• Breaking News

    ක්‍රිකට් ආයතන සැලැස්මක් ලත් තැනම ලොප්වේ

    ආරක්‍ෂිත නේවාසික කණ්ඩායම් පුහුණුව නම් විශේෂ නේවාසික පුහුණු කඳවුරක් පිලිබද සියලු සැලසැම් ලත් තැනම ලොප් වී තිබෙනවා. එය ලබන 15 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. ඊට එක්වන ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනා ‘කොරෝනා’ වයිරස් පරීක්‍ෂණ දෙකකට සහභාගි කරවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියද හිමිවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකය එකතුව එය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ. 

    එයට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් පළමුවෙන්ම ‘කොරෝනා’ පරීක්‍ෂණයකට යොමු කර පළමු පරීක්‍ෂණයෙන් දින 6 ත් 7 ත් අතර කාලයකදී දෙවැනි පරීක්‍ෂණයට යොමු කිරීමට නියමිත වුණා.

    මෙහි දෙවැනි පරීක්‍ෂණය පැය 48 ක් තුළ කරන ලෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකය කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය බැහැර කරමින් පරීක්‍ෂණ ක්‍රමවේදයට අනුව එය දින දින 6 ත් 7 ත් අතර කාලයකදී කළ හැකි බවට දැනුම් දී තිබුණා. නේවාසික පුහුණු වැඩසටහනේ එක කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව අටක් සහ පුහුණු කාර්ය මණ්ඩලය පහක් වන පරිදි උපරිම වශයෙන් 13 ක් සහභාගිකරවීමටයි සැලසුම් කර තිබුණේ. එම ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට කොළඹ හෝටලයක හෝ ක්‍රීඩාංගණයක නේවාසික පහසුකම් සැළසීම සැලසුම වුණා.

    එහෙත් ඊට එක්වීම පුහුණුකරුවන් හා ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ පවතින තත්වය තුල අනවශ්‍ය අවධානමක් ලබාගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සමගයි. මේ පිලිබද විශේෂ සාකච්ජාවක් ක්‍රිකට් ආයතනයේදී පැවැත්වී තිබෙනවා. ඊට කොළඹ ප්‍රධාන හෝටලයක නවාතැන් ගෙන සිටින ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාත් එක්ව ඇතැයි සදහන්. එහෙත් මේ පිලිබද ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් දැනුවත් කිරීමත් සමග සියල්ල අවසන් වුණා.











    No comments