• Breaking News

    හෝමාගම ක්‍රීඩා පිටිය ගෝඨාභය අපකීර්තියට කළ දෙයක් ?

    මහ මැතිවරණය කටඋඩ තිබියදී ආන්ඩුවම අපකීර්තියට පත් කරමින් ඇති හෝමාගම ක්‍රීඩා පිටියේ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපකීර්තියට පත්කිරීමේ සැලැස්මක් දැයි සැක මතුව තිබෙනවා. කොරෝනා හේතුවෙන් කොරවී සිටින ජනතාවට බෝම්බයක් දැම්මාක් මෙන් වී ඇති මෙම යෝජනාව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ පෞද්ගලික යෝජනාවක්. මෙම යෝජනාවට අති බහුතර ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් විරෝධය දක්වා තිබියදී ඔහු එය ඉදිරිපත් කිරීමත් කැපී පෙනෙනවා. අප ඊයේ (2020/05/19) අනාවරණය කළේ මෙය ඔහු ලකුණු දා ගැනීමට ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් එහි තවත් සැගවුණු අරමුණක්ද ඇතයි අපට වාර්තා වුණා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාලගේ කර මතින් පැමිණ සභාපති වූ ශම්මි සිල්වා මේ වන විට නයයි මුගටිටටි වී තිබෙනවා. ඒ තිලංග පරයමින් ක්‍රිකට් බලය ඇල්ලීමට ශම්මි කටයුතු කරමින් සිටීම හේතුවෙන්. මේ යටතේ ආන්ඩුවේ හොද හිත දිනා ගැනීමේ අවශ්‍යතාව ශම්මිට දැඩිව මතුව ඇතැයි ඔහුගේ සමීපතමයෙක් lankasportsnews වෙත කියා සිටියා. රජයේ අමාත්‍යවරයෙක් ලෙස තිලංග සුමතිපාල කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රභල ස්ථානයක් ඔහුට හිමි බවත් අමතක කළ යුතු නෑ.

    මේ අනුව රජය ඇල්ලීමේ පියවක් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමට භාවිතා කිරීමට ශම්මි සිල්වා කටයුතු කළා. ඔහුට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බහුතර ආන්ඩුවක් පිහිටුවීම වැලැක්වීම බවයි වාර්තා වන්නේ. එවිට තිලංග සුමතිපාලට බලවත් තැනක් ආන්ඩුවේ හිමිවන්නේ නෑ. අනතුරුව ආන්ඩු බලය වෙනුවෙන් විපක්ෂය බිලී බෑමක නිරතවීමට ගෝඨාභය රාජපක්ෂට හා මහින්ද රාජපක්ෂට සිදුවනවා. එවිට සමගි ජන බලවේගයෙන් එක්වන පිරිස සදහා අමාත්‍යධූර පිරිනැමීමට සිදුවනවා. 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්තාව හේතුවෙන් රිසි සේ ඇමතිකම් ලබාදීමේ හැකියාවක් නැහැ. මේ අනුව තිලංග නිකම්ම නිකම් මන්ත්‍රී පමණක් වනවා.

    මෙම ක්‍රීඩා පිටියේ සැලසුම් කොරෝනා හේතුවෙන් ජනතාව හෙම්බත්ව ඇති මොහොතක ඉදිරිපත් කිරීමේ බන්දුල ගුණවර්ධනගේ සැලැස්ම වූයේ ජනතාවට මාතෘකාවක් සැපයීමයි. එහෙත් එය පාරා වලල්ලක් වීම වැලැක්විමට නොහැකිව ඇත්තේ යෝජනාව ඉදිරිපත් කළ  ශම්මි සිල්වා නිහඩව සිටීම හේතුවෙන්. ක්‍රිකට් ආයතන ලිපිශීර්ෂය භාවිතා කරමින් මාධ්‍ය වෙත නිකුත් කළ පැහැදිලි කිරීමේ කිසිදු වගකිවයුත්තෙක් අත්සන් කර හෝ නම ලබා දී මොතිබීම හේතුවෙන් මෙය කුමන්ත්‍රණයක් බව තහවුරු වනවා. මෙම කුමන්ත්‍රණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රභල සාමාජිකයෙක් මුදල් හා වරප්‍රසාද ශම්මි සිල්වාට ලබාදී ඇතැයි වාර්තා වනවා. ඔහු තිලංග සුමතිපාලගේ ක්‍රිකට් අනාගතය තහනම් කිරීමට මුල් වූ අයෙක් ලෙස අපට ඉගියක් ඔබට ලබාදිය හැකියි.

    මෙම ක්‍රීඩා පිටිය සදහා මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදෙන බව ශම්මි සිල්වා මෙන්ම උගුලට හසුවූ බන්දුල ගුණවර්ධනත් කියා සිටියා. ආන්ඩුවේ හා ක්‍රිකට් ආයතන මෙම තීරණය, හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හා අර්ජුන රණතුංග මෙන්ම රොෂාන් මහානාමත් විවේචනය කර තිබෙනවා. එසේ තිබියදී ආන්ඩුව බේරා ගැනීමට එක්වූ උදය ගම්මන්පිල මේවන විට දැඩි මහජන විරෝධයකට ලක්ව සිටිනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ක්‍රීඩා පිටිය තමන්ගේ යෝජනාවක් නොවන බව ප්‍රකාශ කර අවසන්. එම හඩපට අහන්න පහත රූපය ක්ලික් කරන්න.

    බහුතර සිංහල ජන්ද සමග පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ මීලග රැල්ල බවට පත්වුණා. මහින්ද රාජපක්ෂ දිනා සිටි කීර්තිය කෙටි කලකින්ම ගෝඨාභය දිනා ගැනීමට සමත්වුණා. එහෙත් කොරෝනා හා ඇමතිවරු කෙලින පිස්සු සමග එය හීන වෙමින් ඇති යුගයක විපක්ෂයේ ගේමට ඇමතිවරු හසුව තවදුරටත් අපකීර්තියට පත්කරන්නේ ජනාධිපති දිනාගත් එම කීර්තියයි.

    ගේම් නම් ගේම්. මේවනේ සුපිරි ගේම්.


    පෙර ලිපි.

    හෝමාගම ක්‍රීඩා පිටිය ගැන අසත්‍ය නිවේදනයක් - බන්දුලගේ ලීක්වූ හඩපටය


    ජනපති අණින් හෝමාගම ක්‍රිකට් සැලසුම් නවතී ? Exclusive









    No comments