Wednesday, May 6, 2020

ජයසූරියගේ කොන්ත්‍රාත්තුවට ගාල්ලේ වර්ණවීර දාපු මුට්ටිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති සටනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනමට ලක්ව සිටින හිටපු නායක සනත් ජයසූරිය එක්වීමට සූදානම් වන බව lankasportsnews වෙත වාර්තා වනවා. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සැලැස්මකට අනුවයි. ඊට අවශ්‍ය පියවර රැසක් මේ වන විටත් ගෙන අවසන් බව පුංචි බොරැල්ලෙන් තොරතුරු ලබාදුන් මූලාශ්‍රය කියා සිටියා.

තිලංග - මල්ලි කොහොමද ?
සනත් - ඔයාලගේ පිහිටෙන් අපේ හයියෙන් ඉන්නවා.
තිලංග - එනවද පීඑම්ගේ මීටින් එකට.
සනත් - මට දැන් දේශපාලනය එපා වෙලා. වැඩක් වෙයිද ?
තිලංග - ක්‍රිකට් එක පැත්ත බැලුවොත් මොකද ?
සනත් - ඔයාල අපිට ඉතින් ඒ පැත්තට එන්න දෙන්නේ නෑනේ.
තිලංග - මම ඒක සෙට් කරල දෙන්නම්.

සනත් ජයසූරිය හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙක් වනවා. ඔහු මුදලට තරග පාවාදීම් පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණයක් සදහා සහය ලබා නොදෙන බව පවසමින් වසර දෙකක තහනමට ලක්වුණා. ඒ ජංගම දුරකථනය පරීක්ෂණ නිළධාරීන්ට ලබා නොදීමේ වරදටයි. තහනම නම් වසර දෙකෙන් ඉවරයි. ඕකේ වීඩියෝ එලියට ආවනම් ජීවිත කාලෙම ඉවරයිනේ. මේ ජංගම දුරකථනය ලබා නොදීම පිලිබද ඔහුගේ සමීපතමයෙක් කියූ කතාවයි.

එවන් ජයසූරිය ක්‍රිකට් ආයතන සභාපති කිරීමට ඇති ප්‍රධාන භාධාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි. එහි සැර මැණගැනීමට තිලංග සුමතිපාලට මෙවර සහය වී ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය භාරකරු ලෙස සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පරීක්ෂණයක් සදහා සහය ලබා නොදීමේ චෝදනාවට තහනමට ලක්වූ ජයනන්ද වර්ණවීරයි. වර්ණවීර ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය සදහා ලේකම් අපේක්ෂක ලෙස එක්වන බව පසුගියදා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා. එහෙත් එම සංගමයේ ප්‍රකාශකයෙක් lankasportsnews වෙත කියා සිටියේ නිලවරණය පැවැත්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

තිලංග - වර්ණවීර ඉස්සරහට දාල බැලුවා.
සනත් - මිනිහට ඉල්ලන්න පුලුවන්ද ? 
තිලංග - ඒක බලන්න තමයි සෙට් කලේ. මිනිහට පුලුවන් නම් සනාටත් අවුලක් නෑනේ.
සනත් - මම ඉතින් අයියා කියන දෙයක් තමයි. මතකනේ සිලෙක්ෂන් කළ කාලේ. මට කොච්චර මීඩියා ගැහුවත් මම අයිය කියන විදිහටනේ කළේ.
තිලංග - මම නොදන්නවද ඒක. ඒකනේ මාත් මේ සෙට් කලේ. මට විශ්වාස කරලා වැඩක් කරගන්න පුලුවන් නිසා.
සනත් - ඒවා ඉතින් මොකට කියනවද ? ඒකාලේ ?
තිලංග - මට කෝල් එකක්. මල්ලි මීඩියා උන්ව දැන්ම අල්ලල තියාගන්න.
සනත් - හරි හරි. එදා කිව්වනේ. මම ක්‍රීඩා මාධ්‍යවේදීන්ට පොඩි දේවල් ටිකක් දුන්න. උන්ට ඉතින් බෙට්ටක් උන්නත් නිකං නං අරන් කටේ දාගන්නවනේ. ( සිනාසෙති )
තිලංග - මාත් ඉන්නකම්ම සෙට් එකකට මාසිකව ගානක් දුන්නා.

ඔවුන් මේ ක්‍රිකට් වැලලීමටයි උත්සාහ කරන්නේ. එම වලින් ගොඩ එන්නේද නැද්ද තීරණය ඔබ සතුයි. වාර්තා කිරීම හා පෙන්වාදීමේ යුතුකම මෙලෙස අප ඉටුකළා. මෙම සිදුවීමේ දෙවන අධියර නුදුරේදීම පහකරන බව සලකන්න.

No comments:

Post a Comment