හෝමාගම ඉදිකිරීමට සැලසුම් කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය අතහැර දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කළා. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් සමග අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකින් පසුවයි. එහිදී තීරණය වුනේ මාසයක් තුල ක්‍රිකට් ගොඩනැංවීමට ක්‍රියාකාරී ජාතික සැලැස්මක් සකස් කිරීමටයි. එහි වගකීම ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුමට පැවරුවා. ඒ මෙම හමුවට පැමිණි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා අනෙක් හිටපු හා වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් / පරිපාලකයන් මෙන්ම විශේෂ හැකියාවක් ඇති අය එක්කර ගනිමින්.
කැපී පෙනෙන සිදුවීම වූයේ මෙම ක්‍රිකට් අනාගතය පිලිබද තීරණය කිරීමේ හමුවට මෙරට නීතියෙන් ක්‍රිකට් පරිපාලනය තහනම් කර ඇති හිටපු සභාපති තිලංග සුමතිපාල පැමිණීම පමණක් නොවේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රීඩා පිටියට ඇතුලුවීම ඇතුලු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනමට ලක්ව සිටින හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියත් ඊට එක්ව සිටීමයි. එහෙත් ශ්‍රී ලංකාව දිනාගත් එකම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට නායකත්වය ලබාදුන් මහින්දගේ ඔඩොක්කුවෙන් විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගට මෙම හමුව දැනුම් දී නැහැ. එසේ තිබියදී තිලංග සුමතිපාල මෙම හමුවට පැමිණීම ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා එහි සිටි නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න කර තිබුණා. එවිට ඔහු පවසා ඇත්තේ එහි ලැයිස්තුව අග්‍රාමාත්‍ය කාර්යයාල නිලධාරීන් සකස්කළ බවයි.
මේ අතර මෙම හමුවට පැමිණි ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා හා වසර නවයක් ප්‍රධාන විධායක නිලධාරී ලෙස සිටින ඈෂ්ලී ද සිල්වා වචනයක් හෝ කතානොකර පිටව ගියා. එහි සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් Lankasportsnews සමග මේ පිලිබද අපූරු කතාවක් කියා සිටියා. ඔහු කියා සිටියේ ඈෂ්ලී සුපුරුදු ලෙස මපට් කෙනෙක් ලෙස ඔලුව සොලවමින් සිටි බවයි.
එහිදී මෙලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අදහස් පළකළා.
මහේල ජයවර්ධන -
මධ්‍යම පළාත තුල පාසල් 50 ක් ක්‍රිකට් ක්‍රීඩා කළත් එම පළාතට ඇත්තේ තණතීරු සහිත ක්‍රීඩා පිටි 4 ක් පමණයි. බස්නාහිර පළාත් පාසල් 169 ක් ක්‍රීඩා කළත් තණතීරු සහිත ක්‍රීඩා පිටි ඇත්තේ 18 ක්. එක් තණතීරු සහිත ක්‍රීඩා පිටියක් ඇති උතුරු පළාතේ පාසල් 26 ක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. සබරගමුව පළාතට එකම තණතීරු සහිත ක්‍රීඩා පිටිය හෝ නෑ. වයඹ පළාතේ පාසල් 41 ක් ක්‍රීඩා කරන අතර තණතීරු සහිත ක්‍රීඩා පිටි 3ක් තිබෙනවා. තණතීරු සහිත ක්‍රීඩා පිටි 2 ක් ඇති දකුණු පළාත තුල ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් ගණන 50 ක්. එහෙත් මේ කිසිදු පාසලකට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස්කළ තණතීරු භාවිත කිරීමට ලැබෙන්නේ නෑ. කොටින්ම පළමුපෙල ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 9 කට තණතීරු සහිත ක්‍රීඩා පිටි නොමැති බව ඔහු පෙන්වා දුන්නා. ඊට පසුවයි ඔහු අගමැති මහින්දගේ මූණ හතරැස් වෙන ප්‍රකාශය කළේ.
පසුගිය වසර 15 / 20 පුරාම පිට පළාත් ක්‍රිකට් නැංවීමට රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිවක් කළේ නෑ. අවසන් වසර 4 හැර එම කාලය පුරාම මහින්ද රාජපක්ෂ ජනාධිපති හෝ අගමැති ලෙස කටයුතු කළා.
මෙම ක්‍රීඩා පිටිය සදහා ඇමරිකා ඩොලර් මිලියන 40 ක් වැය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ICC ණයක් අරන්. ඔවුන් ඒ ණය සීයට 3/4 ට දුන්නත් ලොකු අවුලක්. මාසෙට රුපියල් මිලියන 5 ක් විතර ගානේ වසර 10 ක් 15 ක් ගෙවන්න වෙයි. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිව්වහම ලොකු වටිනාකමක් නෑ. ඉතින් රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කර හෝ මෙවන් මුදලක් ගෙවන්න බැරුව රටම අමාරුවේ වැටෙනවා. ඉතින් මෙවන් ක්‍රිඩා පිටියකට කලින් තරග දිනන හොද කණ්ඩායමක් හදල ඉන්න.
