වෙසක් සල්ලි දන්සැලක් - රුපියල් ලක්ෂ 600 ක් වෙන්කරලා
වෙසක් මාසයේ සල්ලි දන්සැලක් පවත්වමින් රුපියල් ලක්ෂ 600 ක් පිනට බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් පිරිසක් රැස්වී ලබාගත් තීරණයකට අනුවයි. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභාපති ශම්මි සිල්වායි. මුදලින් අඩුවක් නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනාවට මුවා වී මේ සිදුකරන්නේ ලබන වසරේ ක්‍රිකට් නිළවරණයට සූදානම් වීම බවයි එහි ඉහල නිලධාරියෙක් lankasportsnews වෙත කියා සිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස සල්ලි දන්සැල් දැමීමට කටයුතු කරන්නේ කිසිදු ආදායමක් නොමැති කාලයක වීම කැපී පෙනෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ක්‍රිකට් තරගාවලි රැසක් අවලංගු වී තිබෙනවා. මේ හේතුවෙන් තරග විකාශන අයිතිය අලෙවි කිරීමටද නොහැකියි. මේ අනුව ගතවන්නේ ක්‍රිකට් ආයතනයට මුදල් නොලැබෙන කාලයක්. එනිසාම මෙම කාලයේ අරපිරිමැස්මෙන් මුදල් වැය නොකිරීම ක්‍රිකට් ආයතනය බොකොලොත් වීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මෙලෙස නියං කාලයේ කිසිදු සැලැස්මක් නැතුව පළමුව ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන ගණනින් මුදල් පොම්ප කරනු ලැබුවා. එතනින් නොනැවතී ඉදිකිරීම් කොන්ත්‍රාත් වෙනුවෙන් හේතු නොමැතිව මුදල් පොම්ප කළා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටිය සංවර්ධනය වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 5000 ක් වෙන්කර තිබෙනවා. මේ අතර ක්‍රිකට් ආයතන වැටුප් වෙනුවෙන් පමණක් මසකට රුපියල් ලක්ෂ 300 ක් වැය කරනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් මුදලට අමතරවයි.
මෙලෙස දැවැන්ත මූල්‍ය විනාශයක් සිදුකරන අතර පසුගිය 2020/05/08 පැවති විධායක කමිටු රැස්වීමේදී ක්‍රීඩා සමාජ සදහා රුපියල් ලක්ෂ 600 ක් බෙදාදීමට තීරණය කර තිබෙනවා. ක්‍රිකට් ආයතන නිලවරණ ජන්දයකට රුපියල් ලක්ෂ 5 ක් මේ යටතේ හිමිවනවා. මේ අනුව පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 26 ක් සදහා රුපියල් ලක්ෂ 15 බැගින් හිමියි. රුපියල් ලක්ෂ 10 බැගින් හිමිවන්නේ කන්ට්‍රෝලින් ක්‍රීඩා සමාජ 29 ක් සදහායි. එක් ජන්දයක් ඇති ඇෆිලියේටඩ් ක්‍රීඩා සමාජ 23 ක් සදහා රුපියල් ලක්ෂ 5 බැගින් හිමිවනවා.
ක්‍රිකට් ආයතන බලයේ සිටින නිලධාරීන් කලක සිට සිය ජන්ද පදනම වෙනුවෙන් මුදල් බෙදනු ලැබුවා. නිලවරණය ඉලක්ක කර සිදුවන එවන් කටයුතු වෙනුවෙන් මේ තරම් මුදල් පොම්ප කිරීමක් සිදුව ඇත්තේ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි. එමෙන්ම නිලවරණය ඉලක්ක කර අත යටින්ද මුදල් ලබාදීම සිදුවුණා. ඒ සියල්ලම කැටිකර මෙවර මුදල් බෙදීම සිදුවන්නේ අරුම පුදුම ලෙසයි. ක්‍රිකට් ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන ජෙරම් ජයරත්නගේ දුව විවාහ කරගත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ තුන්වන පුතා වන රෝහිත රාජපක්ෂයි. මේ අනුව ක්‍රිකට් ආයතනයේ සිදුවන විනාශය දෙස ආන්ඩුව නොදැක්කා ලෙස සිටින්නේ හිමිවන අත යට විශාල කොමිස් කුට්ටි හේතුවෙන් බවට රාවයක් පවතිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන මූල්‍ය අංශ නිලධාරිනී කාමලිකා ජයසේකර lankasportsnews වෙත කියා සිටියේ පඩි ගෙවීමට දෙසැම්බර් මාසය දක්වා ක්‍රිකට් වත්කම් ඇති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ණය මුදලක් ලබාගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියා. ශම්මි සිල්වා සභාපති ඉතා හොදින් මූල්‍ය පාලනය සිදුකරන බව කියා සිටි ඇය කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස පළ කළා. ලේකම් මොහාන් ද සිල්වා ණය මුදල ලබා ගැනීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගින් කටයුතු කරමින් ඇති බවත් මෙහිදී කියවුණා.
තිලංග සුමතිපාල ක්‍රිකට් බලය බිදීම ශම්මි සිල්වාගේ අරමුණ වී තිබෙනවා. ඒ වෙනුවෙන් මෙම මුදල් කාබාසිනියා කිරීම සිදුවන බවයි එහි සේවකයන් පවසන්නේ.
සබැදි පෙර ලිපි

No comments