Tuesday, May 19, 2020

හෝමාගම ක්‍රීඩා පිටිය ගැන අසත්‍ය නිවේදනයක් - බන්දුලගේ ලීක්වූ හඩපටය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගුව ඉවත්කිරීමට සභාපති ශම්මි සිල්වා තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිලිබද පළවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය විවේචන පාලනය වෙනුවෙන් කිසිවක් සිදුනොකරන බව පවසමින්. මේ වන විට හෝමාගම ක්‍රීඩා පිටියේ යෝජනාව ආන්ඩුවටත් පාරා වලල්ලක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ මැතිවරණය කට උඩ තියා මෙලෙස දැඩි මහජන විරෝධයක එල්ලවීම හේතුවෙන්. ශම්මි වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන මට්ටමට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අවසන් විධායක කමිටු රැස්වීමට මෙම හෝමාගම ක්‍රීඩා පිටිය පිලිබද අදහස සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ඊට බහුතරයක් විරෝධය පළකිරීම හේතුවෙන් ඔහු අදහස හකුලාගත් බව පෙන්වා තිබෙනවා. අනතුරුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන හමුවී මෙම යෝජනාවට තිලංග සුමතිපාල පාර්ශ්‍රවය විරෝධය එල්ලකරන බවත්, එහෙත් තමන් එය ක්‍රියාවට නැංවීම සදහා කටයුතු කරන බවත් ඔහු පවසා තිබෙනවා.

ශම්මි - සර්, මේ කුහක යක්කු ටිකක් මේකේ ඉන්නේ.
බන්දුල - එහෙනම් කරන්න බැරිද ?
ශම්මි - මම එහෙම වැඩක් අතාරින කෙනෙක් නෙවෙයි සර්.
බන්දුල - තිලංගයි මිනිහගේ කට්ටියයි කැමති නැත්නම් කොහොමද කරන්නේ ?
ශම්මි - මහින්ද මහත්තයා නෙලුම් කුලුණ හැදුවා. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හැදුවා. ඉතින් ගෝඨාභය සර් මොකුත් කලේ නැත්නම් හරි නෑනේ සර්. අපි ගෝඨාභය සර් ට පුදුම වෙන්න මේක කරමු සර්.
බන්දුල - ආන්ඩුව නම් යන්නේ රිම් එකේ.
ශම්මි - අයියෝ සර්. සල්ලි ගැන බයවෙන්න එපා. ICC එකට බෝලයක් දාලා ඒක කඩාගන්න පුලුවන්.

මෙලෙස නිමාවූ සාකච්ජාව ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කිරීම දක්වා දුර දිග ගියා. කොරෝනා නිසා කොරවී සිටින පාක්ෂිකයන් නැගිට්ටවීමට ක්‍රිකට් භාවිත කිරීම බන්දුලගේ සැලැස්ම වුණා. එහෙත් එය පාරා වලල්ලක් ලෙස කැරකී තමන් වෙත ආවේ ආන්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත් කරමින්.

බන්දුල - අයිසේ අරක කැරකිලා. බලනවා. ආන්ඩුව ඉවරයි කියල ඇමතිලත් කතා කරලා බනිනවා.
ශම්මි - සොරි සර්.
බන්දුල - තමුසෙගේ සොරි කන්නද ඕයි. දැන් ඉක්මනට කරන්න දෙයක් කියනවා. මීඩියා වලට මොනව හරි කියනවා. පිස්සා.

සංවාදය එලෙස නිමා වූ වගයි.


මේ නිසාවෙන් බන්දුල ගුණවර්ධන හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හෝමාගම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට කිසිදු මුදලක් ආන්ඩුවට වැය නොවන බවයි. එනම් රුපියල් ලක්ෂ 8000 ක් වැය කරමින් නෙලුම් පොහොට්ටුවේ ගැඩයට හෝමාගම ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් ක්‍රිකට් ආයතන විසින්ම කරන බවයි. කිසිම වගකීමක් රජයට නැති බවයි. මේ අනුව ක්‍රිකට් ආයතනය අමාරුවේ වැටුන විට ඊට මැදිහත්වීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති වනවා.
බන්දුල ගුණවර්ධනගේ හඩපටය අහන්න පින්තූරය ක්ලික් කරන්න.

මේ අතර මේ පිලිබද මාධ්‍ය වෙත නිවේදනයක් යැවීමට ශම්මිට අවශ්‍ය වුණා. එහෙත් එය ක්‍රිකට් ආයතන මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු සිදුකිරීමට පෙර මාධ්‍ය අංශයේ සේවය කරන කේලම් පාල නම් දේහදාරී අප හිතවතෙක් ඉදිරිපත්ව තිබෙනවා. මෙය තමන් මාධ්‍යවේදීයෙක් ලෙස සිටි නිසා වඩා හොදින් සිදුකිරීමට හැකි බවයි පවසා ඇත්තේ. ඔහුගේ උපදෙස් මත නිවරදි කිරීමේ කරුණු දැක්වීමක් මාධ්‍ය ආයතන වෙත යොමු කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලිපි ශීර්ෂය භාවිතා කරමින් යොමුකළ මෙම පැහැදිලි කිරීමට ක්‍රිකට් ආයතනය කිසිදු වගකීමක් දරණ්නේ නෑ. එය මෙම පැහැදිලි කිරීමේ අසත්‍ය මනාව පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් යොමුකරන විට වගකිවයුතු නිළධාරියෙක් අත්සන යොදනවා. ඊමේල් ලිපියක් නම් නම හා තනතුර යෙදීම සිදුවනවා. එමගින් එම තොරතුරු සදහා වගකීමක් හිමිවන අතර නිළභාවයක් ලැබෙනවා. එහෙත් මෙම නිවරදි කිරීමේ එවන් කිසිදු නිළදාරියෙක් සදහනක් තබා නෑ. මෙවන් ලිපියක් අපටද ඔබටද නිර්මාණය කළ හැකියි. ඒ සදහා ලිපි ශීර්ෂය භාවිතා කිරීමටද අපට හැකියාව තිබෙනවා. ඉතින් ක්‍රිකට් ආයතනය යොමුකර ඇත්තේ එවන් කිසිදු වගකීමක් නැති පැහැදිලි කිරීමක්.

ඕනෑම ප්‍රශ්නයකදී ක්‍රිකට් ආයතනයට මෙම ලිපිය ප්‍රථික්ශේප කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කිසිදු වගකීමක් නොවීම හේතුවෙන්. මේ අනුව මෙම පැහැදිලි කිරීම එවන් සයිබර් ප්‍රහාරයක් ඔස්සේ ක්‍රිකට් ආයතන ඊමේල් ලිපිනය භාවිතා කරමින් යොමුකළ එකක් විය හැකියි. කරුණාකර සත්‍ය මාධ්‍යවේදීන් ලෙස මෙම පැහැදිලි කිරීම ප්‍රචාරය කිරීමෙන් වලකින්න. නැතහොත් ඔබටත් වග උත්තර දීමට අනාගතයේදී සිදුවනු නොඅනුමානයි.

මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග / මහේල ජයවර්ධන මෙන්ම රොෂාන් මහානාමත් විරෝධය පළකර අවසන්. මේ අනුව ඔවුන් ආන්ඩු විරෝධී රැල්ලට එක්ව අවසන්.

ගේම් නම් ගේම්. මේවනේ සුපිරි ගේම්.

පෙර ලිපි.

ජනපති අණින් හෝමාගම ක්‍රිකට් සැලසුම් නවතී ? Exclusive






No comments:

Post a Comment