රොෂාන් මහානාම -
අපි ක්‍රිකට් ලෝක කුසලාන දෙකකට සම සත්කාරය දුන්නේ මෙම ක්‍රීඩා පිටි එක්ක. ඉතින් රටට ඕන ජාතික සැලැස්මක්. එන එන පාලකයෝ එක එක සැලසුම් අනුව භාගෙට වැඩ කරපුවා රැසක් තියෙනවා. ක්‍රිකට් දියුණු කරන්න විනිවිධ භාවයෙන් වැඩ කරන්න.
කුමාර් සංගක්කාර -
බංග්ලාදේශයේ ජනගහනය ලංකාවට වඩා වැඩියි. ක්‍රීඩා පිටි අඩුයි. එහෙත් ඔවුන් ඉතා වේගයෙන් දියුණුවන ක්‍රිකට් රට බවට පත්වෙලා. අපි මුදලට තරග පාවාදීම් අතින් ලෝකේ එක වෙලා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි පාලක මණ්ඩලයට ඕනේ නෑ. ලෝකේ කිසිම රටක එහෙම නෑ. බලය විමධ්‍යගත කරලා ප්‍රාන්ත තමයි ඒවා පාලනය කරන්නේ. ලංකාවේ තමයි ගොඩම බදාගන්න හදන්නේ. බලය විමධ්‍යගත කරන්න. වැසි කාලයට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හෝ ක්‍රීඩා කිරීමට ගෘහස්ථ පුහුණු ස්ථාන හදන්න. 2012 හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා පිටිය හදලා ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් වුණා. එහෙම එකක් ආයේ හදල ක්‍රිකට් විතරක් නෙමෙයි රටම බංකොලොත් කටන්න එපා.
සනත් ජයසූරිය -
පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරල අපි ආවේ. පාසල් ක්‍රිකට් බින්දුවටම වැටිලා. ඒක හදන් නැතුව මේ මොනව කළත් වැඩක් නෑ. ක්‍රිකට් ගොඩනැගීමට මීට වඩා හොදින් සැලසුම් කරන්න ඕන. එහෙම ප්‍රශ්න රැසක් තියෙද්දී මෙලෙස ක්‍රීඩා පිටි හදන්න සල්ලි වියදම් කරන එක ගොංකමක්.
තිලංග සුමතිපාල -
පාලක මණ්ඩලය / ක්‍රීඩා සමාජ හා පාසල් ක්‍රිකට් කෑලි කැඩිල වගේ වෙන්වෙලා. මේ සියල්ල එක්වෙන්න ඕන. ක්‍රීඩා සමාජ සදහා තවත් සම්පත් දෙන්න ඕන.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ -
පරණ, අලුත් පාලකයොයි ක්‍රිකට් ක්‍රීඩකයනුයි මේ ගැන විශේෂ දැනුමක් තියෙන අයයි ඔක්කොම එකතු වෙලා මාසෙකින් මට සැලැස්මක් හදල දෙන්න. කොහොමද ක්‍රිකට් සංවර්ධනය කරල ප්‍රචලිත කරන්නේ කියල. ඒකට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම මූලිකත්වය ගන්න. ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියල. මේක දැනට නවත්තන්න. ඒ සැලැස්මට අනුව අපි ඉස්සරහට යමු.
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය සෑදීම සදහා සැලසුම් සකස් කිරීම පළමුව හේතු සහිතව විවේචනය කළ පළමු මාධ්‍ය වන්නේ අප වෙබ් අඩවියයි. මෙය බන්දුල ගුණවර්ධන හරහා කිරීමට උත්සාහ කරන්නේ රජය අපකීර්තියට පත් කිරීමේ සැගවුණු උවමනාවකට අනුව බව අප පෙන්වා දුන්නා. එමෙන්ම මෙම යෝජනාව අනුමත වුවහොත් රජය දිනා ගැනීම කොමිස් කුට්ටි පහසුවෙන් සාක්කුවට වැටෙනවා. එහෙත් වයිමා වයින් කල බෝනික්කෙක් කළ සමාජ මාධ්‍ය දැඩි ප්‍රහාරය හමුවේ එම යෝජනවා මෙලෙස තාවකාලික පසුභෑමකට ලක්වුණා. කොරෝනා හමුවේ කොරවී සිටි ජනතාවට ලබාදුන් තවත් ආතල් එකක මද විරාමයයි මේ හිමිව ඇත්තේ. ඒබව අප ඉදිරියේදී හඩපට සහිතව අනාවරණය කිරීමට සූදානම්.
ගේම් නම් ගේම්. මේවනේ සුපිරි ගේම්.
පෙර ලිපි

No comments:
Post a Comment