• Breaking News

    ක්‍රිකට් මගුල් සක්වල ලිංගික අල්ලස් | ශම්මි ලබ්බට තියපු අත පුහුලට තියයි ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාලට සහය ලබාදෙන ලේකම්වරියක් ලෙස හදුනාගෙන ඇති ගයාත්‍රී සේනාරත්න ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඇය තිලංග පාර්ශ්‍රවයේ මීලග සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වාගේ ලේකම්වරිය ලෙස කටයුතු කරනවා. ක්‍රිකට් ආයතන තොරතුරු එලියට යන්නේ ඇයගෙන් බවට සැකයක් මතුව තිබීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. එමෙන්ම තිලංග පාර්ශ්‍රවයට අනතුරු ඇගවීම එහි ප්‍රධාන අරමුණ බව සදහන්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාලගේ කර මතින් පැමිණ සභාපති වූ ශම්මි සිල්වා මේ වන විට තනිව රජවීමේ සිහිනය සැබෑ කරගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. නයි මුගටි සටන සිහියට නැගෙන සිදුවීමක් බවට එය පත්ව අවසන්. මේ සදහා ඔවුන් පසුගියදා පෙරහුරුවක් සිදුකළා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් භාරව සේවය කළ කාන්චනා හෙට්ටිආරච්චි එලියට දමමින්. එහිදී කිසිදු ප්‍රථික්‍රියාවක් සිදු නොවීම හේතුවෙන් තිලංග පාර්ශ්වයට සහය දෙන ක්‍රිකට් සේවකයන් සූක්ෂමව ඉවතට ඇද දමා සිය හෙංචයියන් රිංගවීම ශම්මි සිල්වාගේ අරමුණයි.

    අවසන් වරට ඉවත් කළ කාන්චනා හෙට්ටිආරච්චි ක්‍රීඩක සබදතා / තරගාවලි කළමනාකරණය / ජාතික , A, 19 න් පහල හා කාන්තා ක්‍රිකට් ඇතුලු පහසුකම් සැපයීම් රැසක් සිදුකළා. ඇයට මාස 6 ක සේවා දිගුවක් ක්‍රිකට් විධායක කමිටුව ලබාදී තිබියදී එම ලිපිය ලැබීමට පෙර මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස් ඇයට දැනුම් දී තිබුනේ සේවයට පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඔහුට ලිංගික අල්ලස් ලබාදීම ප්‍රතික්ෂේප කළ සුළු සේවිකාවක් සේවයෙන් පහකළ ආකාරය අප අනාවරණය කළා ඔබට මතක ඇති.

    ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ලෙස තනේෂ් ඩයස් කටයුතු කිරීම නීති විරෝධී බව විධායක කමිටු සාමාජිකයෙක් lankasportsnews වෙත කියා සිටියා. සභාපති ශම්මි නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ ලේකම් වූ ඔහුව මෙම තනතුරට බදවාගෙන ඇත්තේ කිසිදු පිලිගත් ක්‍රමයකට අනුව නොවේ. රුපියල් බිලියන ගණන් හුවමාරු වන ආයතනයක මානව සම්පත් කළමනාකරු මෙලෙස ගොට්‍ට අල්ලන්නෙක් පත්කර ඇත්තේ සිය අවශ්‍යතා ඉටුකර ගැනීමටයි. ශම්මි සිදුකරන දූෂණ අක්‍රමිකතා එලියට යාම වැලැක්වීම තිලංග පාර්ශ්‍රවයේ ලේකම්වරියන් ඇතුලු සේවකයන් දොට්ට දැමීමේ අවශ්‍යතාව වනවා.

    මේ අතර ඔහු යෝජනා කර අමාරුවේ දැමූ බන්දුල ගුණවර්ධන වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල සිය ප්‍රකාශයට කණගාටුව පළකර තිබෙනවා. මේ අතර නාමල් රාජපක්ෂ හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක්ද වන මහින්දානන්ද අලුත්ගමගේද හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා පිටිය විවේචනය කරමින් අදහස් පළකර අවසන්. හිටපු ක්‍රිකට් නායකයින් වන මහේල ජයවර්ධන / අර්ජුන රණතුංග මෙන්ම රොෂාන් මහානාමත් එය විවේචනය කර තිබෙනවා.









    සබැදි පෙර ලිපි

    කොරෝනා අස්සේ ලිංගික අල්ලස් හා දොලපිදේනි පිදූ ක්‍රිකට් ලොක්කෝ



    නිවාඩු දවසට මගුල් නටන්න වැටුප් එක්ක ලේකම්වරියන් ගෙන්වන ක්‍රිකට් ආයතනය - Video



    ක්‍රිකට් ආයතන ගැටළුවක් - නිලධාරීනියක් වසබොයි



    ගොනෙක් තප්පුලයි - ක්‍රිකට් ආයතනය හත්පොලේ ගා ගනී



    මගුල් සක්වල අලුත් තනතුර - හොදම කෙසෙල් කන්නී





    No comments