Tuesday, April 28, 2020

ක්‍රිකට් පඩි කැපේ - ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කැරැල්ලක් - Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් ජේෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයට එරහිව කැරැල්ලක් ආරම්භ කර තිබෙනවා. ඒ කොන්ත්‍රාත් මුදල් කපාදැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩකයන්ට දැනුම්දීමත් සමගයි. ක්‍රිකට් ආයතනය ඉවක් බවක් නැතුව මූල්‍ය පරිපාලනය කරන බව අප පසුගිය ලිපි ගණනාවකින් පෙන්වා දුන්නා. එහි අනිටු ප්‍රතිඵල විදීමට සිදුව ඇත්තේ ක්‍රීඩකයන්ටයි. රජය මෙම තත්වයට වහා මැදිහත්විය යුතු බවයි ක්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ.

ජේෂ්ඨ ක්‍රීඩකයා - කොහොමද කොල්ලෝ.
මාධ්‍යවේදියා - අව්ලක් නෑ අයියේ. කොහොමද ඔයාට.
ජේෂ්ඨ ක්‍රීඩකයා - මටත් අවුලක් නෑ කොල්ලෝ. මුන් පිස්සු නටනවනේ. මොකක්ද කොල්ලෝ මේ කරන්න හදන්නේ.
මාධ්‍යවේදියා - රිම් එකෙන්නේ ඔක්කොම. ඉස්සරහට ඔයාලටත් කේස් එකක් වැටෙයි.
ජේෂ්ඨ ක්‍රීඩකයා - මොකක්ද කේස් එකක් කිව්වේ.
මාධ්‍යවේදියා - ටුවර් නැතිනිසා ගාන කපයි.
ජේෂ්ඨ ක්‍රීඩකයා - ඇයි උබ දන්නේ නැද්ද ?
මාධ්‍යවේදියා - දන්නෑ. මොකක්ද අලුත්ම සීන් එක අයියේ.
ජේෂ්ඨ ක්‍රීඩකයා - අපේ කන්‍ට්‍රැක් (වාර්ශික කොන්ත්‍රාත්තුව ) එකෙන් සීයට 30 ක් කපන්න මුන් ඇහුව බං. පිස්සු ..ත්තලා. එහෙම කලෙත් නම් මම ඔක්කොගෙම රෙදි ගලවනවා.
මාධ්‍යවේදියා - ලොක්කොන්ගේ සීයට 20 යිනේ කපන්නේ. ඔයාලගෙන් 30 ක් කියල කිව්වද ?
ජේෂ්ඨ ක්‍රීඩකයා - ඈ. උන් 20 ක් කපාගෙන අපෙන් 30 ක් කපන්නද යන්නේ.
මාධ්‍යවේදියා - ඔව්.
ජේෂ්ඨ ක්‍රීඩකයා - කොල්ලෝ මට තව කෝල් එකක් මම උබට ආයේ ගන්නම්. ටච් එකේ ඉදපන්.
මාධ්‍යවේදියා - උත්තර දීමට පෙර දුරකථනය විසන්ධි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි අප පසුගියදා අනාවරණය කළා. එම ලිපිය පහතින්.

ක්‍රිකට් ආයතනය අවසන් ගමන් යයි | එන්න පස් පිඩක් දාන්න



ක්‍රිකට් ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ විධායක නිලධාරීන් කිහිපදෙනෙක්ගේ පමණක් වැටුප් වැඩිකර ගත්තා. ඒ රුපියල් ලක්ෂ ගණනින්. එලෙස වැටුප් වැඩිකරගත් ප්‍රධාන විධායක නිලධාරීයෙක්ගේ, ප්‍රධාන පරිපාලන නිලධාරියෙක්ගේ මෙන්ම කෙත්තාරාමයට අනියුක්ත ( ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය ) නිලධාරියෙක්ගේ වැටුප් ලබන මාසයේ සිට සියයට 20 කින් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. අනතුරුව එය සෙසු සේවකයන් දක්වා ක්‍රියාත්මක කිරීම සැලැස්ම වී ඇතැයි සදහන්. ඊට විරෝධය එල්ලවීම වැලැක්වීමට මෙලෙස ප්‍රධාන විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කරනවා. කෙසේ වෙතත් මෙම නිලධාරීන් මාසිකව රුපියල් ලක්ෂ 5 කට අධික වැටුපක් ගන්නා අයයි.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් සියයට 30 ක් කපා දැමීමට තීරණය කර තිබෙනවා. ඊට විරෝධය එල්ල කිරීමට පෙරමුණට පැමිණ ඇත්තේ මේරට වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයා වීම කැපී පෙනෙනවා. ඔහුට අනුව ඔහුට මෙම තීරණයට විරුද්ධ වීමට ඇති හයිය අනෙක් ක්‍රීඩකයන්ට ඇත්තේ නැහැ. මේ හේතුවෙන් ඔහු අනෙක් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙරට පැමිණ සිටිනවා.

Lankasportsnews වෙබ් අඩවිය වාර්තා කරන ප්‍රවෘත්ති ඉතාම විශ්වාසනීය හා නිවැරදි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තහවුරු කරමින් අප වෙත එවූ ලිපිය පහතින්.

අපේ ප්‍රවෘත්ති නිවැරදි බව පවසමින් ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක්




No comments:

Post a Comment