ක්‍රිකට් කූඩැල්ලෝ - එල්ලෙයි - මෙන්න ලේ බොයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ලබන වසරේදී නිෂාන්ත රණතුංග සමග එක්ව නිලවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ ශම්මිට සභාපති වීම සදහා පාර කපා දරදිය ඇද්ද තිලංග සුමතිපාල සමග උරණ වී සිටීම හේතුවෙන්. මේ අනුව මෙවර ප්‍රතිවාදී අපේක්ෂක පාර්ශ්‍රවයේ කටයුතු කළ නිශාන්තගේ හිත දිනා ගැනීමට ශම්මි මුදල් විසිකරමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔහු නිශාන්ත රණතුංග සභාපතිධූරය දරන කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට මුදල් ලබාදෙන්නේ සියල්ලන් මවිත කරමින්.
ශම්මිගේ අවශ්‍යතාව තේරුම් ගත් නිශාන්ත ඒ සදහා කූට ලෙස සිය කමිටු සාමාජික ශේන් ප්‍රනාන්දුව යොදවා ඇත්තේ සම්බන්ධීකරණ නිලධාරී ලෙසයි. ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ශේන් අමතක කර නැහැ. කලක් ඔහු වයස 19 න් පහල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය කළමනාකරු ලෙසත් කටයුතු කලේ 2011 වසරේදීයි. ඒ එවක ක්‍රිකට් ආයතනය ලේකම් ලෙස නිශාන්ත රණතුංග කටයුතු කළ සමයයි. ක්‍රිකට් ආයතනයට මෙවර ඔහු රිංගීමට සූදානම් වන්නේ නව තනතුරක් නිර්මාණය කර ගනිමින් බව වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩක කළමනාකරු ලෙසයි.
ශේන් එලෙස තමන් වෙනුවෙන් නව තනතුරු නිර්මාණය කර ගනිද්දී තමන්ගේ ක්‍රීඩා සමාජය අමතක කර නෑ. ඒ ශම්මි සිල්වා තමන්ට ලබාදුන් කොන්ත්‍රාත්තුව හා නිශාන්ත රණතුංග ලබාදුන් උපදෙස් වලට අනුව යමින්. මේ අනුව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 500 ක් වෙන්කර තිබෙනවා. එහි කොටස් කිහිපයක් මේ වන විටත් ගෙවා අවසන්. ඒ කිසිදු ඉදිකිරීමක් හෝ සංවර්ධනයක් නොමැතිවයි. මේ අතර ඊට අමතරව කොරෝනා හේතුවෙන් ක්‍රිකට් ආයතනය බෙදූ රුපියල් ලක්ෂ 15 ක්ද ඔවුන්ට හිමිවුණා.
ක්‍රිකට් ආයතනය සූදු පිටියක් වූ බව ඔබ දන්නවා. දැන් ඊට සූදුවලින් එහාට ගොස් රාත්‍රී සමාජ ශාලාවක සම හිමිකාරීත්වය දරණ ශේන් ප්‍රනාන්දු පැමිණීමෙන් පසු සියල්ල සම්පූර්ණ වනවා. මේ ක්‍රිකට් කූඩැල්ලෙක් එක පිරිසක් පමණයි. ක්‍රිකට් වෙනුවෙන් ඇති ආදරය කෙතරම්ද කියතොත් කෙසේ හෝ ක්‍රිකට් ආයතනයට රිංගා ගන්නවා. ඉන්පසු එහි සාරය උරා බොන්නේ කූඩැල්ලන් ලේ උරා බොන්නාක් ලෙසයි. අනතුර බඩ පුරවන් වැටෙනවා. ආයෙත් වෙනත් වටයකින් එල්ලෙනවා. මෙවන් තිරය පිටුපස සිටින අනෙක් කූඩැල්ලන් පිලිබද අනාවරණය ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.
සියල්ලන් මෙලෙස ක්‍රිකට් සාරය උරා බොද්දී ඒ වෙනුවෙන් කැපවන ක්‍රීඩකයන්ට ඉතිරි වන්නේ රොඩ්ඩ පමණයි. එම ක්‍රීඩකයන්ට පහසුකම් සපයන ක්‍රිකට් ආයතන සේවකයෙක්ට සිදුවන්නේ උඩ බලන් හීල්ලීමටයි. සියල්ල මෙසේ සිදුවීමට ඉඩදී බලාසිටින රජයන්ට අවසානයේ ජනතාව කීමට දෙයක් නැතුව යනවා නොඅනුමානයි. එවිට ක්‍රිකට් වංශකතාවට ඇතුලත් වනු ඇත්තේ ක්‍රිකට් ලෝක කුසලාන දිනා ලොවක් හෙල්ලූ කණ්ඩායමක් සිටි රටක්, ලොව දූෂිතම ක්‍රිකට් රටවී, මූල්‍ය වංචා හේතුවෙන් මෙලෙස සේදී ගොස් වියැකී ගිය බවයි.

No comments