ. මාධ්‍ය භාෂාවේ එවන් වාර්තා කිරීම හදුන්වන්නේ අතේ රෝල් ලෙසයි. අතේ රෝල් අතර සත්‍ය අනාවරණය කිරීමට lankasportsnews දැන් සූදානම්.

    මෙම රැස්වීම සදහා එක්ව ඇත්තේ නිලධාරීන් 6 දෙනෙකු පමණි. ක්‍රිකට් ආයතන මූල්‍ය කටයුතු සාකච්ජා කිරීමට කැදවා තිබූ මෙම හමුව භාණ්ඩාගාරික ලසන්ත ලියන්ගේ එක්ව නැති බවයි වාර්තා වන්නේ. ඒ වෙනුවට එක්ව ඇත්තේ උප භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ලයි. ඔහු කෙහෙලිය රඹුක්වැල්ලගේ සොයුරෙක් වනවා. මෙලෙස භාණ්ඩාගාරික කර ඇරීමට හේතු වී ඇත්තේ අනාගතයේ දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් කූඩුවට නැගිය නොහැකි බව පවසමින් බව සදහන්.

    මේ අනුව පැවති රැස්වීමේදී කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සදහා රුපියල් ලක්ෂ 400 ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි රුපියල් ලක්ෂ 250 ක් මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ක්‍රිකට් ආයතනය ලබාදී අවසන්. ඊට නීතිමය ලෙස අනුමැතිය හිමිව ඇත්තේ මෙම රැස්වීමේදීයි. ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ 150 ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීමට තීරණය කර ඇතැයි සදහන්. ඒ ක්‍රීඩා පිටි විෂබීජ  හරනය සදහායි. මෙම මුදල ලබා නොදී විෂබීජ හරනය ක්‍රිකට් ආයතනය මැදිහත්ව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ කුප්‍රකට කොන්ත්‍රාත්කරු සුජීව ගොඩලියැද්ද හරහායි. 

    හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 30 ක් වෙන්කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්කරු ශ්‍රීමාලට ලබාදීමටයි. ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ සංවර්ධනය සදහාත් මුදල් වෙන්කර තිබෙනවා. ඒ අතර කැපී පෙනෙන මුදල් වෙන් කිරීමක් සිදුකර ඇත්තේ  දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා සමාජ 25 ටයි. එහිදී පැවති ක්‍රිකට් නිලවරණයේදී තිලංග පාර්ශ්වයට ජන්දය ලබාදුන් ක්‍රීඩා සමාජ නියෝජනය සදහා රුපියල් දෙලක්ෂ 50,000 ක මුදලක් හා අනෙක්තු දිස්ත්‍රික් සදහා රුපියල් එක්ලක්ෂ 50,000 මුදල් ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

    ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ වැඩබලන ප්‍රධානී කාමලිකා ජයසේකර මහත්මිය පැවසුවේ ක්‍රිකට් ආයතනය ඉදිරියේදී රටට ශක්තියක් වීමට සැලසුම් සහගතව කටයුතු කරමින් ඇති බවයි. මෙම රැස්වීමේ ක්‍රිකට් ආයතන නිලධාරීන්ට නායකත්වය ලබාදුන් තමන් පවතින මූල්‍ය තත්වය පැහැදිලි කළ බවත් වැඩි දුරටත් කියා සිටියා.



    No comments