• Breaking News

    බෙදීම එලියට - රුපියල් ලක්ෂ 5000 ක් පොම්ප කරලා

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (2020/05/04) විශේෂ රහසිගත හමුවක් පවත්වා තිබෙනවා. එහි නිලධාරියෙක් කියා සිටියේ ඊට එක්වූයේ සභාපති ශම්මි සිල්වා හා ඔහුට සහය ලබාදෙන පිරිස පමණක් බවයි. ලේකම් මොහාන් ද සිල්වා හා හිටපු සභාපති තිලංග සුමතිපාලට සහය ලබාදෙන පිරිස ඊට එක්ව නැහැ. මෙම හමුවේදී ඉදිරි මූල්‍ය කටයුතු පිලිබද සාකච්ජා කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කොන්ත්‍රාත් ආයතන සදහා මූල්‍ය ප්‍රධානයන් සිදුකළා. එහිදී කොන්ත්‍රාත් 31 ක් සදහා රුපියල් ලක්ෂ 5000 ක් ලබාදී ඇතැයි මූල්‍ය අංශ වාර්තාවේ දැක්වෙනවා. මෙලෙස මූල්‍ය ප්‍රධානයන් සිදුකර ඇත්තේ කිසිදු සේවකයක් සිදු නොවන කාලයකදීයි. මෙම කොන්ත්‍රාත් කරුවන්ට ගිවිසුම් මුදලින් සියයට 50 ක් ලබාදී තිබියදී මෙම මුදල් ප්‍රධානය සිදුවීම කැපී පෙනෙනවා. එහි සමාලෝචනයක් මෙම හමුවේදී සිදුවූ බවයි ක්‍රිකට් ආයතන සේවකයෙක් lankasportsnews වෙත කියා සිටියේ.

    මෙම හමුවට එක්ව ඇත්තේ සභාපති ශම්මි සිල්වාට සහය ලබාදෙන පිරිසක් පමණයි. ලේකම් මොහාන් ද සිල්වා සමග හිටපු සභාපති තිලංග සුමතිපාලට සහය ලබාදෙන කිසිවෙක් ඊට එකව නැහැ. ක්‍රිකට් ආයතන සේවකයා වැඩිදුරටත් lankasportsnews වෙත කියා සිටියේ විධායක කමිටු නිලධාරීන් 16 ක් තවමත් හිටපු සභාපති තිලංගට පූර්ණ සහය ලබාදෙන බවයි. ශම්මිගේ බලාපොරොත්තුව වී ඇත්තේ සිය පිරිස ඉහළ නංවා ගැනීම බවත් ඔහු කියා සිටියා. ඒ වෙනුවෙන් විධායක කමිටු සාමාජිකයින්ට කොන්ත්‍රාත් ලබාදීම සැලැස්ම වී තිබෙනවා.එවිට ඔවුන්ට කොමිස් කුට්ටි හරහා පෝසත් වීමට ඉඩ ලබාදී හොද හිත දිනාගත හැකිවනවා.

    මේ අතර ක්‍රිකට් ආයතනය පාරිතෝශික දීමනා හෙවත් බෝනස් ලබාදීම කප්පාදු කර අවසන්. මේ හේතුවෙන් බෝනස් ලැබෙනතුරු බලාසිටි සේවකයන්ට උඩ බලා සිටීමටයි සිදුව ඇත්තේ. ඒ අතර ක්‍රිකට් පුහුණුකරුවන් පිරිසක් එලවලු විකිණීම සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතනය සේවකයන් වෙනුවට ජන්ද හිමි ක්‍රීඩා සමාජ තෝරාගෙන තිබීම හේතුවෙන්. ශම්මි සිල්වාගේ බලාපොරොත්තුව වී ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සහය නොමැතිව බලයට පත්වීමයි. එහෙත් ඊට ලොකුම භාධාව වී ඇත්තේ ලේකම් මොහාන් ද සිල්වායි. මේ හේතුවෙන් මොහාන් නොමැතිව ඉදිරි තීරණ ගැනීමට ශම්මි තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.





    No comments