ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් කාබාසිනියා වීම් හා අතුරුදන් වම් අතරතුර සුභ සාධන සංගමයේ මුදල් එහි සභාපති වන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ගිල තිබෙනවා. මේ අනුව සුභ සාධන සංගමය නමට පමණක් සීමා වූ වැටුපෙන් මුදල් අහිමිවන එකක් පමණක් බවට පසුගිය වසර 5 පුරාම පත්ව අවසන්. එය ඊයේ (2020/05/11) තහවුරු වූ බව ක්‍රිකට් ආයතන සේවකයෙක් කියා සිටියා.
කොරෝනා වෛරසය ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ලෝකයම වසා දැමුණා. එම කාලය තුල මඩි තරකර ගැනීමට කටයුතු කළ මුග්ධ පාලකයින් පිරිසකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නතුවී තිබුණා. ඔවුන් ක්‍රිකට් අරමුදල් රිසි සේ සූදු කෙලීමට භාවිතා කරනු ලැබුවේ ඉදිරි නිලවරණය ඉලක්ක කරමිනුයි. මේ හේතුවෙන් විවිධ නම් ලබාදෙමින් ක්‍රීඩා සමාජ මල්ල පිරෙන්නට රුපියල් ලක්ෂ ගණනින් මුදල් විසිකරනු ලැබුවා. එම අවස්ථාවන් අප පසුගිය කාලය පුරා අනාවරණය කළා ඔබට මතක ඇති.
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමා යලි රට විවෘත කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි. ව්‍යසනයට පසු පළමු දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවකයින් 20 ක්ට අධික පිරිසක් පැමිණ සිටියේ බලාපොරොත්තු රැසක් තුරුලුකරගෙනයි. ක්‍රීඩා සමාජ සදහා අසාමාන්‍ය ලෙස මුදල් බෙදූ පිම්මේ ආයතන සේවකයන්ටද සහන රැසක් හිමිවනු ඇති බවට බලාපොරොත්තු වුණා.
බෝනස් ලබාදීම / වැටුපෙන් කැපෙන ලෙස පොලී රහිත ණය මුදලක් ලබාදීම හෝ පවුල් නඩත්තුව වෙනුවෙන් සහන මල්ලක් ලබාදීම වැනි අහිංසක බලාපොරොත්තු ඒ අතර වුණා. එහෙත් හිස් අතින් ගියා මෙන්ම අත්දෙක වන වනා උඩ බලන් පැමිණීමට ඔවුන්ට සිදුවුණා. ඒ ක්‍රිකට් ආයතනය සේවයන් අමතක කර ක්‍රිකට් ක්‍රීඩකයන් පසෙක දමා ජන්ද වෙනුවෙන් පමණක් සේවය කිරීම හේතුවෙනුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන්ගෙන් සෑම මසකම සුභ සාධනය වෙනුවෙන් රුපියල් 100 ක් කපාගන්නවා. ක්‍රිකට් ආයතනය සේවකයන් 200 කට අධික පිරිසක් සේවය කරන ආයතනයක්. එය පසුගිය වසර 15 පුරාම සිදුවුණා. එහෙත් පසුගිය වසර පහ පුරාම සුභ සාධන සංගමය කිසිදු සුභ සාධනයක් සිදුකර නැහැ. මලගෙවල් සදහා බැනර් දැමීමට පමණක් එය සීමා වී තිබෙනවා. කොටින්ම මෙම කාලය පුරාම ඊට නිලධාරී මණ්ඩලයක් හෝ ඇත්තේ නැහැ. සභාපති ලෙස ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පමණක් මෙම නාම මාත්‍රික සංගමය පවත්වන් යනවා.
සභාපති පමණක් සිටින ක්‍රිකට් ආයතන සුභ සාධන සංගමයේ සාමාජිකයින් 200 කට අධික පිරිසක් සිටිනවා. සෑම මසකම ඔවුන් රුපියල් 100 බැගින් ඈෂ්ලී ද සිල්වාට පරිත්‍යාග කරනවා. එම මුදල් වෙනුවෙන් පසුගිය වසර 8 පුරාම ගිණුම් ඉදිරිපත් කර නැහැ. මෙම සුභ සාධන සංගමයේ අවසන් වරට ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ ලසිත මෙන්ඩිස් මහතායි. මාසයකට රුපියල් ලක්ෂ 15 කට අධික වැටුපක් ලබාගන්නා ඔහු මෙම මුදල් වැයකරන්නේ කුමක් සදහා දැයි සැකයක් මතුව තිබෙනවා.
ණය බරින් මිරිකී අත්තිකාල දීමනා තුලින් මාසයක් හිගා නොකා හිගා කමින් ජීවත් වන සේවකයන් ක්‍රිකට් ආයතනය තුල නැතුවාම නොවේ. පහළම රැකියා කරන එවන් නිලධාරීන් ඊයේ නිවෙස් වලට ගොස් තිබුණේ ඉහළ පුටු රත් කරන්නන්ට වැහි නැති හෙන ඉල්ලමින් විය යුතුයි. සූර්යකෝෂ මගින් විදුලිය ලබා ගන්නා කොළඹ සුපිරි නිවසක ජීවත්වන ඈෂ්ලී ද සිල්වා සේවකයන්ගේ දුක දන්නා නිලධාරියෙක් නොවෙයි. ඉතින් ක්‍රිකට් ආයතන සුභ සාධන සංගමය සිදු නොකරන එකම දෙය සේවක සුභ සාධනය වීම අරුමයක් නොවේ. සුභ සාධන සංගමයට හැකිනම් වාර්ශික අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලෙස අප අභියෝග කරනවා.

No comments:
Post a Comment